
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම වෙප්පමඩුව ප්‍රදේශයේ එකම නිවසේ පදිංචිව සිටි මවක් හා දියණියක් කෝවිඩ් ආසාධනය වීමේන් මරණයට පත්ව ඇති බවත් ඊට දින දෙකකට පෙර මරණයට පත්වු පියාගේ සිරුර රහසේම වෙප්පමඩුව මුස්ලිම් සුසාන භුමියේ මිහිදන් කිරීම සම්බන්ධව පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය ලැබුණු පැමිනිල්ලකට අනුව විශේෂ පරික්ෂණයක් ආරම්භ කර ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි.
මෙසේ කෝවිඩ් ආසාධිතව මරණයට පත්ව ඇත්තේ පුත්තලම මන්නාරම මාර්ගයේ වෙප්පමඩුව පදිංචිව සිටි 51 හැවිරිදි සිත්ති අජීබා හා ඇගේ දියණිය බව කියන 37 හැවිරිදි ෆාතිමා සහානා නැමති එකම නිවසේ පදිංචි අය බව කියයි.
මෙම පවුලේ ගෘහ මුලිකයා වු 56 හැවිරිදි මොහොමඩ් නිස්තාර් නැමති අය හදිසියේම 4 දින මරණයට පත්ව ඇති බවත් ඔහු ප්‍රථිකාර ලබා ගත් පුත්තලම ආයුර්වේදයේ වෛද්‍යවරයාගේ උපදෙස් මත මෙසේ ප්‍රදේශය භාර ග්‍රාම නිළධාරියා දැනුවත් කිරීමේන් පසු වෙප්පමඩුව මුස්ලිම් සුසාන භුමියේ මිහිදන් කර ඇති බව කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබලා අදහන ආගම අනූව ස්වර්ගයට පැමිනේවා....
ඔබ අදහන දහමට අනුව ජිවත් වූයේ නම් නබිතුමාගේ දේශනාව අල්ලාහ් දෙවියන් ඉදිරියට පමුනුවාවී
ප්‍රතිකාර කරපු වෛද්‍යවරයා ගේ උපදෙස් පරිදි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිතුමා දැනුවත් කිරීමෙන් පසු මිහිදන් කරන ලදී නම් කොහොමද "රහසේම" වෙන්නේ ?