‘‘මේ රජය ගෙදර යන තුරු රට හදන්න බෑ‘‘ වර්තමාන රජය වෙනස් වන තුරු මෙරට ගොඩනැගිය නොහැකි බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. 11 June 2022
රුසියාව පරාජය කරන්න තව අවි ආයුධ ඕනෑ රුසියන් යුක්රේන යුද්ධය නිසා හටගත් අර්බුදය මුළු ලොවටම බලපෑමක් කර ඇති බවත්, අර්බුදය විසඳීමට නම් රුසියාව පරාජය කළ යුතු බවත් පෙන්වා දෙමින්, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී විදේශවලින් තව තවත් ආයුධ ඉල්ලා සිටියේය. 11 June 2022
වී කිලෝව රුපියල් 300ට නගී වී කිලෝවක් රුපියල් 300කට අධික මිලකට රටපුරා අලෙවි වන බව වාර්තා වේ. 11 June 2022
වැටලීම් අඩුවී සුරාවේ ’’පොකට්ටුව’’ හිඳෙයි සුරාබදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරි තනතුර තිස්හතරක් ඇතුළු තනතුරු පුරප්පාඩු 340 ක් නොපිරවීමෙන් බොහෝ වැටලීම් අඩාලවීම නිසා එහි ආදායම් උත්පාදනයට දැඩි බලපෑමක් සිදුවී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා )පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අලුත්ම වාර්තාවේ සඳහන් වේ. 11 June 2022
ධීවර වරායන්ට ඉන්ධන වෙනම ගෙන්වීමට අවසර දිවයිනේ සියලුම ධීවර වරායන් සඳහා ඉන්ධන වෙනම ගෙන්වීමට රජය අවසර ලබාදී ඇත. 11 June 2022
සංස්ථාවට වඩා තෙල් ඇති තැනක් ගැන ඇමති කියයි කොලොන්නාව මුතුරාජවෙල සපුගස්කන්ද ඇතුළු ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඩිපෝ වල ඇති තෙල් ප්‍රමාණයට වඩා වැඩි තෙල් ප්‍රමාණයක් රටේ වෙනත් තැන්වල පවතින බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 11 June 2022
පොසොන් වන්දනාවට විශේෂ දුම්රිය පොසොන් පොහොය නිමිත්තෙන් අනුරාධපුර වන්දනාවේ යන මගීන් වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය කරවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 11 June 2022
සුදු රතු කැකුළුවලට උපරිම සිල්ලර මිලක් දේශීය සුදු සහ රතු කැකුළු සහල් කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 210 ලෙස දක්වමින් ගැසට් නිවේදනයක් රජය විසින් ඊයේ නිකුත් කරනු ලැබීය 11 June 2022
කොටුව දුම්රිය ස්ථානයේ නොසන්සුන් තත්වයක් දීර්ඝ සති අන්තයේ දුම් රියෙන් ගම් බිම් කරායාමට මගීන් විශාල පිරිසක් පැමිණීමෙන් දැඩි තදබදයක් ඇතිවී අද උදෑසන කොටුව දුම් රිය ස්ථානයේ දැඩි නොසන්සුන්කාරී තත්වයක් ඇතිවිය. 11 June 2022
ගුණාත්මක රාජ්‍ය සේවයකට ජනපතිගෙන් උපදෙස් ගුණාත්මක රාජ්‍ය සේවයක් ජනතාවට ලබාදීම සඳහා විධිමත් අධ්‍යයනයක් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට ඊයේ උපදෙස් දුන්නේය. 11 June 2022
සමූපෙ ගො.දා.සට දුන් කෝටි 12ක් බොල්වෙලා සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවට ලබාදී ඇති ණය මුදලකින් රුපියල් කෝටි 12 කට ආසන්න මුදලක් මෙතෙක් අයකර නොගැනීම සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ(කෝපා ) අප්‍රසාදය පළවී ඇත. 11 June 2022
මැති ඇමැති පිරිසක් ජිනීවා යයි සිය ගේදොර ගිනි තබා විනාශ කිරීම සම්බන්ධයෙන් සාධාරණය ඉල්ලා අන්තර් පාර්ලිමේන්තු සංගමයට හා ජිනීවා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමට පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් පිරිසක් තීරණය කර ඇත. 11 June 2022
ප්‍රබල රාජපක්ෂ චරිතයක් දේශපාලනයට සමු දෙයි? රාජපක්ෂ පවුලේ තවත් මන්ත්‍රීවරයකු සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ සූදානමක් පවතින බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 11 June 2022
සහල් වැඩි මිලට වික්ක හතකට නඩු සහල් වැඩි මිළට වික්ක බලංගොඩ, ඕපනායක හා වැලිගෙපොල යන ප්‍රදේශයන්හි වෙළද ආයතන 07 කට එරෙහිව නඩු පැවැරූ බව රත්නපුර දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. 11 June 2022
පළාත් රැසකට අදත් වැස්ස බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (11) වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 11 June 2022
ඉන්ධන ගන්නත් මුදල් අච්චුගහන්න වෙනවා ඉන්ධන මිලදීගැනීමට ඩොලර් ලබාගැනීමට මුදල් අච්චුගැසීමට සිදුවනු ඇති බවත් ඉදිරි මාස තුනට අවශ්‍ය ඉන්ධන ආනයන සඳහා මුදල් සොයාගැනීම විශාල අභියෝගයක් බවත් විදුලිබල හා බලශක්ති කාංචන විජේසේකර මහතා පැවසීය. 11 June 2022
ලෝක ආහාර සංවිධානය ලංකාවට එයි ලෝක ආහාර සංවිධානයේ (World Food Programme)නියෝජිතයින් ළඟදීම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 11 June 2022
දින පහක් පැය 2 ක විදුලි කප්පාදුවක් විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා මේ මස 13 වැනිදා සහ 15 වැනිදා සිට 18 දක්වා දින හතර ඇතුළු දින පහේ සියලුම කළාපවලට පැය 2 යි මිනිත්තු 15 ක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය අද (10) පස්වරුවේ පැවසීය. 10 June 2022
ලිට්රෝ ගෑස් හෙටත් නෑ පෝලිම්වල ඉන්න එපා ලිට්රෝ සමාගම ගෘහස්ථ ගෑස් සිලින්ඩර හෙට (11) දිනයේ බෙදානොහරින බව එම ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් අද (10) පස්වරුවේ පැවසීය. 10 June 2022
ඉන්ධන නෞකා 5 ක බලාපොරොත්තුවක් මෙම මස 11 වැනිදා සිට 22 වැනිදා දක්වා දින 12 කට කාලය තුළ ඉන්ධන නෞකා 5 ක් ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය. 10 June 2022
මන්නාරමේ දෙපිරිසක් ගැටී දෙකක් මරුට:හතරක් රෝහලට මන්නාරම, උයිලන්කුලම නොච්චිකුලම ප්‍රදේශයේ දෙපාර්ශවයක් අතර ඇතිවූ ගැටුමක් අතරතුර තියුණු ආයුධවලින් පරදීමෙන් සහෝදරයන් දෙදෙනකු ජීවිතක්ෂයටපත්ව තවත් සිව්දෙනකු තුවාල ලබා ඇතැයි මන්නාරම පොලිසිය කියයි. 10 June 2022
ජාතික පොසොන් සතිය අරඹමින් පැන් පෙරහර ගමන් කරයි ’’දේශය මිථ්‍යාවෙන් මුදා ගනිමු ’’යන තේමාව මුල් කර ගනිමින් මෙවර ජාතික පොසොන් සතිය ආරම්භ කරමින්, ඓතිහාසික පැන් පෙරහර ඉසුරුමුණිය රජමහා විහාරස්ථානය අබියසදී ආරම්භ මහමෙව්නා උයන දක්වා ගමන් කළේය. 10 June 2022
මොරටු සරසවියේ ආචාර්යවරුන්ගෙන් කෝටි 5 ක පොල්ලක් ගිවිසුම් හා බැඳුම්කර කඩකළ මොරටුව විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන් 35 දෙනකු රුපියල් කෝටි 5 කට වැඩි මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණයවී ඇත. 10 June 2022
රටම කළුවරේ තැබීම ත්‍රස්තවාදී ක්‍රියාවක් විදුලිබල පනතේ සංශෝධන පිළිබඳව ගැටලුවක් ඇමතිවරයා හෝ රජය සමඟ තිබේ නම් ඒකට සමස්ත රටේම මිනිස්සු කළුවරේ තියනවා කියන එක ත්‍රස්තවාදී ක්‍රියාවක් බවත් එවැනි සංවිධානයක් වෘත්තීය සමිතියක් නොව ත්‍රස්තවාදී සංවිධානයක් බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද (10) පැවසීය. 10 June 2022
කූඨ ලේඛන හදා රේගුවේ වාහනවලට ගේමක් දීලා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සහ ශ්‍රී ලංකා රේගුවේ උසස් නිලධාරීන්ගේ නිල මුද්‍රාව උපයෝගී කරගනිමින් කූඨ ලේඛන සකසා රේගුවේ නිශ්කාෂණය නොවූ වාහන දිවයිනේ විවිධ ප්‍රදේශවලට අලෙවි කළ පුද්ගලයෙකු අද (10) පස්වරුවේ කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 10 June 2022
විජිත හේරත් ලිට්රෝ සභාපති ධූරයෙන් ඉවත් වෙයි ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ධූරයෙන් ඉවත් වූ බව එහි සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා අද (10) පස්වරුවේ පැවසීය. 10 June 2022
වෑන් රථය ප්‍රපාතයට පෙරැළී තරැණයෙක් මරුට මහනුවර හතරළියැද්ද මුරුද්දෙණිය ප්‍රදේශයේදී වෑන් රියක් අඩි 35 ක් පමණ ප්‍රපාතකයට පෙරළී සිදුවූ රිය අනතුරින් එම වෑන් රථයේ රියදුරු ලෙස කටයුතු කළ 21 හැවිරිදි තරුණයෙකු එම ස්ථානයේදී මිය ගොස් ඔහුත් සමග ගමන් ගත් තවත් තරුණයෙකු තුවාල ලබා ඇති බව හතරළියැද්ද පොලිසිය කියයි. 10 June 2022
යූරියා ගන්න ගිවිසුමකට අත්සන් කරයි යූරියා පොහොර මෙට්ට්‍රික් ටොන් 65000 ක් මිලදී ගැනීම සඳහා ඩොලර් මිලියන 55 ක් ලබා ගැනීම සඳහා වන ගිවිසුමකට මුදල් අමාත්‍යංශය සහ ඉන්දීය එක්සිම් බැංකුව අද අත්සන් කළේය. 10 June 2022
ලංකාවේ ලක්ෂ 49 කට ආහාර ආධාර ඕනෑ ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් සියයට 22 කට එසේත් නැතිනම් ලක්ෂ 49 කට ආහාර ආධාර අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක හැනා සිංගර් හැම්ඩි මහත්මිය ප්‍රකාශ කළාය. 10 June 2022
මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතනය: ත්‍රිපුද්ගල මඩුල්ලක් පත්කරන්න ප්‍රචණ්ඩකාරීන් පිරිසක් විසින් නිට්ටඹුවේදී ඝාතනය කෙරුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතාගේ එම ඝාතනය සම්බන්ධයෙන් ත්‍රි පුද්ගල විනිශ්චකාර මණ්ඩලයක් පත්කරන්නැයි නීතිපතිවරයා මාර්ගයෙන් අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කරන ලෙස ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් පාර්ලිමේන්තුවේදී අද (10) ඉල්ලීමක් කළහ. 10 June 2022
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026