(ගුණවතී ඉලංකෝන් මැණිකේ)
අයුතු ජනරාශිගතව පෙළපාළියක් පවත්වා රාජ්‍ය දේපළවලට අලාභහානි සිදු කිරීම, රාජකාරියේ යෙදි සිටි පොලිස් නිලධාරියකුට තුවාල කිරීම යන චෝදනාව යටතේ රිමාන්ඩ් බාරයේ සිටින සිසු නායකයන් සිවු දෙනා ලබන 21 දක්වා තවදුරටත් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කඩුවෙළ මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු මංජුල රත්නායක මහතා අද නියෝග කළේය.
පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ලේකම් කොස්වත්තගේ සමීර නිරෝෂණ් පෙරේරා, නිදහස් අධ්‍යාපන උදෙසා සිසු ජන ව්‍යාපාරයේ සාමාජිකා කෝෂලී හංසමාලි, ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ අමිල සංදීප හා අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ යන සිවු දෙනා මෙසේ රිමාන්ඩ් බාරයට පත් කෙරිණි.
කොතලාවල ආරක්ෂක විද්‍යාල පනතට විරුද්ධව පාර්ලිමේන්තු පිවිසුම අසල මෙම පෙළපාළිය අගොස්තු 3 වැනි දා පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රේමදාස මහත්තය ඉන්න කාලෙ මෙයාල ඉන්න තිබුනෙ.
දැන් සැපද, සරසවි යන්න ලැබිලා පිනට අධ්‍යාපනය දීලා රටේ ආර්ථිකය ගැන දන්නා මගුලක් නැහැ.
රට මහා පරිමාණයන්ගෙන් හොරා කන දේශපාලුවෝ.උන්ගේ හිතවත් හොර බිස්නස් කාරයෝ ,හන්චයියලා එළියේ ,රටට ආදරේ ,රටේ ඉදිරි ජීවනාලිය හිරේ .ඔහොම යන් ඔහොම යන් ,මේ වගේ කාලකන්නි කරන වැඩ ලෝකෙම බලාගෙන ඉන්නේ