සඳුදා රජයේ නිවාඩු දිනයක් මෙම මස 13 වැනි (සඳුදා) රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. 10 June 2022
කෘෂි ඇමති ’’හොඳ’’ හෙටක් ගැන කියයි යල කන්නයේ වගා කරතියි අපේක්ෂිත කුඹුරු වලින් සියයට අනුවක් මේ වන විට වගා කටයුතු අරඹා ඇතැයි කෘෂිකර්ම වනජීවී සහ වන සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 10 June 2022
ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගැන කෝප් සභාපතිගෙන් බරපතළ ප්‍රකාශයක් ශ්‍රී ලංකන් ගුවන් සමාගම රටේ රාජ්‍ය යාන්ත්රණයට මූල්‍යමය වශයෙන් බරපතල බරක් හෙයින් එම ආයතනය රාජ්‍ය ව්‍යාපාරයක් ලෙස රටේ ජාතික ආර්ථිකයට සිදුකරන අහිතකර බලපෑම සම්බන්ධයෙන් විශේෂයෙන් මැදිහත් වන ලෙස කෝප් කමිටුවේ සභාපති, මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදි අද (10) රජයෙන් ඉල්ලිමක් කළේය. 10 June 2022
ධම්මික පෙරේරාගේ නම මැතිවරණ කොමිසමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට ධම්මික පෙරේරා මහතා පත්කරන බව සඳහන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් අද (10) මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. 10 June 2022
අනුරාධපුර පොසොන් දන්සැලුත් අඩුවෙයි අනුරාධපුර අටමස්ථානය සහ තන්තිරිමලේ පුදබිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන මෙවර ජාතික පොසොන් උත්සවය වෙනුවෙන් තවමත් ලියාපදිංචි වී ඇත්තේ දන්සල් 15 ක් පමණක් බව වාර්තා වේ. 10 June 2022
සතොසෙ රාක්ක හිස් වෙයි සතොස අළෙවිසල්වල ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ නොමැතිවීමෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති. 10 June 2022
ප්රචණ්ඩ ක්‍රියා ගැන අගමැති පොදු රාජ්‍ය මණ්ඩල පාර්ලිමේන්තුවට ලියයි ගෝල්පේස් අරගලයට පහරදීම,පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඝාතනය කිරීම මෙන්ම ගෙවල් ගිනි තැබීම සම්බන්ධයෙන් විභාගයක් කරන්නැයි පොදු රාජ්‍ය මණ්ඩල පාර්ලිමේන්තු සභාවට තමා ලිඛිතව දැනුම් දුන් බව එක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 10 June 2022
පවිත්රාට අලුත් අමාත්‍යංශයක් අලුතින් ඇතිකරන ලද කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය ධුරයට හිටපු ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පත් වීමට බොහෝදුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 10 June 2022
අයිතිකරුවන් බාර නොගත් ඇපල් තොගයක් සතුන් වත්තට කොළඹ වරායෙන් ඉවත් කර නොගැනුණු ඇපල් කිලෝ 24,000ක් වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් දෙහිවල සත්වෝද්‍යානයට අද බාර දෙනු ලැබීය. 10 June 2022
ධම්මික පෙරේරා පොහොට්ටුවේ සාමාජිකත්වය ගනියි ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් බව එම පක්ෂය පවසයි. 10 June 2022
පකිස්තාන තානාපති කාර්යාලයෙන් ප්‍රදානයක් පකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් ඕමාර් ෆාරුක් බර්කි මහතා සහ පකිස්තාන කොන්සියුලර් ජෙනරාල් අෆ්සාල් මරික්කාර් මහතාගේ ප්‍රධානත්වයෙන් පරිගණක,ක්‍රීඩා භාණ්ඩ,වියළි ආහාර,මහන මැෂින් ප්රදානය කිරීමේ සහ සංඝරත්නය වෙනුවෙන් ’’අවසාකිය’’ නම් ආවාස ගෙය පරිත්‍යාග කිරීමේ උත්සවයක් ඊයේ(09) මාතලේ කෝංගලහාමුල්ල කිබාලාරාම විහාරස්ථානයේදී පැවැත්විණ. 10 June 2022
මූල්‍ය අරමුදල ජුනි 20 ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ජූනි මස 20 වැනි දා ලංකාවට පැමිණෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 10 June 2022
මන්ත්‍රී අතුකෝරළගේ බිරිඳ මැතිසබයේදී හඬා වැටේ සාහසිකයන් පිරිසක් විසින් නිට්ටඹුවේදී ඝාතනය කෙරුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා පිළිබඳ ශෝක යෝජනා විවාදය දැකබලා ගැනීමට පැමිණි අතුකෝරල මහතාගේ බිරිඳ වන මාලනි අතුකෝරල මහත්මිය පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සිය ස්වාමියාගේ ගුණ වර්ණනා කරන සෑම අවස්ථාවකදීම වරින්වර හඬා වැටීම අද මැතිසබයේදී දක්නට ලැබුණු සංවේදී සිද්ධියක් විය. 10 June 2022
පොහොට්ටු මන්ත්‍රීවරු කළු පටි පැළැඳ මැතිසබයේ ප්‍රචණ්ඩකාරීන් පිරිසක් විසින් නිට්ටඹුවේදී ඝාතනය කෙරුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොලොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතාගේ එම ඝාතනයට විරෝධය පළ කරමින් ඒ පෙරමුණේ සියලුම මන්ත්‍රීවරුන් කළු පටි පැළැඳ පාර්ලිමේන්තු සභා ගර්භයට අද (10) පැමිණ සිටීම විශේෂ සිද්ධියක් විය. 10 June 2022
බැසිල්ගේ අස්වීම නිල වශයෙන් නිවේදනය කරයි බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වීම පිළිබඳ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයාට ලැබී ඇති බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිල වශයෙන් නිවේදනය කළේය. 10 June 2022
නව අමාත්‍යංශ දෙකක් තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන සහ කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ යන අමාත්‍යාංශ දෙකක් පිහිටුවමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. 10 June 2022
දවස පුරා තැනින් තැනට වැසි සබරගමුව පළාතේත්, මහනුවර, නුවරඑළිය සහ කළුතර දිස්ත්‍රික්කවලත් අද (10) විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 10 June 2022
මෙක්සිකෝවේ පාලමක් විවෘත කළ සැණින් කඩා වැටිලා මෙක්සිකෝවේ අලුතින් ඉදිවුණු එල්ලෙන පාලමක්, විවෘත කළ සැණින් කඩා වැටී ඇති අතර, එය විවෘත කළ නගරාධිපතිවරයා ඇතුළු 20 දෙනෙකු තුවාල ලැබූහ. 10 June 2022
විශ්වයෙන් අබිරහස් සංඥාවක් ආලෝක වර්ෂ බිලියන තුනක් ඈතින්, වෙනත් මන්දාකිණියක සිට අබිරහස් ගුවන් විදුලි සංඥාවක් ලැබෙමින් පවතින බව තාරතා විද්‍යාඥයෝ පවසති. 10 June 2022
ආර්ථිකය බිඳ වැටුණේ බදු පතිපත්තිය නිසා නොවෙයි ආණ්ඩුවේ බදු ප්‍රතිපත්ති වෙනස් වීමට වඩා රටේ ආර්ථිකය බිඳවැටීමට හේතු වූයේ වාහන ආනයනය නැවතීම සහ කොවිඩ් තත්වය බව මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්. ආර්. ආටිගල මහතා පැවසීය. 09 June 2022
මෝටර් රථය දුම්රියේ ගැටී දෙකක් මරුට යාපනය අරියාලෙයි ප්‍රදේශයේදී අද (09)රාත්‍රියේ දුම්රියක මෝටර් රථයක් ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනකු මිය ගොස් ඇතැයි යාපනය පොලීසිය පවසයි. 09 June 2022
තෙල් ජාවාරමක් අතේ මාට්ටු දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහා ප්‍රදේශයේදී ඉන්ධන බවුසරයකින් හොර රහසේ ඉන්ධන පිටතට ගෙන අලෙවි කිරීමේ ජාවාරමක් අසුකර ගැනීමට පොලීසියට හසු කර ගැනීමට පොලිසියට අද හැකි විය. 09 June 2022
‘ඖෂධ නැතැයි සිතා හදිසියකදී රෝහල්ගත නොවී ඉන්න එපා ‘ රෝහල්වල ඖෂධ නොමැති යැයි උපකල්පනය කර හදිසි අසනීපයකදී නිවසට වී සිටීමෙන් වළකින්නැයි රෝගීන් ගෙන් ඉල්ලීමක් කරන බව කොළඹ ජාතික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා ප්‍රකාශ කළේය. 09 June 2022
නගරෙන් ගමට ගොස් වී එකතු කරති වියළුව, මහියංගන, කන්දකැටිය, රිදීමාලියද්ද, මීගහකිවුල , ආදී වී ගොවිතැන බහුලව සිදු කෙරෙන ප්‍රදේශයන්හි වී මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව ගොවීහු කියති. 09 June 2022
’අඩු ආදායම්ලාභී පාසල් සිසුන්ට වියළි ආහාර’ චීන තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා චීන මිත්‍රත්ව සංගමය එක්ව කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් තුනක අඩු ආදායම් ලාභී පාසල් සිසුන්ට වියළි ආහාර ලබාදීම ශ්‍රී ලංකාවේ චීන තානාපති චී සෙන්හොන්ග් මහතාගේ ප්‍රධානත්වයෙන් කොටහේන මධ්‍ය මහා විද්‍යාලයේ දී අද (9) සිදුකෙරිණි. 09 June 2022
පොලිස් මුලස්ථානයේ ඉදිරිපිට විරෝධතාකරුවන්ට කදුළු ගෑස් ප්‍රහාර අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවති මයිනා ගෝ ගම හා ගාලු මුවදොර ගෝඨා ගෝ ගම අරගලකරුවන්ට පහර දීමේ සිද්ධියට සම්බන්ධ හිටපු අගමැතිවරයා ඇතුළු සැකකරුවන් සියලු දෙනා අත්අඩංගුවට ගැනීමට බලකරමින් සංවිධානාය කර තිබු විරෝධතා පා ගමනකට පොලිස් මුලස්ථානය ඉදිරිපිටයදී අද (9) පස්වරුවේ අවස්ථා කිහිපයකදී ම කදුළු ප්‍රහාර එල්ල කර විසුරුවා හැරියහ. 09 June 2022
මුහුණු ආවරණ පැළඳීම හෙට සිට අනිවාර්ය නොවේ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීම අනිවාර්ය කර තිබූ මුහුණු ආවරණ පැළඳීමේ නීතිය හෙට (10) සිට අනිවාර්යෙන් නොවන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. 09 June 2022
මගෙ දුරකථනයත් නාද වෙන්නෙ ‘බැසිල් බැසිල්’ කියලා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ දුරකථනය නාද වෙන්නේ ද ‘බැසිල් බැසිල්’ ලෙස යැයි ඒ මහතා අද (9) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී පැවසීය. 09 June 2022
ගෑස් තොගයක් වරායේ හිරවෙයි ලිට්රෝ සමාගම ආනයනය කළ ගෑස් මෙට්‍රික්ටොන් 3900 ක් රැගත් නෞකාවකට ඉතිරි ඩොලර් මිලියන 2.5 ගෙවීමට එම සමාගම අද (9) පස්වරුව දක්වා අපොහොසත්වීමෙන් ගෑස් ගොඩබෑමෙන් නොහැකි වී තිබේ. 09 June 2022
ජොන්ස්ටන්ට ඇප අභියාචනාධිකරණ නියෝගයට අනුව අධීකරණයට භාරවූ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා රුපියල් කෝටිය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (09) නියෝග කළේය. 09 June 2022
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026