ජනතාවට තව බර පටවන බදු පනතක් ගේන්න යනවා ආර්ථිකය කඩාවැටීමට හවුල් වූ අයට කිසිම ආර්ථික බලපෑමක් ඇතිවී නැතැයි ද නමුත් සාමාන්‍ය ජනතාවට විශාල බලපෑමක් ඇති වී තිබෙන බවද ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 06 September 2022
පෞද්ගලික ආයතනයක ලියාපදිංචි ත්‍රිරෝද රථවලට ඉන්ධන ලීටර් 15ක් දෙනවා මගී ප්‍රවාහන සේවය සපයන පෞද්ගලික ආයතනයක ලියාපදිංචි වූ ත්‍රී රෝද රථ වලට වහපු ෂෙඩ් එකක් විවෘත කර ත්‍රීරෝද රථයකට ඉන්ධන ලීටර් 15 බැගින් ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 06 September 2022
මිය ගිය මන්ත්‍රීගේ දරුවන් ගැන බලන්න ජනපති පොරොන්දු වෙයි නිට්ටඹුවෙි දී ඉකුත් මැයි 09වැනිදා සිදුවූ කළහකාරී සිදුවීමකින් මිය ගිය පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය. 06 September 2022
මුදල් කාරක සභාවට තවත් මන්ත්‍රීවරු දෙදෙනෙක් තවත් මන්ත්‍රීවරු දෙදෙනෙක් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට පත් කරනු ලැබ සිටිති. 06 September 2022
රට බංකොලොත් කළ අය හොයන්න තේරීම් කාරක සභාවක් පත් කරන්න සීමිත කැබිනට් මණ්ඩලයක් පත් කර රාජ්‍ය ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් නැතිව රට හරි මඟට ගෙනවිත් මිලියන 22ක ජනතාවගේ ජීවන වියදම අඩු කරන්න අවශ්‍ය කටයුතු කරන්නැයි සමඟි ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය. 06 September 2022
විසිදෙකේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට පටහැනියි විසි දෙවැනි සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට පටහැනි හෙයින් ඒවා සංශෝධනය කළ යුතු බවත් එසේ නැතිනම් එම වගන්ති විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවත්, ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය. 06 September 2022
දිස්ත්‍රික්ක අටක නාය යාමේ අවදානමක් නිරිත දිග මෝසම සක්‍රිය වීම හේතුවෙන් රට තුල පවතින අයහපත් කාලගුණ තත්වය නිසා දිස්ත්‍රික්ක අටක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 41 කට නාය යෑමේ අවදානමක් ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කරයි. 06 September 2022
වැස්සෙ අඩුවක් ගැන කාලගුණයෙන් දැනුම්දීමක් පවතින තද වැසි තත්ත්වයේ අඩු වීමක් අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේනතුව කියයි. 06 September 2022
සහනාධාර බලාපොරොත්තු වන්නන්ගේ තොරතුරු රැස් කරයි ජනතාවට සුබසාධක සහනාධාර ප්රතිලාභ ගෙවීම සඳහා දීප ව්‍යාප්ත මට්ටමින් තොරතුරු රැස්කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කරන බව සුබ සධක ප්රතිලාභ මණ්ඩලයේ සභාපති බී.විජයරත්න මහතා කොළඹ මුදල් අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැසීය. 05 September 2022
ආර්.එම්.වී. විද්‍යුත් කාඩ්පත් හඳුන්වා දෙයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් (ආර්.එම්.වී.)ලබා ගන්නා සේවා සඳහා විද්‍යුත් කාඩ්පත් මගින් ගෙවීමේ හැකියාව අද (5) සිට ආරම්භ කළ බව රථ ප්‍රවාහන කොමසාරිස් (සංවර්ධන) කුසලානි ද සිල්වා මහත්මිය පැවසුවාය. 05 September 2022
අය වැය යෝජනා හරියට වෙනවාදැයි ’’ඔත්තු’’ බලන්න කමිටුවක් අතුරු අයවැය යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති ලේකම්වරයා විසින් කමිටුවක් පත් කර තිබේ. 05 September 2022
සාපෙළ ප්‍රායෝගික පරික්ෂණ දින පහකින් පස්සට අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2021 විභාගයේ සෞන්දර්ය විෂයන්ට අදාල ප්‍රායෝගික පරීක්ෂණ මෙම මස 20 වැනි දා ආරම්භ කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා පවසයි. 05 September 2022
ලීස් ට්‍රස් මහා බ්‍රිතාන්‍ය අගමැති පුටුවට මහා බි්රතාන්යයේ නව අග්‍රාමාත්‍ය ධුරය එරට විදෙස් ඇමැතිනී ලිස් ට්‍රස් දිනා ගත්තාය. 05 September 2022
බදියුදීන්ගේ පෙත්සම ජනවාරියට කල් යයි නිතීවිරෝධී අන්දමින් එළි පෙහෙළි කළ විල්පත්තු ආශ්රිත කැලෑ යළි තම පෞද්ගලික වියදමින් වගාකිරීමට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට අභියාචනාධිකරණයෙන් ලබාදී තිබූ තින්දුව බලරහිත කරන ලෙස ඉල්ලා ඒ මහතා විසින් ගොනුකරනු ලැබ තිබූ අභියාචනය ලබන ජනවාරි මස 19 වැනිදා සළකා බැලිමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) දින නියම කළේය. 05 September 2022
ඇළේ සිරවූ පාසල් සිසුවා මරුට ජලය පිරුණු බෝක්කුවකට ඇද වැටී පැයකට ආසන්න කාලය සිරවී සිටි 13 හැවිරිදි පාසල් ශිෂ්‍යයා මරණයට පත්ව ඇති බව කුරුණෑගල පොලීසිය පවසයි. 05 September 2022
චීනයට භූමි කම්පාවක්:13ක් මරුට චීනයේ සිචුවාන් පළාතේ සිදුවූ භූ චලනයකින් 13 දෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 05 September 2022
පොල් මණ්ඩලයේ අර්ථ සාධකයට විද්ද කලමනාකාරිය,සැමියා යළි රිමාන්ඩ් පොල් වගාකිරීමේ මණ්ඩලයේ සේවක අර්ථසාධක අරමුදලෙන් රුපියල් කෝටි හතහමාරකට අධික මුදලක් වංචා කළැයි කියන එම මණ්ඩලයේ විෂය ලිපිකාරිණීය සහ ඇගේ ස්වාමිපුරුෂයා ලබන 19 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චාමිණී විජේබණ්ඩාර මහත්මිය අද (05) නියෝග කළාය. 05 September 2022
ග්ලයිෆොසේට් ආනයනයට අවසර දෙන ගැසට් පත්‍රය හෙට පාර්ලිමේන්තුවට ග්ලයිෆොසේට් ආනයනයට අවසර ලබාදෙන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි සහිත ගැසට් පත්‍රය පාර්ලිමේන්තුවට හෙට (6) ඉදිරිපත් කෙරේ. 05 September 2022
පවුල් 61,000කට මසකට 10,000 දීමනාවක් පෝෂණ ඌණතාවයෙන් පෙළෙන පවුල් 61,000කට මසකට රුපියල් 10,000 බැඟින් මාස හතරක කාලයකට සහනාධාරයක් ලබා දෙන බව මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයේ ලේකම් කේ.එම්.එම්. සිරිවර්ධන මහතා පවසයි. 05 September 2022
විදුලි කප්පාදුව පැයකට අඩු වෙයි විදුලි කප්පාදුව හෙට (6) සිට පැයක් දක්වා අඩුකළ බවත් එම විදුලි කප්පාදුව මේ මස 9 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (5) පස්වරුවේ පැවසීය. 05 September 2022
’’ඩග්ලස් මුන්රෝ’’ කොළඹ බලා පිටත් වෙයි ඇමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්ෂයක දෙපාර්තමේන්තුව මඟින් ශ්‍රි ලංකා නාවික හමුදාව වෙත නිල වශයෙන් භාර දෙන ලද පී 627 ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව පෙරේදා (03) ඇමරිකාවේ සියැටෙල් වරායේ සිට එහි නව නිවහන වන කොළඹ වරාය බලා පිටත් වු බව නාවික හමුදාව පවසයි. 05 September 2022
’’නිදහස් පක්ෂයේ ප්රජාතන්ත්රවාදය මරලා’’ නිදහසින් පසු මෙරට වැඩිම ප්රජාතන්ත්රවාදයක් තිබූ පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්රජාතන්ත්රවාදය මේ වන විට මරාදමා ඇතැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අද (5) පැවසුවාය. 05 September 2022
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ගං වතුර අනතුරු ඇඟවීමක් ඉදිරියේදීත් තද වැසි ඇති වුවහොත් ඇතැම්ගංගා ආශ්‍රිතව ගං වතුර අවධානමක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පූර්ව ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 05 September 2022
යුද සමයේ ඉන්දියාවට ගිය ලාංකිකයන් කඩිනමින් ගෙන්වා ගන්න කමිටුවක් යුද්ධය හේතුවෙන් සරණාගතයින් ලෙස ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වා ගැනීම කාර්යක්ෂම කිරීම සඳහා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් කමිටුවක් පත් කර තිබේ. 05 September 2022
මහ වැස්සේ බසයකට ඉඩ දෙන්න ගිය සිසුවා බෝක්කුවක හිර වෙයි කුරුණෑගල ප්‍රදේශයට අද දවසපුරා ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ජලයෙන් පිරී ගිය බෝක්කුවකට ඇද වැටීමෙන් එහි සිරවී සිටි 13 හැවිරිදි පාසල් ශිෂ්‍යයකු අනතුරට ලක්ව ඇති බව කුරුණෑගල පොලීසිය පවසයි. 05 September 2022
ජනපති මැඳුරට පැන්න අරගලකරුවෝ 37 ක් මේ දක්වා අත්අඩංගුවේ කොටුව ජනාධිපති මන්දිරයට බලහත්කාරයෙන් ඇතුලු වී එහි දේපළ වලට හානි කිරීම සහ අයුතු ජනරාශිය සම්බන්ධයෙන් හදුනාගෙත් සැකකරුවන් 71 දෙනෙකුගේ 37 දෙනෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. 05 September 2022
අරගල භූමියෙන් ඇහිලූ බව කියන උණ්ඩ සමග අයෙක් සැකපිට ගෝල්ෆේස් අරගල භූමියේ තිබී හමුවූ බව පවසමින් ටී 56 ජීව උණ්ඩ 30 ක් සහිත මැගසීනයක් පානදුර උතුර පොලිසියට බාරදීමට ආ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි. 05 September 2022
මෙරට දරුවන්ගේ මන්දපෝෂණය ගැන දින දෙකක විවාදයක් ශ්‍රී ලංකාවේ දරුවන්ගේ සහ මවුවරුන්ගේ මන්දපෝෂණය සම්බන්ධයෙන් යුනිසෙෆ් සංවිධානය නිකුත් කළ වාර්තාව සම්බන්ධයෙන් දින දෙකක විවාදයක් පාර්ලිමේන්තුවේදී හෙට (6) සහ අනිද්දා (7) පැවැත්වේ. 05 September 2022
2015 මිලට ගත් වී තොගයක් අරලගංවිල ගබඩාවක දිරයි 2015 යළ කන්නයේ මිලදී ගත් වී කිලෝ 65,000ක අධික තොගයක් අරලගංවිල ගබඩාවක දිරාපත්වන බව මහවැලි බී කලාප ගොවි සංවිධානය කියයි. 05 September 2022
නව ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථානය විවෘත කෙරේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ගේ සභාපතිත්වයෙන් යුත් ‘නව ලංකා නිදහස් පක්ෂයේ’ පක්ෂ මූලස්ථානය විවෘත කිරීම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේ දී අද (05) පෙරවරුවේ සිදුකෙරිණි. 05 September 2022
සාමයේ පාගමනේ තෙවැනි දිනය අදයි ‘එහිපස්සිකෝ‘ සාමයේ පා ගමනේ තෙවැනි දිනය අද (23) ඓතිහාසික මාතලේ අලුවිහාරයේ රජමහා විහාර පරිශ්‍රයෙන් ඇරඹිණි. අද දිනයේදී සාම පාගමන ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව බලා පිටත්වේ.. 23 April 2026