
(ජේ.කේ.එල්. චාමින්ද)
ගාල්ල උඩුගම ප්‍රධාන මාර්ගයේ කොට්ටව ප්‍රදේශයේ දි ධාවනය වෙමින් තිබු ත්‍රිරෝද රථයක් මතට වන රක්ෂිතයේ තිබු හොරගසක අත්තක් කඩාගෙන වැටිමෙන් ත්‍රිරෝද රථයේ ගමන්ගත් එකම පවුලේ සිව්දෙනකු බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කළ බව යක්කලමුල්ල පොලිසිය පවසයි.
මෙසේ තුවාල ලබා ඇත්තේ එකම පවුලේ මව පියා සහ පුතුන් දෙදෙනෙකි. මව සහ පුතකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබන බව පොලිසිය පවසයි. මොවුන් හිනිදුම ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙති. පියා සහ මව 58 හා 56 වැනි වියේ පසුවන අතර පුතුන් දෙදෙනා 30 හා 26 වැනි වියේ පසුවෙති.
පියා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබමින් සිට ඇත. පියා රෝහලින් නිදහස්කරගෙන ත්‍රිරෝද රථයෙන් නිවස වෙත යමින් සිටියදි මෙම අනතුරට ලක්ව ඇත. ත්‍රිරෝද රථය පදවා ඇත්තේ පුතෙකු වන අතර ඔහු විශ්වවිද්‍යාල සිසුවෙකි.
කොට්ටව රක්ෂිතයේ තිබු අඩි 150ක් පමණ උසින් යුතු පැරණි හොරගසක් තවත් හොරගසක් මතට කඩාගෙන වැටිමෙන් එම ගසේ අත්ත ධාවනය වෙමින් තිබු ත්‍රිරෝද රථය මතට වැටි ඇති බැව් පොලිසිය පවසයි. පොලිසියේ මැදිහත්විමෙන් තුවාලකරුවන් රෝහල්ගත කිරිමට පියවරගනු ලැබිය. ත්‍රිරෝද රථයට දැඩි අලාභහානි වි ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd