
(යොහාන් භාසුර සහ ටී.කේ.ජී.කපිල)
නීති විරෝධීව ශ්‍රී ලංකාවට ගෙන ආ රුපියල් ලක්ෂ 25කට ආසන්න වටිනාකමින් යුත් ඔක්සිමීටර් 4200 ක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ගුවන් භාණ්ඩ පර්යන්තයේදී ශ්‍රී ලංකා රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
නිෂ්කාශන නියෝජිතයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු ව්‍යාජ ලියවිල්ලක් ශ්‍රී ලන්කන් කාගෝ ආයතනයේ නිලධාරීන්ට ඉදිරිපත් කර මෙම ඔක්සිමීටර් තොගය නිදහස් කරගෙන තිබුණ.
ද රේගු නිවාරණ අංශයේ නිලධාරීන් පිටවීමේ දොරටුවේදී මෙම භාණ්ඩ තොගය පරික්ෂා කිරීමේදී ඒ සම්බන්ධයෙන් රේගු සටහන්කරයක් සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ශ්‍රී ලංකා රේගුවට ඉදිරිපත් කර නොමැති බවත් ඊට අදාළ ආනයන බදු ගෙවා නොමැති බවත් අනාවරණය වීමෙන් ඔක්සිමීටර් තොගය අත්අඩංගුවට ගෙන තිබේ.
ඔක්සිමීටර් තොගය පෙට්ටි 21 ක අසුරා තිබූ බවත් රේගුව පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ගන්නේ නැතිනම් කොහෙන් හරි ගෙවාගන්නේ මොකද? මේ අයට සම්මා දිට්ඨිය පහළ වේවා...!!!