(ඩයනා උදයංගනී)
වාර්ෂික මුළු පිරිවැටුම රුපියල් මිලියන 120 ඉක්මවන ආනයනකරුවන්, නිෂ්පාදකයන්, සේවා සපයන්නන්, තොග වෙළෙඳුන් සිල්ලර වෙළෙඳුන් සඳහා සියයට 2.5ක අනුපාතයක් යටතේ සමාජ ආරක්‍ෂණ දායකත්ව බද්ද නමින් නව බද්දක් හඳුන්වාදීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.
ඒ සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පතට නීතිපතිගේ නිෂ්කාෂණ ලැබී ඇති අතරඑය රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, අනතුරුව පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමටත් මෙහිදී අනුමැතිය හිමිව තිබේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංම මහතා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ඉදිරිපත් කළ යෝජනාවට මෙම අනුමැතිය හිමිව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් බඩුමිල ඉහළ යන ලකුණු...!