
(විනීතා එම් ගමගේ)
කාබනික පොහොර නිෂ්පාදනය හා ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘති 82 ක් පළාත් පාලන ආයතන මට්ටමින් ක්‍රියාත්මක කිරීමට පළාත් සභා සහ පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇත.
මේ සඳහා රුපියල් මිලියන 2770 ක් වැය කරන බව පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ලංකාදීපයට පැවැසීය.
කාබනික පොහොර රට තුල නිපදවීමේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයෙ අනුව ක්‍රියාත්මක වෙමින් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බව ද හෙතෙම සඳහන් කලේය.
ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ අවශ්‍යතාවය යටතේ ක්‍රියාත්මක වැඩසටහන් මඟින් කව්ෂිමා කාබනික පොහොර නිෂ්පාදන ස්ථාන 09 ක් ස්ථාපනය කර ඇති අතර ඒවායෙහි තවදුරටත් අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීම් සඳහා රුපියල් මිලියන 1980.00 ක් වැය කෙරෙන බවත් රුපියල් මිලියන 270 ක් වැය කරමින් කොම්පෝස්ට් අංගන 23 ක් ඉදි කිරීම හා නඩත්තු කිරීම සිදු කර ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවැසීය.
මළ අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ පද්ධති 07 ක් ද ස්ථාපනය කර ඇතැයි පැවසූ රණසිංහ මහතා ඒ සඳහා වැය කල මුදල රුපියල් මිලියන 200 ක් බවත් ගම සමඟ පිළිසඳරක් වැඩසටහනෙන් ඉදිරිපත් වු කසල කළමනාකරණ පිළිබඳ යෝජනා 16 ක් ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 140 ක් වැය කර ඇති බවත් කියා සිටියේය. .
ඊට අමතරව නගර ආශ්රිත මහජන වැසිකිලි පද්ධති, අපද්‍රව්‍ය හා මළඅපද්‍රව්‍ය ප්රතිචක්රිකරණ පද්ධති 27 ක් ඉදි කිරීම සඳහා තවත් රුපියල් මිලියන 180 ක් වැය කර ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුලින් දිරිගන්වලා පස්සේ පිටරටින් ගෙනාවා අඩුමිලට ,හැම ආණ්ඩුවම කරන්නේ නම වෙනස් කිරීම ,එකම වැඩේ, නැත්නම් බදු වැඩි කරනවා දේශීය අමු ද්‍රව්‍ය වලට
මේවායේ ප්‍රතිඵල ලැබෙන්න සාමාන්‍ය කාලයක් යාවි. එදාට හැමෝම එය අගය කරාවි... අරාබි රටවල කාන්තාර ආශ්‍රිතව සාමාන්‍ය වන ගොමු හදන්නේත් ඝන අපද්‍රව්‍ය, මළ අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය තුළින්....
මට අයත් ප්‍රයෝජනයට නොගත් අතහැර දැමූ කුඹුරක් මත මට දේශීය කාබනික පොහොර ව්‍යාපෘතියක් ආරම්භ කළ හැකිද?
ඕවයෙ ප්‍රධනින් හැටියට තමන්ගෙ අය දාගෙන වැඩේ අන්නවන්නෙ නැතිව හරියට කරන්න පුළුවන් තරුණ අය පත් කරන්න. මොකද ඕව අතහැරල දැම්මොත් අවට ඉන්න අයට යන්න තැනක් නැහැ. ඒවගේම දේශදේශපාලනයෙන් බැහැර වෙලා රටේ පිළිගත් උදවිය ලවා ජනතාවගේ ආකල්ප වෙනස් කරන්න. රාජපක්ෂවරු හැර තවත් වැඩකාරයො ඉන්නවා.
ගරු රාජ්‍ය අමාත්‍ය තුමනි ! කෞෂිමා ව්‍යාපෘති ගැන මම අධ්‍යනය කලෙමි. යන්ත්‍රානුසාරයෙන් කොම්පෝස්ට් නිෂ්පාදනය කල නොහැකි බව මාගේ අදහසයි.
ගරු රාජ්‍ය අමාත්‍ය තුමනි ! කෞෂිමා ව්‍යාපෘතිය අධ්‍යනය කලෙමි. එය ජනතා මුදල් සූරාකෑම සඳහා ඉතාමත් පහසු ව්‍යාපෘතියකි, නිලධාරීන් ගේ අදහස් පසෙකලා පුද්ගලික වම සොයා බලන්න. මෙය අසාර්ථක බව ඔබටද වැටහෙනු ඇත. පුද්ගලික අංශයේ සහභාගිත්වය මත දඹුල්ල ව්‍යාපෘතිය පමනක් දිනකට මෙ:ටො: 5 ක් පමණක් නිෂ්පාදනය කරයි. කෞෂිමා ව්‍යාපෘතිය හදුන්වා දෙන ලද්දේ දිනකට ටොන් 50 භාවිතා කළ හැකි බවට සහතික කරමින් ය. කොම්පෝස්ට් නිෂ්පාදනය කිරීම ශුද්‍ර ජීවීන් ගේ ක්‍රියාවලියකි. එය යන්ත්‍රානුසාරයෙන් කල නොහැක. යන්ත්‍ර මගින් කල හැක්කේ ශුද්‍ර ජීවීන්ට අවශ්‍ය පෝෂණය, ජලය, වායුව (ඔක්සිජන්), ලබා දීම සහ උෂ්නත්වය පාලනය කිරීම පමණි. මෙසේ ජනතා මුදල් නාස්ති නොකර, අඩු මුදලකට වැඩි ධාරිතාවකින් අපද්‍රව්‍ය කළමනාකරණය සහ කොම්පෝස්ට් නිෂ්පාදනය කළ හැක. අවශ්‍ය නම් රට වෙනුවෙන් උපදෙස් ලබා දීමට හැකිය. ස්තුතියි.