(අජන්ත කුමාර අගලකඩ)
රජය විසින් පනවනු ලැබූ පාලන මිලට සහල් අලෙවි නොකරන මහා පරිමාණ වී මෝල් හිමියන්ගේ සහල් ගබඩා හදිසි නීති රෙගුලාසි යටතේ අත්පත් කරගෙන පාලන මිලට වෙළඳපොළට නිකුත් කිරීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට උපදෙස් දී ඇත .
සහල් අර්බුදය සම්බන්ධයෙන් කැබිනට් රැස්වීමේ දී ද දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති අතර, එහිදී ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා මෙම උපදෙස් දී ඇත.
සහල් සඳහා රජය විසින් පාලන මිලක් නියම කරනු ලැබුවද වෙළෙඳ පොළේ සහල් මිල අඩු වී නැතැයි ඇමතිවරුන් ගණනාවක්ම එහිදී පෙන්වා දී ඇත .
ඒ අනුව ,පාරිභෝගික අධිකාරිය ,අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් සහ ආහාර දෙපාර්තමේන්තුව සම්බන්ධ කරගනිමින් මේ සඳහා වහාම වැඩපිළිවෙළක් සකස් කරන්නැයි ජනාධිපතිවරයා වෙළඳ ඇමැතිවරයාට උපදෙස් දී ඇත .
සහල් සහ සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් රජය විසින් ඉකුත්දා ගැසට් නිවේදනයක් ද නිකුත් කරනු ලැබූ අතර, සිනි මිල අඩු වී ඇතත් වෙළෙඳපොළේ සහල් මිල සැලකිය යුතු ලෙස අඩුවී නැතැයි පාරිභෝගිකයෝ පවසති .
සුදු සහ රතු කැකුළු සඳහා කිලෝවකට රුපියල් 95 ක ද නාඩු කිලෝවකට රුපියල් 98 කට ද, සම්බා කිලෝවකට රුපියල් 103කට ද කීරි සම්බා කිලෝවකට රුපියල් 125 කද උපරිම සිල්ලර මිලක් රජය විසින් ඉකුත් දා පනවනු ලැබීය .
මේ තත්වය හමුවේ සහල් වෙළෙඳපොළ පාලනය සඳහා වහාම මැදිහත් වන්නැයි උපදෙස් දී ඇති ජනාධිපතිවරයා පාලන මිලට සහල් අලෙවි නොකරන මහා පරිමාණ වී මෝල් හිමියන්ගේ සහල් රජයේ මිල ගණන් යටතේ මිලට ගෙන වෙළඳපොළට නිකුත් කරන ලෙස වෙළඳ ඇමතිවරයාට දැනුම් දී ඇත.
මේ අතර, ඔවුන් සතු වී ගබඩාවල වී තොගද රජයේ සහතික මිල ගණන් යටතේ මිලදී ගෙන කුඩා පරිමාණ වී මෝල් හිමියන්ට දි සහල් කර පාලන මිලට අලෙවි කරන්නැයි ද ජනාධිපතිවරයා උපදෙස් දී ඇත .
ඒ අනුව, වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා, පාරිභෝගික අධිකාරියේ නිලධාරින් ,අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයා සහ ආහාර කොමසාරිස්වරයා සමග සුම් තාක්ෂණය ඔස්සේ අද විශේෂ සාකච්ඡාවක් ද පවත්වා ඇති අතර ,එහිදී ගනු ලැබූ තීන්දු අනුව අත්‍යවශ්‍ය කොමසාරිස් ජනරාල්වරයා , පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් ඇතුළු පිරිසක්හ ද හෙට පොලොන්නරුවේ ගබඩා පරික්ෂා කිරීමට යාමට නියමිතය.
මේ අතර ,පිටකොටුවේ තොග වෙළෙඳසල්වල හදිසි වැටලීමක් කළ කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා සහ පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීහු ,එහි වැඩි මිලට අලෙවි කිරීමට තිබූ සහල් කිලෝ දාහතර දහසක් රජයේ පාලන මිලට සතොසට පවරා ගත්හ .
කොළඹ දිස්ත්‍රික් ලේකම් පදීප් යසරත්න ,පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති, විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක පාරිභෝගික අදිකාරියේ කොළඹ දිසාව භාර මෙහෙයුම් නිලධාරී ප්‍රදීප් කළුතර ආරච්චි යන මහත්වරුද මේ අවස්ථාවට එක්වූහ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් කියන්නේ අපි පාර්ලිමේන්තුව වටලමු කියලා...
ඒවා සල්ලිවලට ගන්න. යාලුවො නේ. කරදර කරන්න එපා. ලොකුම මෝල් කාරයො දෙන්නට අත තියන්න එපා.
අපේ බෙහෙත් වලට අනුමැතිය දෙන්නේ කවදද.?
පුළුවන් නම් ඩඩ්ලි සිරිසේන මහත්තයාගේ හාල් මෝලකට අත තියලා පෙන්වන්න? ඔය බොරු කයිවාරු ඩඩ්ලි මහත්තය ළඟ නැහැ. අනික නෑබිලියෙන් හාල් ගරපු හැටි බොහෝ අයට දැන් අමතක වෙලා. ආයේ හංගන්න දෙයක් නැහැ. හාල් මිල තව වැඩි කරත් අපි කන්නේ අරලිය හාලේ බත්. පිටරටින් ගේන සීනි වැඩි මිලට ගන්න අපට පුළුවන් නම් අපේ රටේ හාල් වැඩි මිලට ගන්න එක අමාරු වෙන්නේ කොහොමද?
මීට පෙර වටලපු වටලෑම දැක්කා. ඇමති ව ලග තියාගෙන ඔය කියන මුදලාලිලා දාපු සද්දෙට ඔක්කොම ඇඹරුනා. එක්කෙන්ක් ඉන්නේ ආන්ඩුවේ ඇතුලමනේ. අනිත් කෙනා මුදලාලිලා ගන්න ලාබේ ගැනත් කීවේ එක ඇමතිකෙනක්. අල්ලයි වලිගෙ. අහුවෙයි හාල් මැස්සෝ.
විහිළු නාටක.
මාවිල් ආරු ප්‍රභාකරන් විසින් වසා දමන ලදි. විසඳුම් නොමැතිව නවතා දැමූ පොහොර.?
මතකනේ හැමෝම එකතුවෙලා හිට්ලර් කෙනෙක් ඉල්ලුව හැටි…
දන්නා කාලෙ ඉඳන් හොරකම , බොරුව , වංචාව , අධික ලාබය යන දේවල් කර පින්නාගත් වෙළෙන්ඳන් කිවැරදි කිරීම හරිම අපහසුයි. අපේ රට තුළ දැඩිිනීති රීති වසර කීපයක් තිබිය යුතුයි. නැත්නම් හදන්න බෑ
මීට කලිනුත් ගිහින් වට කරලා කරපු දෙයක් නැහැ.
බන්දුලට කියන්න කියලා කොහොමද කියන්නේ?
ආණ්ඩුවේ ඉන්න හොරු වටලන්න අදහසක් නැද්ද සර්
දැන්නම් නියම ජෝකර්.
ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙන විදියටම කෙරෙයි නේද?
මහා පරිමාණ හාල් මෝල් අයිතිකාරයෝ පාර්ලිමේන්තුවේ ඉන්නවා නේද
හාල් මෝල් වල ආරක්ෂාවට වෙන්ට ඇති................
මුලින්ම ලොකු තැනින් පටන්ගෙනම වටලගෙන ආවනම් නේද හොද, ඔය නීතිය හරියට ක්‍රියාත්මක කරනවනම් මුලින්ම ඩඩ්ලිගෙන් පටන්ගන පෙන්නන්න. එතනින් පටන්ගන පොඩි මිනිස්සු ගාවට ආවනම් තමයි හොද. ඔන්න එතකොට අපි පිලිගන්නව හරියට වැඩේ කරනව කියල. අර සීනි වලට කරන බොරුව වගේ හාල් වලට කරල වැඩක් නෑ.
මේ පුස්වෙඩි කාරයෙක්..., මේ බයිලා 69 ලක්ෂයට ඒකෙනුත් කීදෙනෙක් දැන් හැලිලාද දන්නේ නැහැ. බන්දුල කියන්නේ බොරු කප්පරක් කියපු කෙනෙක්... මේ ඔක්කොම හොඳයි අපායට දක්කන්න...
අර කලිනුත් කලේ නේද... මම මේ කියන්නෙ නිකමට වගේ . හාල් මිල අඩු කරන්න බැහැනෙ. මුදලාලි කියන ගාන තමයි රජයෙ ගාන. මෙ ගොල්ලො යාලුවො. යලුවොන්ට පාඩු කරයිද . පොඩි මෝල් ටිකක් අල්ලයි ඉතින් ඔච්චර තමයි පුලුවන්
මෙතන කොටන සෙට් එකට ඕන, බඩු නැතිවෙලා ආණ්ඩුව වැටෙයිද කියල බලන්න. මොනවා හරි කරලා, බඩු හංගල බලය ගන්න කැමති හිපටුවෝ ටිකක් තමයි හැම පැත්තේම ඉන්නේ. එකටම හරියන, මන්ද බුද්දික චන්ද දායකයෝ ටිකක් ඉන්නවා, හැම ප්‍රශ්නෙටම. ඕක තමයි ලංකාවේ ප්‍රශ්නේ. 225 ම නෙවෙයි. ඉංජිනේරුවෝ හොරකම් කරනවා. දොස්තරලා තමන්ගේ ළමයින්ට ෆයිසර් ගහගන්න හදනවා. සජිත් සහ අනුර බලය ගන්න ප්ලෑන් කරනවා. චම්පික හොර ගල් අහුලනවා. රාජපක්ෂලා ඊළඟට ගේන එකාව ප්ලෑන් කරනවා. තොපි මෙතන පක්ෂ වලට ගහ ගන්නවා.
සහල් මෝල් හිමියෝ හිනාවෙනවා ඇති.
මේ වෙළෙඳ ඇමැතිතුමා නම්,කටින් නම් හරිම දක්ෂයෙක්. ඒත්,වැඩ වලදී නම් ඒ තරම් වැඩකාරයෙක් නොවන බව තමයි පේන්නේ.වෙළෙඳ ඇමැති තුමා ඔය කියනා තරම් දක්ෂයකු නම්, රාජ්‍ය අනුග්‍රහය ලබාදී ලොකු හාල් මෝල් හිමියන් සමඟ කරට කර සටනක් දී,ජනතාවට කීයක් හරි අඩුවෙන් හාල් දෙන්න පුළුවන් නේද ? එසේ බැරි එතුමාගේ අදක්ෂ බව නිසා නේද ?
අනිවාර්යයෙන්ම රජය මේ වැඩේට අත ගහන්න ඔින . රජය විසින් මහා පරිමාණ සහල් මෝලක් ඇරඹිය යුතුය . එවිට ඔය ඒකාධිකාරය නැති වෙනව.
අපි මැතිවරණයකදී අපේ මනාපය දෙන්නේ දේශපාලකයොන්ට පාලනය කරන්න මිසක් අපි පත්කර ගත්තෙ නැති අයට අපිව හරි රට හරි පාලනය කරන්න නොවේ. දේශපාලකයො ඒ්ක හරියට කරේ නැත්නම් ඔ්නෙම කෙනෙකුට අවස්ථාව තියෙනවා ඒ් පාලන ක්‍රමය විධිමත් විධියට ඊලග මැතිවරණයකදී වෙනස් කරන්න. හැබැයි අපිව හරි රට හරි පාලනය කරන්න අපි බලය දීලා නැති ව්‍යාපාරිකයො වේවා, වෘත්තීය සමිති වේවා, වෙනත් සංවිධාන හෝ වේවා අපිව පාලනය කරන්න ඒනවනම් අන්න ඒතනදී රජයට පූර්ණ වගකීමක් තියෙනවා අපි වෙනුවෙන් මැදිහත් වෙන්න. අන්න ඒ්ක රජය හරියටම කල යුතුයි.
ඔබතුමන් බොහෝ දෙනාගේ දෝෂාරෝපණ මධ්‍යයේ වුවද නිවැරදි හා සාර්ථක ලෙස කටයුතු කරයි .අපට ඔබ ගැන විශවාසයක් පවතී .ආහාර මාෆියාව වගේම වාහන මාෆියාව නැති කිරීමටත් කටයුතු කරන මෙන් ඉල්ලා සිටිනවා
සීනි නාටකය ඉවරයි මුදලාලිලා ගොඩ ගියා ,දැන් සහල් නාටකය
වැටලීම් තාවකාලික විසදුමකි.ඒ වගේම ආතල් දෙන වැඩකි. නමුත් සහල් සහ පොහොර සදහා ස්ථීර සහ කඩිනම් විසඳුම් අවශ්‍යය යි. සහල් හිගය නැති කිරීමට නිෂ්පාදනය වැඩි කලයුතුය.
නියමයි. කාබනික පොහොර භාවිතය සඳහා ජනාධිපති තුමා දුන්නු නියෝගය නිසා අද රටේ වස විසක් නැතිව අපි කාම කනවා.. ඒ වගේම හාලුත් අඩුවට කන්න පුළුවන්. මෝල් හිමියන්ට දැන් බඩයනවා ඇති.
අපිට මතකයි මෙතුමාම විශාල ප්‍රචාරයක් සමගින් වැටලීම් ගොඩකට සහභාගි වුණා.. ඒවා නාට්‍යවලට පමණක් සීමා වුණා..
මෙතන අදහස් පලකරන මෙගා ටෙලි නාට්‍ය රසිකයෝ රැලක් හිතනවා මේ රටේ ජීවත් වෙන සියලු දෙනාම ඔවුන්ගේ වර්ගයේ අය කියලා. ටිකිරි මොළ කාරයෝ තමන්ගේ වීරයාට ගැලරියේ හිටගෙනම විෂිල් ගැහුවාට, අපි නම් දන්නවා මේකත් විකට චිත්‍රපටියක් කියලා. අවසානයේ "උස් තැන් දැක හැකිලෙන, මිටි තැන් දැක පුප්පන" ජවනිකා හැර වෙනත් යමක් ඕවල නැහැ. මොනා උනත් ඔය ප්‍රසිද්ධ සහල් ව්‍යාපාරිකයින් නයි නටවා හෝ මාධ්‍ය වලින් පුම්බලා තැනකට ආපු පුද්ගලයින් නොවන බව මේ රටේ බුද්ධිමත් ජනතාව දන්නවා. ඒ නිසා පුහු කයිවාරු කාරයින්ට වඩා, අපට ඒ දක්ෂ ව්‍යාපාරියින් වටිනවා. වගේම අපි ඔවුන්ට ගරු කරනවා. මතකනේ, අර පුහු වීරයින්ට ඩඩ්ලි සිරිසේන මහත්තය ඉදිරියේ මොකද උනේ කියලා??
කොහොමද ලොක්කගේ උපදෙස්? ඊට වැඩිය හොඳයි මැදමූලනේ උදවිය වටලන එක. මතකයිනේ සුනාමියෙන් ගසාකාපු හැටි...?
අද රෑට මම අපේ ගමේ බණ්ඩයියගෙ මෝල වටලන්නයි හිතං ඉන්නෙ.
මම දැක්කා ඩඩ්ලි, බන්දු, මේජර් පාටියක එකට සෙට්වෙලා ඉන්න ෆොටෝ එකක්!
දේශපාලන බලය ඒකක ගොඩක් දේවල් වෙනස් වෙනවා
මේ පාර ඔක්කොම වටලලා ගෙනවා කියමු. ඊළඟ පාර ඒ මිනිස්සු වැඩේ අල්ලල දායි කො අපිට වී ගබඩා ඊලග අස්වැන්න ගබඩා කරන්න කියල. රජය සතුව ආහාර සංචිත පවත්වාගන්න පුලුවන්නම් මෙ ප්‍රශ්නෙ ඉවරයි
වටලයි. බලාගෙන ඉන්න