(රංජන් කස්තුරි)
සාමකාමී හා ප්රජාතන්ත්රවාදීව කටයුතු කරන දේශපාලන පක්ෂයකට බාධා කිරීමටවත් නීතිය අවභාවිතකරමින් කටයුතු කිරීමට වත් පොලිසියට හැකියාවක් නැතැයි මැතිවණ කොමිෂන් සභාව පොලිස්පතිවරයා වෙත ලිපියක් යවමින් සඳහන් කර තිබේ.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය මැතිවරණ කොමිෂන් සභාවට කරන ලද පැමිණිල්ලකට ප්රතිචාර දක්වමින් එම කොමිෂන් සභාව පොලිස්පති සී.ඩී.වික්රමරත්න මහතා වෙත එම ලිපිය යවා තිබේ.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්රියාකාරකයන් අත්අඩංගුවට ගන්නා බවත් එම පක්ෂයේ දේශපාලන කටයුතුවලට පොලිසිය නිතර නිතර බාධා හිරිහැර කරන බවටත් සඳහන් කරමින් එම පක්ෂය ඉකුත් අගෝස්තු මස 16 වැනි දා මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය නම් ඇත්ත ඒසේ වුනත් "ප්රජාතන්ත්රවාදි පක්ෂයක" යයි කියාගන්න අප රටේ තිබෙන පක්ෂ වැඩිපුරම සාමකාමී ජනතාවට අවහිර වෙන ලෙස හැසිරීම "මැතිවණ කොමිෂන් සභාව" අනුමත කරන්නේද ?
බාධා කරල මදි
අදමයි ඇහැව්වේ ලාංඡනය දෑකැත්තයි මිටියයි. අපි ප්රජාතන්ත්රවාදීලු.
"දෑකැත්ත" නියෝජනය වන්නේ මහජන දේපොළ තමන්ගේ අස්වනු ලෙස නෙලා ගැනීමය. මිටිය" නියෝජනය වන්නේ එසේ මහජන දේපොළ නෙලා ගැනීමට විරුද්ධ වන පුරවැසියනට සැලකීමටය. මෙම ලාංචනයේ නියම අර්ථය අප සියල්ලෝම 88,89 වකවානුවල හොදින් අත්වින්දා නොවේද ?.
දන්නෙ නැති නිසයි අහන්නේ. දන්න කෙනෙක් කියලා දෙන්න. එක්තරා කාලයක මැතිවරණයක් තියන්න වගකීම තියෙන අය ඒක වලක්වන්න දරපු උත්සාහයත් , මැතිවරණයක් නැති වසංගතයක් ඇති මේ වගේ කාලයක වසංගතය පාලනය කිරීමේ වැදගත්කම ට වඩා ආවේගශීලී දේශපාලන ක්රියාකාරකම්වලට මුල් තැන දීමට උනන්දු වීමත්, මේ අයගේ නොදැනුවත් කමද, නැත්නම් ඒක් ඒක් නීතිමය කරුණු අතර තියෙන ගැටීමක්ද.