(සුජිත් හේවාජුලිගේ )
මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සහ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ඇතුළු තිදෙනකු කොවිඩ් මර්දන තාක්ෂණ කමිටුවෙන් ඉවත් වුවත්ඔවුන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෙනුවෙන් දායකත්වය දිගටම දක්වන බව ප්‍රාථමික සෞඛ්‍ය සහ කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.
මේ අතර සංචරණ සීමා පණවා එක් ප්‍රභේදයක් පාලනය කළත් තවත් අලුත් සැර ප්‍රභේද වරින් වර මතුවිය හැකි බවත් පවතින තත්වය තේරුම් ගෙන ජනතාව කොවිඩ් සමග ජීවත්වීමට හුරු පුරුදු විය යුතු බවත් ඇය සඳහන් කළාය.
අද ලෝකයේ බොහෝ රටවල් ලොක්ඩවුන් තත්වයට නොයන බව පැවසූ ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය චෝදනා කිරීමෙන් වැළකී කොරෝනා පරාජය කිරීමට සියලු දෙනා එක් විය යුතු බවද පැවැසුවාය.
මේ පවතින්නේ චෝදනා කර කර ඉඳීමට කාලයක් නොවේ යැයිද විශාල අර්බුදයක් තිබෙන අවස්ථාවක සමහරු ෂර්ලොක්ලා වගේ මස් රාත්තලම ඉල්ලීම වැරදියි යැයිද ඇය කීවාය.
එන්නත්වලට ලොකු ඉල්ලුමක් ඇතිවී ඇති වී තිබෙන හෙයින් සමහර ස්ථානවල ලොකු තදබදයක් පවතින බව පැවසූ රාජ්‍ය ඇමැතිවරිය එවැනි ස්ථානවල ජනතාව සෞඛ්‍ය නීති හරියාකාරව පිළිපැදිය යුතු බවද සඳහන් කළාය.
පශ්චාත් කොවිඩ් රෝගී තත්වයන් සම්බන්ධ තොරතුරු සායනික වෛද්‍යවරුන් ලබාදිය යුතු බවද විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ වෙනුවට විශේෂඥ වෛද්‍ය ශවේන්ද්‍ර, විශේෂඥ වෛද්‍ය වීරවංශ සහ විශේෂඥ වෛද්‍ය ලන්සාව පත්කරන්න ආණ්ඩුවට ඕන විදිහට වැඩේ ගෙනියාවි..
ෂර්ලොක් නෙවෙයි අනේ ෂයිලොක්!
ලංකාවේ කොහොමටත් ඔය අංශවල ඉන්න අයගේ පොඩ්ඩක් අධිමානසිකත්වය පාලකයෝත් එක්ක වැඩ කරනකොට හැප්පෙනවා. නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන රටට තමන්ගේ යුතුකම මගහරිනවා.
මේ වෛද්‍යවරුන් තාක්ෂණික කමිටුවෙන් නිකන් ආවට ගියාට ඉවත්වෙන්නේ නැහැ.
ඉවත්ව යන ඕනෑම කෙනෙකුට ඉවත් වෙලා යන්න දෙන්න. ඔය තනතුරු දරන ඉහළ වෛද්‍යවරු කලේ එක එක ප්‍රභේද හොයා ගත්තා කියලා තමන්ගේ නම ප්‍රසිද්ධ කර ගැනීම පමණයි. ඇත්තටම රජයේ රෝහවල සේවය කරන හිත හොඳ දොස්තර මහතුන් විශාල පිරිසක් කොරෝනා රෝගීන් සමඟ පොර බදා ජීවිත රැකදෙනවා. ඒ අය උදේ හවස ටී.වී වල කෑ ගහන්නේ නැහැ. රෑට ප්‍රවෘත්ති බලනවිට මේ වෛද්‍යවරු එකිනෙකා දොස් කියන්නේ රටේ ජනතාවටද කියලා හිතෙනවා... එයාලා කරන්නේ නැතිව අපට කියනවා. එම නිසා කොරෝනා ලෝකයම වෙලාගෙන ඉවරයි. තව තව ප්‍රභේද ගැන මේ රටේ ජනතාවට අවශ්‍ය නැහැ. මේක වසංගත රෝගයක්... මෙය බාරව ඉන්නේ ගමේ සිට නගරය දක්වාම මහජන සෞඛ්‍ය පරීක්ෂක වරු ඒ අය නියම විදියට රාජකාරි කරනවා. තව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කණ්ඩායමක් අළුතින් බඳවා ගන්න. ඔය ලොකු දොස්තර මහත්වරුන් පෞද්ගලික රෝහල් වල බෙහෙත් දෙන්න යවන්න. පොඩි දොස්තර මහත්වරුන්ගෙන් නිසි දේ සිදුවනවා. කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරකර ඉන්නේ උගත්කම වැඩි වුණාම. එම නිසා රෝගය බෝවීම අවම කරගන්න දැන් ජනතාව හොඳටම උනන්දු වෙනවා. ජනතාවට කන්න බොන්න නැතිව ඉදරියේදී මැරෙනවා. රජයේ නිලධාරීන් වැටුප ගන්නවා. 2000 වත් තවම නොලැබුණු පිරිස් විශාල පිිරිසක් ඉන්නවා. රට අරින්න...
1 ට 4 වැටෙන ආකාරයට පද්ධතිය සකසා ඇති ස්වාධීන යැයි මම මෙතෙක් සිතා සිටි මෙම ජනමාධ්‍යට අදහස් දක්වමින් කාලය නාස්ති නොකරමි...
ඇමතිතුමියනි, ඔබ කියපු තිදෙනාම අස්වුනේ කමිටුවෙන් පමණයි කියලා තවමත් පාසල් යන මමත් දන්නවා... ඒ සියලු දෙනාම රැකියාවෙන් අස්වුණා කිව්වේ නැහැ. ඔබතුමිය හිතන්නේ මේ රටේ ඉන්නේ කොණ්ඩේ බැඳපු චීන්නු කියලාද?
එක එක දේශපාලන මරි මෝඩයන්ට ඕනෙ විදිහට තීන්දු ගන්න ගියාම මිනිස්සු ඉවත් වෙන එක සාදාරණයි.
මෙතුමියත් නිකන් විහිළුවක් වෙලා... ඔහේ දොඩවනවා..
3 දෙනෙක් ඉවත් වුණාම මොකද? ඔය ඕනෑතරම් ඉන්නේ.. ඔයවගේ කවුරු හිටියත් මැරුණු මිනිස්සු මැරුණා.... පහුගිය කාලෙම මැරුණු අහිංසක මිනිස්සුන්ගේ ජීවිතවලට කමිටුවත්, කමිටුව පත්කළ අයත් වගකියන්න ඕනෑ... කමිටුව කියන දේ ඇහුවේ නැතිනම් එදාම අයින් වෙන්න තිබුණා. දැන් 10000ත් පැනලා මැරිලා... ඒවට කවුද දැන්වග කියන්නේ...? හැමෝම බබාලා වගේ හැසිරුණාම කොරෝනා නෙවෙයි හෙම්බිරිස්සාවෙනුත් මැරෙනවා.
වෛද්‍යවරුන්ට ඇති පීඩනය ඉතා ඉහළයි... කලින් විශේෂඳ වෛද්‍යවරුන් රෝහල් සේවය නිමවූ පසුව ඔවුන් කෙලින්ම ගියේ පුද්ගලික රෝහල් කරා. ඒවයේ ලෙඩුන්ද තම විශේෂඳ වෛද්‍යවරයා එනතෙක් ආසන වල වාඩීවී ප්‍රධාන දොරටුව දෙස බලා උන්නා, ඇස් රිදෙන කම්. සාමාන්‍ය වෛද්‍යවරුන් නම් කෙලින්ම ගියේ ගෙදර..... පසුව තම ඩිස්පෙන්සරිය වෙත ගියා. ඒවායේ ද අංක ලබාගත් ලෙඩුන් පෙර මග බලා සිටියේ තම වෛද්‍ය තුමා එනකං.... දැන් ඒ රටාව වෙනස් වෙලා....... කොරෝනා රෝගීන් වෙනුවෙන් වැඩි කාලයක් රෝහලේ රැඳෙන්න සිදුවෙලා. කොරෝනා නොවන රෝගීන්ට ප්‍රතිකාර කිරමේ අවස්ථාව අවම වෙලා... ලෙඩුන් ද අසරණ වෙලා. යතාර්තය එය විය හැකියි....
තාක්ෂණික කමිටුවට ඉදිරියේදී බැඳෙන සාමාජිකයින් පහත උපදෙස් පිළිබඳව අවබෝධයෙන් කටයුතු කළ යුතුයි. ඉදිරියේදී පෞද්ගලික හේතුමත අස්වීමට බලාපොරොත්තුවන්නේ නම් මෙම කමිටුවට බැඳීමෙන් වළකින්න. මක්නිසාද යත් ඔබ වෙනත් කාර්යක්ෂම පුද්ගලයකු මෙම ව්‍යසනයේදී පූර්ව අපේක්ෂණය කර ගන්නා පරිපූර්ණ තීරණයකට ඒමට අවස්ථාව නොදෙන බැවිනි. කමිටුවක් යනු පුද්ගලයින් කිහිප දෙනකුගේ සාමූහික අදහසක් බවත්, තමාගේ අදහස හැමවිටම කමිටුවකින් ක්‍රියාත්මක නොවන බවත් තේරුම්කර ගන්න. මෙම කමිටුවෙන් ඉල්ලා අස්වීමට ඕනෑම සාමාජිකයකුට අයිතියක් ඇතත්, එම සාමාජිකයා ශ්‍රී ලාංකික ජනතාවට වගකිව යුතු බැවින් පැහැදිලිව හේතු දක්වන්නේ නැතිව ඉල්ලා අස්වීම තමාගේ අකාර්යක්ෂම භාවය හෝ ඍජුභාවය නැති බවත් කමිටු සාමාජිකයා තේරුම් ගත යුතුයි. කමිටු තීරණ සාර්ථක වනවිට එහි ගෞරවය ලැබීමටද, තමා ගත් තීරණ වැරදි වූ විට වගවීමටද සිදුවන බවද, එය අනාගතයේදී කෝවිඩ්-19 අවසන්වූ විට සිදුවන පශ්චාත් විශ්ලේෂණයකදී සිදුවන්නක් බවද තේරුම් ගන්න. ඔබගේ සාමූහික තීරණය රජය විසින් ක්‍රියාත්මක කරනුයේ සෞඛ්‍ය අංශයේ කෝණය පමණක් සැලකීමෙන් නොවන බවත්, ආර්ථික, සමාජයීය හා දේශපාලනික හේතුද සලකා බැලීමෙන් වන බවටද අවබෝධ කරගන්න.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින සෑම ගැටළුවකටම හේතුවී ඇත්තේ වෙද සංගම් මාෆියාවයි. ඒ මාෆියා කල්ලියට අවශ්‍ය වී ඇත්තේ මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවය විනාශ කොට එය පෞද්ගලික අංශයට භාර දීමටයි. දැනටමත් මේ කොරෝනා වසංගතය අස්සේ, පෞද්ගලික රෝහල්, සංචාරක හෝටල් කුලියට රැගෙන කරන ගසාකෑම ගැන ඔබ තුමිය දැනුවත්ද? හමුදාව කරනු ලබන එන්නත්කරණයට පවා මේ අය විරුද්ධ වෙන්නේ මොවුන්ට ඒ තුලින් ලාභ උපයා ගැනීමට නොහැකිවීමයි.
වෛද්‍යවරුන් මොකටද? කොරෝනා විශේෂඥ උදයංග වීරතුංග, ප්‍රසන්න රණතුංග, ගාමිණී ලොකුගේ... වගේ අය ඉන්නවනේ...!!!
දිවා රෑ කැපවෙලා වැඩ කරන දොස්තර මහත්වරු තව රටේ ඉන්නවා. වෙනසකට තියෙන්නේ රූපවාහිනි නාලිකාවලින් දකින්න නැති එක විතරයි.
නෝනා ඔය තුන්දෙනා ඇරුනහම වෙන කවුරුත් ඔය වැඩේ දන්නා කෙනෙක් ලංකාවේ හොයාගන්න නැතිද.?
මෙතුමියත් සමහරු කියන විදිහට විහිළුවක් බවට පත්වෙලා...
මෙය නිකුත් නොකෙරේ. ඔවුන්ට පෞද්ගලික හේතු ඇත. ඔවුන්ට එක පවුලක් සමඟ වැඩ කළ නොහැක.
ඔබට මෙම පවුලට වැඩ කළ නොහැක. විශේෂඥයා කළ දේම ඔබටත් කළ හැකිය. ඔවුන්ට පිටුපස අස්ථියක් ඇත.
ආනන්ද විජේවික්‍රම විශේෂඥවරයා ගැන නිවැරදි අවබෝධයක් ලබා නැති බව පෙනේ. 2003 වැනි වර්ෂවල ඩෙංගු රෝගය කිව්වම අප සියලු දෙනාටම මරණ භීතිකාව තිබුනා. නමුත් ආනන්ද විජේවික්‍රම මහතාගේ මුලිකත්වයෙන් ඩෙංගු කළමනාකරණය පිළිබඳ ව සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයම දැනුම්වත් කොට එම මරණිය බය අපගෙන් තුරන් කොට ඇත. අද, ඩෙංගු කීවාම ලංකාවේ ඕනෑම අයෙක් IDH රෝහල දෙසට එන්න බලන තත්ත්වයට එම රෝහල ගෙන ඒමට ඔහු ඇතුළු කාර්ය මණ්ඩලය සමත් වුනා.
ඔබතුමිය කියන දේවලුත් බලධාරීන් අහන්නේ නැහැනේ
ලංකාවේ ගුණමකුවන් වැඩි බව ඉහත ප්‍රකාශ වලින් තේරෙනවා.