(සුජිත් හේවාජුලිගේ)
මේ රටේ ධනවත් ව්‍යාපාරිකයන් දේශපාලඥයන්,ප්‍රභූවරුන්, වෘත්තිකයන් කලාකරුවන් ඇතුළු මුල් පෙළේ කැපී පෙනුණු පුද්ගලයන් 80 කට ආසන්න පිරිසක් කොවිඩ් ආසාදනයවීමෙන් මේ දක්වා මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
මේ අතර ගායකයන්, රංගන ශිල්පීන් ඇතුළු විවිධ ක්ෂේත්රවල කලාකරුවන් 300කට ආසන්න පිරිසකට මේදක්වා කොවිඩ් ආසාදනයවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
සෞඛ්‍ය අංශ සඳහන් කරන අන්දමට කොවිඩ් ආසාදනයවූ මැති ඇමැතිවරුන් සංඛ්‍යාව 27කි.
කොවිඩ් ආසාදනයවීමෙන් මියගිය ප්‍රධාන පෙළේ පුද්ගලයන් අතර හිටපු අමාත්‍යවරයෙකුවූ මංගල සමරවීර, හිටපු කතානායකවරයකුවූ වි.ජ.මූ ලොකුබණ්ඩාර, සයිටම් විශ්ව විද්‍යාලයේ ප්‍රධානී ,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර නෙවිල් ප්‍රනාන්දු , කැපිටල් මහරාජා සමාගමේ සභාපති ආර් රාජමහේන්ද්‍රන්(කිලී මහරාජා), ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සංගීතවේදී සුනිල් පෙරේරා, යුද හමුදා පර්යේෂණ ව්‍යාපෘති සහ සංවර්ධන අංශයේ අධ්යක්ෂ බ්‍රිගේඩියර් එස්.ඩී උදයසේන, එල්ටීටීඊ සංවිධානයේ හිටපු භාෂා පරිවර්තක ජෝර්ජ් මාස්ටර් නොහොත් වේලුපිල්ලේ කුමාර් පංචරත්නම්, බස්නාහිර හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකුවූ ඩග්ලස් ප්‍රනාන්දු , රාගම රෝහලේ වෛද්‍ය ගයාන් දන්තනාරායන, නීතීඥ සමාගමේ සභාපතිනී නීතිඥ ගෞරි තවරාසා යන අයද ඔවුන් අතර වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එල්.ටී.ටී.ඊ භාෂා පරිවර්තක කොහොමද වී.අයි.පී ලිස්ට් එකට දැම්මේ
කොරෝනා කියලා වෙස්මුහුණක් දා ගෙන එන්නෙත් මරණය. මොන ජගතෙක් උනත්, මරණයෙන්, ජීවිතාවසානයෙන් ගැලවෙන්න බෑ. දුප්පත්, පොහොසත්, සාමාන්‍ය, බලවත්, ප්‍රසිද්ධ කියලා මරණය කිසි වෙනසක් කරන්නෙ නෑ. යන්න වෙලාවම ආපුවාම යන්න වෙනවා සියල්ල අත හැරලා දාලා. අද ලෝකයේ ගොඩාක් ප්‍රශ්ණ වල මුල් බීජය තමා, බහුතරයක් මිනිසුන් තමන් මැරෙන්නෙ නෑ කියන අදහසේ ඉඳන් වැඩ කරන එක.
වීජමූ ලොකුබණ්ඩාර මහත්තයත් නැතිවුනේ කෝවිඩ් හේතුවෙන් බව දැන නොසිටියෙමි.
දේශපාලකයින් කොහොමද ප්‍රභූ පැලැන්තියට වැටුනේ?
අපිට නම් මැරුනෙ මිනිස්සු විතරයි මහත්තයෝ .ඒකට ප්‍රභූද නැද්ද කියල වෙනසක් නෑ..හැබැයි ඔයාල ඒ දෙගොල්ලන්ටම සලකන්නෙ එකම විදියට නෙමෙයි කියල නම් අපි දන්නවා...
සාමාන්‍ය අයගේ මරණ එක්ක ගත්තම ප්‍රභූ පන්තියේ අයගේ මරණයේ විශේෂයක් තිබෙනවද?
කොරෝනා වලට ප්‍රභූ පන්තියක් කියලා නැහැ. කියන විදියට පරිස්සම් උනේ නැතිනම් බඩුම තමයි. හැබැයි ඔය කියන විදිහට පරිස්සම් වෙන්න පුළුවන් විශ්‍රාම ලැබෙන අයට පමණයි. හොඳ දරුවෝ ඉන්නවානම් තේ එකත් පත්තරෙත් ළඟට ලැබෙනවානම් ගෙදරටම වෙලා ඉන්න පුළුවන්.
නිවන් සුව සියලු දෙනාටම
සෞඛ්‍ය අංශ කළ මේ ගණනය සදාචාර විරෝධිී කියල තව කී දෙනෙකුට හිතෙනවද? මේ රටේ හැම ජීවිතයක්ම වටිනවා කියන මතයෙයි නෙමෙයිද ඉන්න ඕනෙ. ඔය අද ඉන්න උගත් පොහොසත් බොහෝ දෙනෙක් අතරෙ අතීතයෙ ඉතාම දිලිදු දෙමාපියන් මී මුත්තන් සිටි බව නෙමෙයිද අපට අසන්න ලැබෙන්නෙ. මේ කියන්නෙ අවුරුදු පහක් හයක් ඇතුලත ජනතා මුදල් කොල්ල කා පොහොසත් වූ අය ගැන නෙමෙයි. ඒ හැම ප්‍රභූ නොවෙන ජීවතයක්මත් වටින්නෙ ඒ අය මේ රටේ අනාගත දක්ෂයින්ගෙ අක් මුල් කියල හිතන්න අවශ්‍ය නිසත් වැඩිහිටි පරපුරේ නික්ම යාම මීලග පරපුරේ අනාගතය පසුබෑමකට ලක්වනත් නිසයි. එන්නත මුලින් ලැබුනා නම් මේ මරණ ගණන සෑහෙන දුරට අඩුවෙන්නත් තිබුණා කියලත් නොකියා බැහැ.
එල්ටීටීඊ සංවිධානයේ හිටපු භාෂා පරිවර්තක ලංකාවේ ප්රභූවරයෙක් කියලා අදනේ දන්නේ.......
රට ජාතිය ආගම පාවලා දුන්න මුල් පෙළේ කැපී පෙනුණු හොරුන්ටනම් තවම පඩයක්වත් ගිහින් නෑ
සෑම ජීවිතයක්ම, පවුල් වල අයට ප්‍රභූ තමා ,ඔය කියපු ලිස්ට් එක අපිට ප්‍රභූ නෙමෙයි .හැම කෙනාගේම ජීවිතය සමානයි
ප්‍රභූ පන්තියේ අය කියන්නේ කවුද ? මොකද්ද වෙනස ?
ප්‍රභූ උනත් මොකා උනත් ස්වභාව දහමට හැමෝවම එක සමානයි කියල පෙන්නන්න තමයි මේ කොරෝනා වැනි දඬුවම් දෙන්නේ .ඒකෙන් වත් තේරුම් ගන්න ජීවිතය ගැන .නැත්නම් වැඩක් නෑ .ඊට වැඩ ලොකු දඬුවම් ඉස්සරහට විඳින්න වෙයි නැත්නම්
සමාන්‍ය ජනයාට වඩා නීති කඩන් කොරෝනා බෝකෙරැවේ මේ වාගේ ප්‍රභූන් තමයි
ප්‍රභූ කියන දේශපාලුවන් මලාම රටට උන්ගෙන් වෙන හානිය නැතිවෙනවා.
ඒ අය මැරුණට පස්සේ යන්නේ වී.අයි.පී කාර් එකේ
ඔබ වැනි ලේඛකයෙක් සිටීම ලැජ්ජාවට කරුණකි. මෙම මාතෘකාව ඔබේ පක්ෂග්රාහී චින්තන ක්‍රමය හෙළි කරයි
කොරෝනා නිසා මියගිය මංගල සමරවීර, කිලී මහරාජා, සුනිල් පෙරේරා වගේ අයට මේ අද කතාකරන මහත්තුරුම සෝක ප්‍රකාශ, කවි, ගායනා ලිව්වට නැතිවෙච්ච සාමාන්‍ය අය වෙනුවෙන් එහෙම කරේ නැහැ නේද? ඒකට තමයි ඒ අයට ප්‍රභූ කියන්නේ...
කවුද බොල ප්‍රභූ? කාවද ඔයා පන්තියට ගන්නේ? සල්ලි තියන කෙනෙක් ඕකට වැටෙනවද? බලය තියන ඕන කෙනෙක් ඕකට වැටෙනවද? කොහොමද වෙන්නේ...?
ප්‍රසිද්ද චරිත නමින් නිවැරදි විය යුතුය.
කොහොම කිව්වත් මරණය කාටත් පොදු බව වටහා ගතයුතුයි. ප්‍රභූ කියා වර්ගයක් කිරීම හරිම පිළිකුල්...
දූෂිත දේශපාලුවන්ටත් කියන්නේ ප්රභූවරු කියලා. ඔවුන්ගේ තියෙන ගොන්කමයි, උද්දච්චකමයි නිසා තමයි කොරෝනා වසංගතය මේ තරම් පැතිරිලා ගියේ. හරි නම් ඔවුන් තමයි මේවාට වගකියන්ඩ ඕනේ...?
වැඩක් නැහැ මිනිසුන් බලාගෙන ඉන්න තැනින් තාම එකෙක් වත් චුත වුනේ නැ.