(රංජන් කස්තුරි)

සුරාබදු දෙපාර්තමේන්තුවට එරෙහිව අභූත චෝදනා එල්ල කළ මැත්පැන් අලෙවි බලපත්‍රලාභීන්ට එරෙහිව නීත්‍යාණුකූල පියවර ගන්නා බව සුරාබාදු කොමසාරිස් ජනරාල් එම්.ජී. ගුණසිරි මහතා පවසයි.

සුපිරි වෙළෙඳසල්වලට මත්පැන් අලෙවි බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් ඔවුන් සුරාබදු දෙපාර්තමේන්තුවට අභූත චෝදනා එල්ල කරන බව ද ඔහු පැවැසීය.

සුපිරි වෙළෙඳසල්වලට මත්පැන් අලෙවිය ලබාදුන් පසුව තමන්ට අලෙවිය අඩුවන නිසා මෙවැනි චෝදනා නඟන බව ද ඔහු කීය.

ඇතැම් මත්පැන් අලෙවිසල් හිමියන් ඒකාධිකාරියක් ගොඩනඟා ගැනීමට සංවිධාන්ත්මකව කටයුතු කරන අතර ඔවුන්ගේ ඇතැම් ක්‍රියා හේතුවෙන් පාරිභෝගිකයන් අසාධාරණයට ලක්වන අතර ඇතැම්විට අපහසුතාවයටපත්වන බව ද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා කීය.