මත් ජාවාරමේ නිරත පිරිසක් මාට්ටු
බහුදින යාත්‍රා උපයෝගී කරගෙන දකුණු මුහුදු තීරයේ මත්ද්‍රව්‍ය ජාවාරම මහා පරිමාණයෙන් සිදු කළ පුද්ගලයකු සහ ඊට ආධාර අනුබල දුන් පුද්ගලයකු තංගල්ල තෙලිකඩ ප්‍රදේශයේදී ගිනි අවියක් ,මැගසින් දෙකක් රුපියල් කෝටියකට අධික මුදල් ඇතුළු රන් ආභරණ තොගයක් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා විශේෂ මෙහෙයුම් ඒකකය කියයි.