හිරාන් ප්‍රියංකර ජයසිංහ
ශ්‍රී ලංකා පාර්ලමේන්තුව නියෝජනය කරපු මන්ත්‍රිවරන්ගෙන් අවාසනාවන්තම මන්ත්‍රිවරුන් කණ්ඩායම අපි කියලා කියුවොත් එක වරදක් නැහැ යැයි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චින්තක අමල් මායාදුන්න මහතා පවසයි.
ඒකට හේතුව තමා මේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුට ලැබෙන විමධ්‍ය ගත අරමුදල් අපිට අහිමි විම.
ඒ මුදල් යොදවලා විවිධ සංවර්ධන කටයුතු රැසක් කරන්න පාර්ලිමේන්තුව නියෝජනය කරපු මන්ත්‍රිවරුන්ට අවස්ථාව හිමිව තිබුණා.
අපි පාර්ලිමේන්තුවට ගියා දා ඉදලාම සිදුවුනේ විවිධ අවාසනාවන්ත සිදුවිම්. ඒ අතර කෝවිඩ් වසංගත් සමග ආර්ථිකය කඩා වැටුනා.
ඒ ආර්ථික තත්වය ඇතුළු කරුණු රැසක් මත අපිට එම අරමුදල් අහිමි වුණා. ඇත්තටම අපි පුදුම අවාසනාවන්ත මන්ත්‍රිවරුන් පිරිසක් ලෙසයි මා දකින්නේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැති වෙන්නම හොරා කෑවා.. විමධ්‍යගත මුදල ලැබුණා නම් ඒකත් හොරාකන්න තිබුණා කියන එකනේ ඔය කියන්නේ..?
ලොකුම අවාසනාව ඩියුටි ෆ්‍රී වාහන පර්මිට් ගන්න බැරිවීමයි. එහෙම නේද..?
ඔබලා වගේ අය පත්වුණේ පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාවගේ අවාසනාවට....
පුදුම බඩු තමයි...
වී 8, කාර්ය මණ්ඩල, අඩුමිලට ඉස්තරම්ම කෑම බීම, ඉන්ධන දීමනා, එකී මෙකී නොකී හැම දෙයක්ම ලැබූ ඔබ සත්‍ය වශයෙන්ම අවාසනාවන්තයි.
ඉතින් පව් නොදී යන්නකෝ...
හරි දුක ඇති ඡන්දෙ වියදමවත් හොයාගන්න බැරිවුණු එකට...
ඔන්න අමුතු පොතක් දාගෙන අනුකම්පාවක් අරන් නැවත ඡන්ද හිඟාකන්න සූදානම් වෙනවා. දුක වෙන මොනවාවත් නොවේ... අරමුදල් ලැබුණා නම් පන්දම්කාරයින්ට කොන්ත්‍රාත් දීලා තව කීයක්හරි හොයාගන්න බැරිවුණු එක තමයි...
කීයක්වත් පිල්ලි ගහන්න බැරිවුණු කෙනෙකුගේ අඳෝනාව..
අවාසනාවන්ත නොව කාලකණ්ණි රොත්ත... රට කාපු රාජපක්ෂලාට, අනාගත්තු අයට එහෙයි කියපු රෑන...
රටේ ආර්ථිකය කඩා වැටුණේ කෝවිඩ් වසංගත නිසා නොවේ. ගෝඨාභය ඇතුළු ඔයාගේ ආණ්ඩුවේ දුර්වල සහ අසාර්ථක ප්‍රතිපත්ති නිසා. බලයට ආපුගමන් බදු අඩු කළා. පොහොර පිළිබඳව ගත්තු වැරැදි සහ එකපාරටම කරන්න බැරි වැරැදි තීන්දු, සීනි බදු වංචාව, රටේ ඩොලර් නැති වෙලාවේ අනවශ්‍ය විදියට චීන කුණු නැවට ගෙවපු විශාල ඩොලර්. මේවා කෝවිඩ් නිසා වෙච්චි දේවල් නොවේ. අනික ඔයාට ප්‍රතිපාදන නොලැබුණාට, වැටුප් දීමනා සේරම ලැබනවා නේද? ඇයි එක කිව්වේ නැත්තේ?
පව්, මේ කට්ටියට පින නැතුවා වෙන්නැති අතපය දිග ඇරලා මාටියා පාර දී ගන්න. කමක් නෑ, මේ පාර ඔබතුමන්ලා කෙසේ නමුත් සොරකම නැමැති පව්කාර කමෙන් බේරුණානේ. හැබැයි ලබන ආත්මෙත් විමධ්‍යගත මුදල් ඔබතුමාට ලැබෙන්නේ නැහැ. හේතුව, මේ සැරේ නොලැබුණු එක ගැන ඔබතුමා පාශ්චාත්තාප වුණානේ. අන්න ඒක පවක්...
නැහැ..., මතු පරම්පරාව ගැන නොහිතා නැවත නැවතත් හොරු, කප්පම් කාරයෝ, කසිප්පු කාරයෝ, මාලහොරු, අපචාරකයෝ ආදී අයව අනාගත පරපුරට රටක් හදන්න යැයි කියා උත්තරීතර ස්ථානයට පත්කර යැවීමට තරම් අපි අවාසනාවන්තයි.
කාලකණ්ණි පාදඩයෝ... ජනතාව තමයි අවාසනාවන්තයෝ...
ඉතින් ඇයි තවත් එල්ලිලා ඉන්නේ, පව් නොදී යන්න ගෙදර...
මේ දවස්වල මහාපරිමාණයෙන් හොරාකන්න බැහැනේද?
කුමක්ද පෙර පිනක් තිබිලා මිනිස් ආත්මයක ඉපදිලා තියෙනවා... ඒ ආත්මයේ රටේ ජනතාව පීඩාවට පත්වීමට හොරුන්, මංකොල්ලකාරයින් සමග එකතුවෙලා බොරුවෙන්, වංචාවෙන් ජනතාව රවටා බලය ලබාගෙන ජනතාවට කුසගිනි නිවාගැනීමට ක්‍රමයක් නැතිකළා... ඒත් තවමත් අවාසනාවන්ත වෙලා නැහැ. තවමත් ජනතා මුදලින් පෝෂණය වෙන්න පුළුවන් නේද? මම මෙහෙම කරන කලට පව් මීරිය මීසේ, විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ කියලා මතක් කරන්නම්. ඒ ගමන්ම කියන්නම් දැන් ඉතින් අපායේ යමරජු තනතුර සඳහාවත් ඉදිරිපත් වෙන්න කියලා. කොහොමත් පොහොට්ටු ආරම්භ කළ පවත්වා ගෙනයන නානායක්කාරකාදීන්ට තවමත් එහි සිටින සැමටමත් ඊළඟ ආත්මයේ අපාගතවීම වයිමාටවත් නවතන්න නම් බැහැ...
ඔය කතා අහන්න දැන් බයියන් නැහැ. නන්දසේනත් ගියාවගේ තොලොංචි වෙලාම යන්න.
මහ එකා හොරා කාපු ඒවාගෙන් ඉල්ලා ගන්න...
කන්න හිතාගෙන ආව. අනේ පව්. කාලකන්නි හොරු.
අතේ කරේ තියෙන එව්ව බලපුවාම කියන තරම් අවාසනාවක් නම් අපිට පෙන්නෙ නෑ.. එ වගෙම බඩෙ රැලි බෙල්ලට ඇවිල්ල තියෙන්නෙ අවාසනව නිසා නම්.. හත් දෙයියනෙ. . වාසනාව තිබුනා නම් කොහොමට ආරල ඉන්න තිබුනද කියලා හිතා ගන්නත් බෑ..