IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


‘‘අගමැතිත් අරන් ගෙදර යන්න‘‘

(නුවන් කුමාර)

එක් එක් කෙනාට බෝලය පාස්නොකර ජනාධිපති වගකීම බාරගෙන  ධුරයෙන් යා  යුතු බව උතුරුමැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සමරකෝන් මහතා පවසයි.

යහපාලන ආණ්ඩුව ගෙදර යවන්න දැඩි කැපවීම් කරලා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය කළා. ඒ පක්ෂය වටේ ඉතා කෙටි කාල සීමාවක් තුළ අතිවිශාල පිරිසක් එක්වෙලා 2018 වර්ෂයේ පැවැති පළාත් පාලන මැතිවරණය ජයගත්තා.

ඊට පස්සේ 2019 වර්ෂයේ පැවැති ජනාධිපතිවරණයේදී රට ගොඩ නගයි කියන දැඩි බලාපොරොත්තුව ඇතිව ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කළා.

හැබැයි බලය ගත්ත දා ඉදලා දවසින් දවසින් ජනතාවගේ බලාපොරොත්තු කඩ කරන්න පටන්ගත්තා. ඒක තමයි මේ ව්‍යාකූල තත්ත්වයට මුල. තමන්ගේ මාපියන්ට වගේ ආදරය කරපු පක්ෂ අතහැරලා තමයි පොහොට්ටුව වටේ එකතු වුණේ. එහෙම වුණේ ලොකු විශ්වාසයක් තියාගෙන. සමහරු කියනවා ලක්ෂ 69 ජනවරම ලැබුණේ ගෝඨාභයට කියලා. නැහැ 2018 පළාත්පාලන මැතිවරණයට ඔය කවුරුවත් හිටියේ නැහැ. තනතුරු පරිත්‍යාග කරමින් කැපවීම් කරපු පිරිස නිසයි ඒක ජයග්‍රහණය කළේ.

දවසින් දවස ආණ්ඩුවට තිබුණ ප්‍රසාදය අඩුවේගෙන ගිය නිසා පළාත් සභා මැතිවරණයත් කල් දැම්මා. රටේ නායකත්වය ගත්ත අදූරදර්ශි ක්‍රියාපිළිවෙත හින්දා අද රටේ ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වයක් ඇතිවෙලා තියෙන එක රහසක් නෙවෙයි. රනිල් වික්‍රමසිංහට අගමැති ධුරය දීලා ජනාධිපති හිතනවානම් ගත්ත හොදම තීරණය ඒක කියලා අපිට හිතාගන්න තියෙන්නේ ගොවියට පොහොර නොදී රටට වුණ විනාශය වගේ එකක් කියලා. අද දේශපාලන පක්ෂ සියල්ලම අරාජික වෙලා.අපිත් මුලින් හිටියේ අරගලකරුවන් කියන එක වැරදියි කියලා.

හැබැයි දැන් අපිට තේරෙනවා අරගලකරුවන් කියන දේ නිවරදියි කියලා. රටේ ජනතාව මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට යන්න කිව්වට පස්සේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා පත්කරගත්තේ ජනතාවට උපදෙස් දෙන්න නොවෙයි වැටුණු රට ගොඩ ගන්න. ඒත් මෙතුමා කරන්නේ වෙන එකක්. ඒක හින්දා මම කියන්නේ මේ අගමැතිතුමත් අරගෙන ජනාධිපතිතුමාට ගෙදර යන්න කියලා යැයිද හෙතේම වැඩිදුරටත් සදහන් කළේය.

 



අදහස් (3)

‘‘අගමැතිත් අරන් ගෙදර යන්න‘‘

fairoos Tuesday, 14 June 2022 12:04 PM

හරියට හරි... ඉන්න සෙට් එකම තොලොංචිවෙලා ගියොත් තමයි රටට සෙත...

:       4       16

සිල්වා Tuesday, 14 June 2022 01:43 PM

පොහොට්ටුව බලයට පත්වුණේ උපරිම ලෙස ජාතිවාදය පාවිච්චි කරලා. රටපුරා වස පැල පැල කරලයි. එය අද භුක්ති විඳීමට සිදුවෙලා...

:       4       23

sharm warn Wednesday, 15 June 2022 10:59 AM

අගමැතිට නම් ගෙදර යන්න පුලුවන් වෙයි. නමුත් ජනාධිපතිට යන්න වෙන්නෙ කූඩුවට කියල දන්න නිස තමයි මෙ පොමනෙරියන් ව අගැති කරගෙන එල්ලිල ඉන්නෙ..

:       2       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 514 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2249 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1682 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site