(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරියක සහ සංවිධානාත්මක අපරාධ මෙහෙයවන තැනැත්තියක ලෙස සැලකෙන කාන්තාවක මෝදර පන්සල පාරේ පිහිටිනිවසක් ඉදිරිපිට දී පෙරේදා 29 වැනි දා සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
මෙම සැකකාරිය අත්අඩංගුවට ගන්නා ලද අවස්ථාවේ ඇය සන්තකයේ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් දාහතරක් ද තිබී පොලිස් විශේෂ කාර්ය බළකායේ බලකායේ නිලධාරීන් ගේ භාරයට ගෙන ඇත.
ප්‍රංශයට පළා ගොස් සැඟව සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධ කරුවකු ලෙස සැලකෙන රූබන් නැමැත්තා සමග මෙම සැකකාර කාන්තාව සෘජු සම්බන්ධතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවමින් සංවිධානාත්මක අපරාධ සිදු කිරීමට ආධාර අනුබල දෙන තැනැත්තියක් බවට ද තොරතුරු ලැබී ඇතැයි පොලිස් විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
මෙම සැකකාර කාන්තාව කඩුවෙල ප්‍රදේශයේ පදිංචි හතළිස් දෙහැවිරිදි තැනැත්තියකි මෙම කාන්තාවගේ කඩුවෙල පිහිටි නිවස සෝදිසි කර තියුණු මන්නා පිහි හතරක්ද සොයා ගන්නා ලදැයි පොලිස් විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩු සමග කඩුත් බෙදලා වගේ...