(සුජිත් හේවාජුලිගේ )
කොළඹ දකුණ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතාද කොවිඩ් රෝග මර්දන පිළිබඳ තාක්ෂණික කමිටුවෙන් ඉල්ලා අස්විය.
මේ සම්බන්ධයෙන් අප විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවැසුවේ තමාගෙන් එම කමිටුවට සෙතක්වේ යැයි නොසිතෙන හෙයින් ඉන් ඉල්ලා අස්වූ බවය.
නිර්වින්දන සංගමයේ සභාපතිවරයා ලෙස තමා එම කමිටුවට සම්බන්ධවී වසර එකහමාරක පමණ කාලයක් නොකඩවා එහි කටයුතු කළ බවද හෙතෙම සඳහන් කළේය.
අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාද කොවිඩ් රෝග මර්දන පිළිබඳ තාක්ෂණික කමිටුවෙන් ඊයේ ඉල්ලා අස්විය.
කමිටුව ගන්නා ඇතැම් තීරණ වලට එකඟ විය නොහැකි හෙයින් තමා ඉන් ඉල්ලා අස්වන බව විජේවික්‍රම මහතා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාට සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අමාත්‍යාංශයේ ලේකම්වරයාට ඊ-මේල් පණිවුඩයක් යවමින් දැනුම් දී තිබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හුරේ.. ඕකට විශ්‍රාමික මේජර් ජෙනරාල් ලා කීප දෙනෙක් දා ගම්මුයි කියල අපි නම් මුල ඉඳල ම කීව..
දොස්තරලා නැති වුණාට මොළ 07 ප්රමුඛ, රත්තරන්, ප්‍රසන්න ඇතුළු කට්ටියට පුළුවන් වැඩේ අලකරගෙන ගරාගන්න... අඩුපාඩුවට එතනෝල් ජොනියත් ඉන්නවා.
මම නම් කියන්නේ උගත් මිනිස්සු කෙලින් තීරණ ගන්න එක හොඳයි. උගත්කම බල්ලට දාලා ලොක්කන්ගේ කකුල් ලෙවකනවාට වඩා... අන්තිමට ඩොක්ටර් සවේන්ද්‍ර විතරක් ඉතුරු වෙන්න ඕනෑ.
අපේ සර්ට තරහ ගියොත් එහෙම, ඉන්න කට්ටිය ඔක්කෝම අස්කරලා ආමි එකේ කට්ටිය දාලා ඕක දුවවන්න ඉඩ තියනවා. ෂවේන්ද්‍රට එක කෝල් එකයි දෙන්න ඕනෑ...
පුරවැසියන් වන අප නම් දන්නේ නැහැ... මොනවද මේ "ඇතැම් තීරණ" යන්න. කෙසේනමුත් අපේ බදුමුදල් වලින් ඉහළටම ඉගෙන ගෙන එසේ ඇතැම් තීරණවලට එකඟවීමට නොහැකි යයි කීම හෝ මගෙන් මෙම කමිටුවට වැඩක් නැහැ... වැනි නිදහසට කරුණු ඉදිරිපත් කිරීම නොව එම කමිටුවේ ඉඳිමින් අවැඩක් වේ නම් ඒවාට තම තමන්ගේ විරෝධයන් ඉදිරිපත් කිරීම නොවේද? තමන්ට ඔය තනතුරු නිකන් පහළ වූවා නොවේ... අහිංසක පුරවැසියන්ගේ බදුමුදල් විසින් මේ සියල්ලම තමුන්ට ලබාදුන්නේද යන්නවත් අමතකවීම කණගාටුවකි...
පිස්සොත් එක්ක බැහැ මිනිස්සුන්ට වැඩ කරන්න...!
උගත් නම් මේ වෙලාවේ කරන්න ඕනෑ ... අයින් වෙන එක නෙමෙයි.., තමන්ට පුළුවන් විදිහට සහය දෙන එක...
විශේෂඥ වෛද්‍යතුමාට අවුරුදු එකහමාරකට පස්සේ හරි මොලේ පෑදුණා. මේ කමිටුවේ ඉන්න අනිත් මාහාචාර්යවරුන්ට හා විශේෂඥ වෛද්‍යවරුන්ට තාම මොලේ පෑදිලා නැහැ...
8 පාස් මිනිස්ස ගන්න වැරැදි තීරණ සහ කරන හොරකම් දිගින් දිගටම අනුමත කළොත් තමන්ට ඉදිරියේදී පත්වෙන කොමිසම් වලට වග උත්තර බැඳීමට සහ සමහර විට හිරේ යාමට පවා සිදුවන බව දන්න නිසා අස්වෙනවා වෙන්න පුළුවන්...
මතකද අමෙරිකාවෙ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්. වෛද්‍ය අංශවල නිර්දේශ සත පහකට ගනන් ගත්තෙනෑ. කොරෝන කියන්නෙ ප්ලූ එකක් කියල නිකම්ම හිටියා. අන්්තිමට රෝගීන් වගේම මරණත් ඉහලගියා. දැනටත් අමෙරිකාව කොවිඩ් නිසා අමාරුවෙ වැටිල. අන්තිමට ට්‍රම්ප් මේ නිසාම ජනාධිපතිවරණයත් පරාජය වුනා. ඉතුරු කොටස කාට කාටත් හිතා ගැනීමට ඉඩ තබමි.