(රන්ජන් කස්තුරි)
මත්කාරක ගුලිවර්ග භාවිතයට තරුණ පිරිස මෙන්ම පාසල් සිසුන්ට යොමුවීමේ ඉහළ ප්‍රවණතාවක් ඇතැයි ද එය පාලනය කිරීමට ඉක්මන් පියවරක් නොගතහොත් රටට බරපතළ සෞඛ්‍ය ප්‍රශ්න ඇති විය හැකි යැයිද මානසික සෞඛ්‍ය පදනමේ සභාපති සහ ශ්‍රී ජවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඥානදාස පෙරේරා මහතා පැවසීය.
මත්ගුලි භාවිතය වැඩිවීමෙන් මානසික විකෘතින් සහිත ප්‍රජාවක් බිහිවීමේ දැඩි අවදානමක් පවතින බවද කොළඹදී ඉකුත්දා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මහාචාර්ය ඥානදාස පෙරේරා මහතා කීවේය.
මත්ගුලි භාවිතය ඉහළ යෑම සමඟ සමාජ ආර්ථික පීඩනය වැඩිවෙනවා. නීත්‍යානුකූල මත්පැන්වල මිල ඉහළ යාමත් මෙවැනි දේ භාවිතයට හේතුවක්. මත්ගුලි මිල අඩු මත් ආදේශයක්. මේ නිසා සිද්ධ වෙන්නේ මානසික විකෘතීන් සහිත ප්‍රජාවක් බිහිවීමයි.
මෙවැනි ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරන පුද්ගලයකු හැටියට අප මේ තත්ත්වය තුළින් සමාජයට සිදුවන නරක ප්‍රතිඵල අත්දැක තිබෙනවා. මත්ගුලි භාවිතයෙන් සමාජයේ යහපැවැත්ම නැති වෙනවා. මේ නිසා මානසික විකෘතිතා ඇති රෝගීන් ශීඝ්‍රයෙන් වැඩිවේවි. මත්ගුලිවලට නියාමනයක් අවශ්‍යයි. දැනට ලංකාවේ තිබෙන නියාමනය ගැන සෑහීමකට පත්වෙන්න බැහැ. ඇත්තටම මත්ගුලිවලට ලංකාවේ නියාමනයක් නැති තරම්.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාගේ කියමන මසුරන් වටිනවා. ලංකාවට ඇවිල්ලා ගිය දෑසින්ම දැකපු විදේශිකයින් ඔය ගැන අනන්ත වාරයක් කියලා තියෙනවා..! එනම් පුදුම විදියට ටියුෂන් පන්ති යන ළමයි මත්පෙති පාවිච්චි කරන්නේ කියලා.. ඊට අමතරව රාත්‍රියට බීච් එකට එන අය ඒ අතර බොහෝමයක්...! හැබැයි රජය දැනගෙනම දෑස් වසාගෙන ඉන්නේ ඇයිද යන්න ප්‍රශ්නයක් බව ඒ අයටත් වැටහේ..!
මහාචාර්යතුමාගේ අදහස් අගය කරමු. සත්‍ය වශයෙන්ම, මේ රටේ මත්ද්‍රව්‍ය වුවදුර නිසිලෙස වැළැක්වීමට සුදුසු ක්‍රියාමාර්ග තවමත් අරගෙන නැති බවයි පෙනීයන්නේ. පාසල් දරුවන් මේ මත්ද්‍රව්‍ය බෙදාහරින්නන්ගෙන් රැකගත යුතුයි. සමාජ මාධ්‍යජාල ඔස්සේ සිදුකෙරෙන උත්සව හා පාටිවලදී මත්ද්‍රව්‍ය ගෙන පොලිස් අත්අඩංගුවට පත්වූ තරුණ තරුණියන් ගැනද නිතර දෙවේලේ අසන්නට ලැබේ...