(අංජුල මහික වීරරත්න)
ගරා වැටෙමින් තිබෙන ශ්‍රී ලාංකික ආර්ථිකය ගොඩනැගීම සඳහා පවතින එකම විකල්පය එක්සත් ජාතික පක්ෂය පමණක් බව පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි
කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා ද නිසි වැඩපිළිවෙළක් රට හමුවේ තැබුවේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බව කී නියෝජ්‍ය නායකවරයා රටට එවැනි බුද්ධිමත් නායකත්වයක් පත් කර ගැනීම දැන් බහුතර ජනතාවකගේ අපේක්ෂාව වී ඇතැයි ද සඳහන් කළේය.
රුවන් විජයවර්ධන මහතා මේ බව පැවසූයේ එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් සහ පක්ෂ නායකයන් අතර සූම් තාක්ෂණය ඔස්සේ පැවැති සාකච්ඡාවකදී ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එල්ලෙන්න වැලේ වැල් නැති මේ බුද්ධිමත් මෝඩයන්ට ජය වේවා..
දවල් හීන දකිනවා
මොනවා කියනවද. බලයෙ ඉන්නකම්ම රට ආර්ථික වශයෙන් කොච්චර නම් ගොඩ දැම්මද....
ඔව් ඒක ඇත්ත
හුරේ......මෙතෙක් කල් බුද්ධිමත් කතා කීමෙන් පෙරමුණ ගෙන සිටියේ අපේ අර..... පුතානෝය. එසේ නමුත් දැන් දැන් "මුන්දෑ" විසින් "උන්දැගේ" වාර්තාවන් අද හෙටම බිදහෙලනු නියතය..... කමෝන් විජේ මල්ලිට ජය වේවා......
ඔබ තුමන්ලාගේ වැරදි අඩු පාඩු හදාගෙන සවිමත් පක්ෂයක් ලෙස නැවත නැගී සිටින තුරු අප බල සිටිනවා .අපගේ සහයෝගයද උපරිමයෙන් දෙනවා
රටේ මහජනතාව අන්දන්න තමයි බලන්නේ. තවත් පීචං නොවී තරුණ නායකයෙකුට ඕක බාරදීලා... ගෙදර යන්න.
කටින් බතල කොළ හිටවනවා...
අපි මැරිලා ඉපදිලා නැහැ .2015 දී රටේ සංවර්ධන වේගය තිබුනේ 6%.ඒක ක්‍රමයෙන් 2%වෙනකම් අඩු කළා 2019 වෙනකොට .මේක 1948 න් පසු සිදු උන පළමු වතාව .රටේ යුද්ධයක් තිබුන කාලේවත් එහෙම උනේ නැහැ .ඔයාලා දැන් බලයේ හිටියනම් රටේ ජනතාවට වෙන දේ හිතා ගන්නවත් බැහැ .හොඳ වෙලාවට ජනතාව හරි තීන්දුවක් අරගෙන ඔයාලා සියලුම දෙනා ගෙදර යැවුවා
ඔහු බොහෝ විට නිවැරදි ය.
ආර්ථිකය ගොඩ දැමීම කොච්චරද කියනවා නම් රටේ ප්‍රධාන බැංකුවත් බංකොළොත් කරලා තමයි ගෙදර ගියේ...
ඉස්සර අවුරුදු 4 1/2ක්ම ආර්ථිකය මාර නැගිල්ලක් නැගලා පෙන්නුවේ නැතිද? මොකද නායකයා වෙනස් කරලද? නෑ එයාමනේ... ඉතින් මෙදාපාරත් ඒ විදිහටම නග්ගයි. ඡන්දෙන් දිනුවොත්...!
ඔව්. මේකේ අදහස් දාලා තියෙන අයට නොතේරෙන ඇත්ත තමා ඒක. මේ රට ගොඩ ගත හැක්කේ විවෘත ආර්ථික ක්‍රමයකින් පමණයි. එය හඳුන්වා දුන් එ.ජා.ප ට හැර වෙන කිසිවෙකුට එය කල නොහැකිය.
පක්ෂයේ සභාපතිට කියලා අැවන්ගාඩ් ආයුධ වලින්ද ශක්තිමත් වෙන්නේ?...
මොනවා කරන්නත් ඉස්සරවෙලා ඡන්දේ දිනන්න ඕන.