(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් කැණීම ළඟදීම ආරම්භ කෙරෙන අතර ඒ සඳහා බලශක්ති අමාත්‍යාංශයීය පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.
මන්නාරම ද්‍රෝණියේ ඛනිජ තෙල් කැණීමට අදාළ ඛනිජ තෙල් සම්පත් පනත් කෙටුම්පත ළඟදීම මැති සබයට ඉදිරිපත් කරන බවත් මන්නාරම දෝණියේ සැඟව ඇති ඩො.බිලියන 267 ක් වටිනා තෙල් සහ ගෑස් සම්පත ලබාගැනීමෙන් රටේ සමස්ත ණය ප්‍රමාණය මෙන් තුන්ගුණයක ආදායමක් ඉපයිය හැකි බවත් ඔහු ප්‍රකාශ කළේය.
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මෙසේ පැවසූවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (7) පැවැති එම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදීය.
මෙම තෙල් සහ ගෑස් කැණීම් කරන ආයෝජකයන්ට සියයට 50ක් ලබා දුන්නද ඩොලර් බිලියන 133.5 ක් රජයට හිමිවන බවත් එය රටේ සමස්ත ණය වටිනාකමවන ඩොලර් බිලියන 47 මෙන් තුන් ගුණයකට ආසන්න බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුවට දෙවන වර කියවීම සදහා ඉදිරිපත් කිරීමට නියමිත ඛනිජ තෙල් සම්පත් පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අමාත්‍යවරයා මෙහිදී සාමාජික මන්ත්‍රීවරුන් දැනුවත් කළේය.
ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය පිහිටුවීම සහ ඛනිජතෙල් සම්පත් ගවේශන කටයුතු නියාමනය සහ කළමනාකරණය කිරිම වඩාත් විධිමත් කිරීම සදහා වන මෙම කෙටුම්පත රජයේ ප්‍රමුඛතම කාර්යක් සේ සළකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා සදහන් කළේය.
මන්නාරම් ද්‍රෝණියේ ගෑස්වලින් පමණක් නොරොච්චෝලේ බලාගාරය වසර 120ක් ක්‍රියාත්මක කළ හැකි බවත් එහි ඇති තෙල්වලින් පමණක් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසර 143 ක් ක්‍රියාත්මක කළ හැකි බවත් ගම්මන්පිල මහතා මෙහිදී පැවසුවේය.
අසල්වාසී ඉන්දියාව 1940 දශකයේ සිට ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේ තෙල් සහ ගෑස් කැණීමේ කටයුතු කළද ශ්‍රී ලංකාවට විවිධ කරුණු නිසා එය මග හැරී ඇති බව පැවසූ ඇමැතිවරයා ඒ සදහා විවිධ හේතු සාධක බලපා ඇතැයිද සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ තෙල් ගවේෂණ සදහා පසුගිය කාලයේ ලෝකයේ දැවැන්ත සමාගම් නොපැමිණිමට විවිධ හේතු සාධක බලපෑ බවද ඔහු කීවේය.මන්නාරම දෝණියේ ඛනිජ තෙල් කැණීම.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහුගිය අවුරුදු දහයට ඔය ප්රවෘර්තිය කී පාරක් නම් කියවලා ඇත්ද ?ලංකාදීපෙන් පමණක් ඕක 3-4 පාරක් වත් කියවලා ඇති
බයියොන්ට සිහින පෙන්වන්න සර් දක්ෂයි
කරනවානම් හොඳ වැඩක් .චන්ද ගුන්ඩුවක් නෙවෙයි කියලා විශ්වාස කරනවා .ජයවේවා
අවුරුදු දහයකට පෙර 2011 ජුලි අගෝස්තු සුරගුරු ජ්‍යෝතිෂ සගරාවෙ 2011 නොවැම්බරයේද ශ්‍රී ලංකාවෙන් ඛනිජ තෙල් ලැබෙනවා කියලා ගජමිතුරු උපදේශක මණ්ඩලයක් සකස්කල ලිපියක් පලවුනා මේක එහෙම එකක් නොවේවා
අපෙ අප්පොච්චියේ මෙන්න ආයිත් මේ බයිලා එක ගහනවා. මොනවා හරි ලොකු අවුලක ඉන්නකොට මේ ආතල් එක අනිවාර්යයෙන්ම දෙනවා. හා බොරුද?
මීට අවුරුද් 15කට විතර පත්තිරිප්පුවට නැගලා කියපු නිධියමද?
ලෝකයේ අනික් රටවල තෙල් භාවිතය අඩුකරන කොටම අපේ උන්දැලා තවමත් බොරතෙල් හොයනවා...
අප්පච්චියේ, දැන් කී සැරයක් කැණීම් කෙරුවද? කෝ කාටවත් මෙච්චර කල් හම්බ වුණේ නැහැනේ..! අර කොහේද ළඟදී හම්බ වුණා කියපු රත්තරන් නිධිය දාන් ඉවරයිද? ඉදිරි කාලයේදී දියමන්ති, ප්ලැටිනම්, යුරේනියම්, ටයිටේනියම් නිධි එහෙමත් හම්බ වෙන්න පුළුවනි...!!!
හෙඩ්ලයින් එක දැකලා නිවුස් එක කියවන්න ගත්තේ.. බොහෝම ආසාවෙන් සහ උනන්දුවෙන්... ඒත් ‘‘ගම්මන්පිළ‘‘ මහා බලාපොරොත්තු සුන් වුණා වගේ දැනුණා.. නළලත් රැළිවැටුණා...
අපි උපදින්නත් කළින් හොයාගත්තයි කියන ඔය තෙල් නිධිය මියයන්න කළින් ගොඩගන්න ලැබේවායි ප්‍රාර්ථනා කරමින් මගේ කතාව අවසන් කරමි. ඔබට සුබ අනාගතයක්..
ලොක් ඩවුන් කාලේ පුදුම අාතල්නේ දෙන්නේ. අවුරුදු 70ක් තිස්සේ පත් වෙච්චි රජයන් ඡන්දයක් ළඟ එනකොට තමයි ඔය වගේ බයිලා ගහන්නේ. අපි හැම දාම කපටි දේශපාලුවන්ට රැවටුණා.
ලංකාවේ ඡනිජ තෙල් තියා පොල්තෙල්වත් දැන්නැහැ.. පොල්තෙල් ගේන්නෙත් පිටරටින්..
බලාපොරොත්තු අපිව ජීවත් කරනවා නේද? තඩි මැණිකක් හම්බුණා කියලා මිනිස්සුන්ව ඇන්දුව කාලෙකට කලින් දැන් එ්කට වෙච්ච දෙයක් නෑ... දැන් අවුරුදු 10ක් තිස්සේ වරින්වර එළියට එන මන්නාරම් තෙල් එළියට ඇවිල්ලා. මේක ඉවරවුණාම තව මොනවා හරි එළියට ඒවි...
තෙල්වල වටිනාකමින් 1/3ක් ණයට අරන් ළිං හාරනවා. තෙල් හම්බවුණාම 1/3කින් ණය ගෙවනවා. ඉතිරි 1/3 සාක්කුවට දාගන්නවා. පසුව ණයට ගත්තු 1/3 ණයට ගන්නවා. මහබැංකුවට අලුතින් කෙනෙක් එහෙම දාලා ලෑස්ති වෙනකොට හිතුණා තෙල් හාරන්න... නැතිනම් තවත් ගුවන් තොටුපළක් හරි, වරායක් හරි හදන්න යනවා ඇති කියලා...
ගම්මන්පිල හරි විහිළු කාරයා කවදත්.