‘‘සහල් ගැන ගැටළුවක් නෑ‘‘
අනවශ්‍ය විදියට සහල් සහ වී තොග රැස්කරන්න එපා.වී තොග ප්‍රමාණවත් තරම් රට තුළ තිබෙනවා. වී අළෙවි මණ්ඩලය සතු වී තොග සහල් බවට පත් කොට 12 දිනයේ සිට සතොස වෙළදසල්වලට සමූපකාර වෙළදසල්වලට හා සුපිරිවෙළදසල්වලට නිකුත් කරනවා. එම සහල් රුපියල් දෙසීයට අඩුවෙන් දෙන්න තීරණය කොට තිබෙනවා යැයි කෘෂිකර්ම , වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.