( ප්‍රියාණි මංගලිකා )
කොටවෙහෙර ,දිගන්නෑව ප්‍රදේශයේ දී,එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු අතර ඇතිවූ ආරවුලකින් මල්ලී එල්ල කල උදලු පහරින් අයියා (44) මරණයට පත්ව ඇති බව කොටවෙහෙර පොලීසිය අද (08) පැවසීය.
පමණ සහෝදරයින් දෙදෙනා ,ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිග යෑමෙන් මල්ලි සහ ඔහුගේ බිරිඳ විසින් අයියාට පහර දී ඇති අතර අනතුරට පත් වූ අයියා නිකවැරටිය මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ප්‍රතිකාර ලබමින් සිටියදී අයියා මරණයට පත්ව ඇති බවට මූලික පරීක්ෂණ වලදී අනාවරණය වූ බවද පොලීසිය සඳහන් කරයි .
මෙසේ මරණයට පත්ව ඇත්තේ කොටවෙහෙර දිගන්නෑව පදිංචි පී .එච්.සිරිල් රෝහන වීරසිංහ (44)නැමති දෙදරු පියෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් පහර දුන් බවට මරණ කරුගේ මල්ලී (43 )සහ ඔහුගේ බිරිඳ (38) අත්අඩංගුවට ගත් බවද ,සැකකරු සහ සැකකාරිය නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිත් කිරීමට නියමිතව ඇති බවද පොලීසිය සඳහන් කරයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනාවලින් ලෝකයේම මිනිසුන් මැරෙන මොහොතක ... මොකද මේ මරාගන්නේ...
මේවා දෙමාපියන්ගේ වැරදි . තමන්ගෙ දේපොළ තමන් මැරෙන්නෙ ඉස්සර දරුවන්ට බෙදා දුන්නාම මෙහෙම නොවෙන්න පුලුවන්. නමුත් සමහර දෙමාපියෝ දේපළ පවරලා දුන්නත් හවුල් අයිතිය ඇතිව ලියනවා මෙහෙම කරලා තිබුනාම පුතාලගෙ බිරින්දන් මෙවැනි දේවලට තමන්ගෙ සැමියා උනන්දු කරවනවා මෙවැනි ගැටුම් නැතිවීමට දේපල හවුලේ ලිවීම තහනම් කල යුතුයි කියන්නෙ ලැබුනු අද්දැකීම් අනුවය.
කල්ප, ඒ ගොල්ලෝ මෙහෙම සමාදන් වෙලා හිටියා නම්.... මම සතුන් මැරීමෙන් වැළකීම නම් වූ සිල් පදය සමාදන් වෙමි. මම සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සිල් පදය සමාදන් වෙමි. මම වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ සිල් පදය සමාදන් වෙමි. මම බොරු කීමෙන් වැළකීම නම් වූ සිල් පදය සමාදන් වෙමි. මම මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල් පදය සමාදන් වෙමි. ළමයින්වත් එහෙම හැදෙනවා නම් හොඳයි...