
(අංජුල මහික වීරරත්න)
ජනතාව බඩගින්න නිවා ගන්නට ආහාරයට ගන්නා සුඛෝපභෝගී නොවන සාමාන්‍ය එළවළු මාළු සහ කරවල ආදියේ මිල අදහා ගන්නට බැරි තරමට වැඩි වී තිබෙන අයුරු වෙළඳපොලේ සංචාරයක දී දැකගත හැකි විය.
සුපිරි වෙළෙඳ සැල්වල මෙන්ම සාමාන්‍ය වෙළඳපොලේ ද බඩු මිලේ ලොකු පරතරයක් දකින්නට නොලැබිණි.
මීට මාස කිහිපයකට පෙර රුපියල් 100 නොඉක්ම වූ ඇතැම් එළවළු කිලෝවක මිල මේ වන විට රුපියල් 1000 ට ආසන්න වෙමින් තිබිණි.
වෙළඳපොලේ අද ( 13 ) එළවළු කිහිපයක කිලෝවක මිල ගණන් මෙසේය.
මාළු මිරිස් 890,තක්කාලි 890,කැරට් 500,බීට් රූට් 600,දෙහි 950,අමු මිරිස් 900,ලීක්ස් 320,තුඹ කරවිල 1380,පතෝල 480,වැටකොලු 550,කැරට් 890,දඹුල 660,මෑ කරල් 460,ලොකු ලූනු 290,රතු ලූනු 960,සුදු ලූනු 840,අර්තාපල් 390 වශයෙනි.
සුපිරි වෙළෙඳ සැල්වල බොහෝ එළවළු රාක්ක හිස් වී පවතින අයුරුද දැකගත හැකි විය.
සුපිරි වෙළෙඳ සැල්වල රුපියල් 250කට පමණ අලෙවි වූ බිත්තර දහයක අසුරනය මේ වන විට රුපියල් 515 කි.
මාළු මිල ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර මාළු වර්ග කිලෝවක මිල මෙසේ සටහන් විය.
ලින්නා 1380,ලේන පරවි 1440,දැල්ලා 2130,කාරල්ලා 7900,අලගොඩුවා 1230,ඉස්සා 1690ක් වශයෙනි.
සාමාන්‍ය වෙළඳපොලේ කරවල මිල ගනන් සඳහන් වූයේ මෙසේය.
හාල්මැස්සන් 3000,බලයා 2400,කට්ටා,3400,තලපත් 3600,කීරමින් 3000,කූනිස්සන් 2000 වශයෙනි .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳට තිබිච්චි මේ රට බංකොලොත් කරපු නන්දසේන සහ නඩයට සොබාදහමින් පඩිසන් ලැබේවි...!
දැන් තියෙන්නේ රට කාපු අයව කන්නයි...