උතුරේ සංවර්ධනයට අකුල් හෙළන නිලධාරින්ට නඩු උතුරේ පරිසර ආරක්ෂණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සහ පවත්වාගෙන යෑමට සහාය නොදෙන රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව නීති පියවර ගන්නා බව උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා මහතා පවසයි. 04 January 2022
දුවගේ රන්මාලය කොල්ලකා තාත්තාගේ ත්‍රිරෝද රියෙන්ම පලාගිහින් රෝගියකුගේ වෙස්ගෙන කැස්බෑව පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකට පැමිණ වයෝවෘද්ධ සේවකයකුගේ අත් පා ගැට ගසා හෙද සහායිකාවකට ලිංගික අතවර කිරීමට තැත් කර ඇයගේ ගෙල බැඳි රන් මාලය හා පෙන්ඩනය කොල්ල කා පලා ගිය බව කියන ’’ගෝනපොළ සුදු’’ නැමැත්තා දින තුනක් ඇතුළත අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය කියයි. 04 January 2022
ශ්‍රී ලංකාවේ හරිත කෘෂිකර්මාන්තය එක්සත් ජාතීන්ගේ පැසසුමට ශ්‍රී ලංකාවේ හරිත කෘෂි කර්මාන්ත වැඩපිළිවෙළ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැසසුමට ලක්ව ඇත. 04 January 2022
‘‘සහන පැකේජය ඡන්දයකට නොවේ‘‘ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් කිසිම රටකින් බලපෑමක් එල්ල වී නැති බවත්, ජනතාවට සහන පැකේජයක් ලබාදුන්නේ කඩිනමින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ අරමුණින් නොවන බවත් සම කැබිනට් ප්‍රකාශක, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය. 04 January 2022
දුමින්ද නාගමුව අත්අඩංගුවට අධිකරණය ඉදිරිපිට විරෝධතාවක් පවත්වමන් අධිකරණයට අපහාස කර එහි දේපලවට හානිකළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා කඩුවෙල පොලීසිය අද (04) දහවල් බොරැල්ලේදී අත්අඩංගුවට ගෙන ඇත. 04 January 2022
වායූ සමීකරණයේ ගෑස් නළය පුපුරා කාර්මික ශිල්පියා මරුට මහනුවර ගැටඹේ දෙවන රාජසිංහ මාවතේ පිහිටි ප්‍රධාන පෙළේ සංචාරක හෝටලයක වායු සමීකරන යන්ත්‍රයක ගෑස් නළයක් පිපිරීමෙන් එය අලුත්වැඩියා කරමින් සිටි කාර්මිකයකු මියගොස් ඇතැයි මහනුවර මූලස්ථාන පොලීසිය කියයි. 04 January 2022
ඉදිරි සති කිහිපයේදී ඔමික්‍රෝන් රැල්ලක් ඇතිවිය හැකියි ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය පැතිරීමේ හැකියාව ඉතා ඉහළ බැවින් ඉදිරි සති කිහිපය තුළ මෙරට දැවැන්ත ආසාදිත රැල්ලක් ඇති විය හැකි බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි. 04 January 2022
බඩඉරිඟු වෙනුවට ගවයින්ට බඩඉරිගු ගස් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සත්ව ආහාර සඳහා බඩ ඉරිඟු ආනයනය කිරීම ඩොලර් හිඟය නිසා සම්පූර්ණයෙන්ම ඇනහිට ඇතැයි වාර්තා වේ. 04 January 2022
තෙල් ටැංකි ගිවිසුම අත්සන් කිරීම ඉදිරි සතියේදී ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයට අදාළ සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු බවත් ඒ අනුව සතියක් ඇතුළත අදාළ ගිවිසුම් අත්සන් කිරීමට බලාපොරොත්තු වන බවත් සම කැබිනට් ප්‍රකාශක, බලශක්ති අමාත්‍ය, උදය ගම්මන්පිල මහතා පැවසීය. 04 January 2022
බෙදන්න දුන් ලියුම් ගෙදර තබාගත් පියුම් ගෙදර බෙදීමට තිබූ ලිපි ළඟ තබාගත්තැයි මාතලේ බලකඩුව ප්‍රදේශයේ ලියුමි බෙදන්නකුගේ සේවය අද (04) සිට වහාම අත්හිටු වු බව මාතලේ ප්‍රාදේශිය තැපල් අධිකාරි අනුර රත්නායක මහතා පැවසීය. 04 January 2022
‘‘ඉතාම සරල දානයක් සකස් කරන්න‘‘ මේ දුෂ්කර අවස්ථාවේ භික්ෂූන් වහන්සේලාට දානය සකස් කිරීමේදී වෑංඡනයකට දෙකකට සීමා කර ඉතාමත් සරලව දානය පිළියෙල කරන්නැයි සමස්ත භික්ෂූ පරපුර වෙනුවෙන් සියලූ පිංවතුන්ට කරුණාවෙන් මතක් කරන බව ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ. 04 January 2022
‘‘විස්ස අවලංගු කර දහනවය යළි ගෙන ආ යුතුයි‘‘ 20 වැනි සංශෝධනය වහාම අවලංගු කළ යුතු බවත් 19 වැනි සංශෝධනයේ අඩුපාඩු සකසා යළි ගෙන ආ යුතු බවත් හිටපු ජනාධිපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. 04 January 2022
කැලණිය මහා ශිෂ්‍ය සංගමය විරෝධතාවක කැලණිය විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන්ගේ නිදහස වෙනුවෙන් හඬ නැගූ ශිෂ්‍ය නායකයන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීම, සිසු නායකයන්ට වසර ගණන් පංති තහනම් කිරීම සහ විශ්වවිද්‍යාලයේ සවිකරතිබූ සී.සී.ටී.වී. පද්ධතිය ගැලවීමේ සිද්ධිය සම්බන්ධයෙන් රුපියල් ලක්ෂ 51 ක වන්දියක් ඉල්ලා සිටීම ආදි කරුණු රැසක් මූලිකරගනිමින් එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරියේ අද (4) පෙරවරුවේ උද්ඝෝෂණයක් පැවැත්වීය. 04 January 2022
බස් 500ක්-ජීප් 750ක් ගෙන්වීමට අවසර ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ආසන 32 - 35 නව බස්රථ 500ක් සහ ශ්‍රී ලංකා පොලීසියට ජීප් රථ 750ක් මිල දී ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 04 January 2022
දෙමටගොඩ රුවන් යළි රිමාන්ඩ් හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් රුපියල් කෝටි ගණන් වටිනා දේපළ උපයා ගනිමින් මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව වරදක් සිදු කලැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රුවන් චමිල නොහොත් දෙමටගොඩ රුවන් ලබන 18 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික රාගල මහතා අද (04) නියෝග කළේය. 04 January 2022
‘ආණ්ඩුවත් පිපිරෙන්න ළඟයි‘ මේ වසර අවසන් වන්නට පෙර ආණ්ඩුවත් පිපිරී යාමට නියමිත බව ඉතා පැහැදිලි යැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 04 January 2022
කඳුකර කොටි හතකට ගෙවුණු වසරේදී දිවි අහිමි වෙයි ගෙවී ගිය 2021 වසරේදී මධ්‍යම පළාත තුළ කඳුකර කොටියන් 7 දෙනකු විවිධ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මිය ගොස් ඇතැයි වනජීවී නිලධාරීහු පවසති. 04 January 2022
’’අමාත්‍ය ධූරය මට ලොකු දෙයක් නෙමෙයි’’ රාජ්‍ය ඇමැතිධූරයෙන් ඉවත් කිරීම තමාට ලොකු දෙයක් නොවන බවත් නීතිඥයකු වන තමා හෙට සිට අධිකරණයේ රාජකාරියට යන බවත් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කෙරුණු සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය. 04 January 2022
’’පොඩි ලැසී’’ යළි රිමාන්ඩ් පාතාල කල්ලි සාමාජිකයෙකු බව කියන ජනිත් මධුශංක හෙවත් ’’පොඩි ලැසී’’ නමැත්තා ලබන 18 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා අද (04) නියෝග කලේය. 04 January 2022
නිධන් ගන්න ගිය කතක් ඇතුළු 4 ක් මාට්ටු මාතලේ පලාපත්වල කිරිගල්පොත්ත ප්‍රදේශයේ ඉඩමක නිධානයක් ගැනිමේ අරමුණින් කැණිම් සිදු කළ බව කියන කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් සිව්දෙනෙකු අද (04) අත්අඩංගුවට ගත් බව මාතලේ කොට්ඨාස දුෂණ විමර්ශන කාර්යංශය කියයි. 04 January 2022
’’සහන පැකේජයෙන් රටේ අති උද්ධමනයක් ඇතිවිය හැකියි‘ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හඳුන්වා දුන් සහන පැකේජය තුළින් රට මුහුණ දී ඇති ඩොලර් අර්බුදයට විසඳුමක් නොලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. 04 January 2022
සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය ඇමැති ධූරයෙන් ඉවතට කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. 04 January 2022
පළාත් කිහිපයකට විටින් විට වැසි උතුරු, නැගෙනගිර, උතුරු මැද සහ ඌව පළාත්වලත්, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (4) දිනයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 04 January 2022
ටික් ටොක් වීඩියෝවෙන් බාලවයස්කරු මරුට ටික් ටොක් වීඩියෝවක් සම්බන්ධයෙන් ඇතිවූ බහින් බස් වීමක් අතරතුර ඇති වූ ගැටුමකින් ග්‍රෑන්ඩ්පාස් රන්දිය උයන මහල් නිවාස සංකීර්ණය ආසන්නයේ දී 17 හැවිරිදි බාලවයස්කරුවක්ට පිහියෙන් ඇන මරා දමා ඇතැයි ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි. 04 January 2022
වාරියපොළ ප්‍රා.සභාපතිට ධූරය අහිමි වෙයි වාරියපොල ප්‍රාදේශීය සභාවේ සභාපති ඩී.එම්.ටී.බී. දිසානායක මහතා මෙම ජනවාරි මස 01 වෙනි දින සිට ධූරයෙන් ඉවත් කළ බවට වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහත විසින් 2022 01 03 දින අංක 2261/04 දරණ අති විශේෂ ගැසට් පත්‍රයෙන් ප්‍රකාශයට පතකර ඇත. 04 January 2022
රජය අයි.එම්.එෆ් සමග සාකච්ඡා කිරිමට යයි ජාත්‍යයන්තර මුල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථික ගැටළු සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කීවේය. 04 January 2022
බොරැල්ලේ ස්වර්ණාභරණ කොල්ලයේ ප්‍රධාන සැකකරු මාට්ටු බොරැල්ල නගරයේ ස්වර්ණාභරණ අලෙවිසලකට ඇතුළු වී වෙඩි තබා සේවකයන් බියකර රුපියල් ලක්ෂ 30 ක් පමණ වටිනා රන් ආභර කොල්ලකෑමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු මාවනැල්ල ප්‍රදේශයේදී මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාතේ උසස් පොලිස් නිලධාරියකු පැවැසීය. 04 January 2022
දකුණු අප්‍රිකා පාර්ලිමේන්තුව යළි ඇවිළෙයි දකුණු අප්‍රිකාවේ පාර්ලිමේන්තු ගොඩනැගිලි සංකීර්ණයට අයත් ප්‍රධාන පැරැණි ගොඩනැගිල්ලේ යළිත් වරක් ගින්නක් හටගත්තේය. 04 January 2022
මහවැලි ගඟේ සංවේදී කලාපයක වැලි ගන්න අවසර දීලා ත්‍රිකුණාමලය සාපි නගර් ප්‍රදේශයේ මහවැලි ගඟේ හෙක්ටයාර් 27 භූමි ප්‍රමාණයක් යන්ත්‍ර සුත්‍ර යොදා වැලි කැණිමට නීති විරෝධීව අවසරයක් ලබා දී ඇතැයි පරිසරවේදීහුු පෙන්වා දෙති. 03 January 2022
රජයෙන් මේ මස සිට සහන මල්ලක් කොව්ඞ් වසංගතය සහ ආර්ථික ගැටළු වලින් පීඩා විඳින ජනතාවට සහන ලබාදීම සඳහා විශේෂ සහන පැකේජයක් ලබාදීමට රජය තීන්දු කළ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කොළඹ මුදල් අමාත්‍යංශයේදී අද රාතී‍්‍ර පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. 03 January 2022
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026