
(ටී.කේ.ජී.කපිල)
ජපානයේ ටෝකිහි පැරාලිම්පික් තරගයේදී රන් සහ ලෝකඩ පදක්කම් දීනූ ක්‍රීඩකයන් දෙපළ ඇතුළු ශ්‍රී ලාංකික පැරාලිම්පික් ක්‍රීඩකයන්, පුහුණුකරුවන් සහ නිලධාරීන් අද සවස ජපානයේ නරීටා සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 455 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ .
ගුවන් යානයෙන් බැස ගත් ක්‍රීඩකයන් පිරිස කටුනායක ගුවන් තොටුපළ තුළ පිහිටි පී.සී.ආර්.පරීක්ෂණ මධ්‍යස්ථානය සදහා යොමු කෙරුණි .
එම පරීක්ෂණවල ප්‍රතිඵල ලද පසුව මෙම පැරාලිම්පික් පදක්කම්ලාභී මෙම ක්‍රීඩකයන් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරියේ දී විශේෂ උත්සවයක් පවත්වා ඔවුන් පිළි ගත්තේය.
මෙම උත්සවය සදහා ග්‍රාමීය හා පාසැල් ක්‍රීඩා යටිතල පහසුකම් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තේණුක විදානගමගේ, ක්රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් , ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය , ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයන් සහ ශ්‍රී ලංකා පැරාඔලිම්පික් ක්‍රීඩා කමිටුවේ සාමාජිකයන් ද ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටිති .



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උණූසුම් සුබ පැතුම් ජයවේවා
කොල්ලනේ .... නුබලාට අපගේ උණුසුම් සුබපැතුම්.... ඉදිරියේදීත් ලංකාමාතාවට ජයග්‍රහණ ගෙනඒමට නුබලාට හැකිවේව.!
ජාතික ගීය යනකොට ආපු හැඟීම විස්තර කරන්න බෑ.
ඔවුන්ගේ යුතුකම් උපරිමයෙන් කළා. දැන් අපේ යුතුකම් ඉටුකරමු. අනෙකුත් ක්‍රීඩකයොත් උනන්දු වෙන්න. ජය වේවා
උණූසුම් සුබ පැතුම් ජයවේවා
සුබ පැතුම් !...
අප රටේ දක්ෂ පුද්ගලයන් ඉන්නවා සෑම විෂයක් සම්බන්ධව. අප මේ සුබපැතුම් එක් කරන්නේ ක්‍රීඩා අංශයට. කාර්මික අංශවල ඉන්නවා ඉන්ධන රහිතව වාහන හදන දක්ෂතාවය තිබෙන පුද්ගලයින් හෙලිකොප්ටර් හදන දරුවන් ඉන්නවා. මේ වගේ සම්පත්වල අගය වටිනාකම හඳුනන රජයක් බිහිවේවා...!