
(අංජුල මහික වීරරත්න)
හෙද ක්ෂේත්රයේ ජාත්‍යන්තර මට්ටමින් පිරිනමනු ලබන ඉහළම ගෝලීය ඇගයීමක් වන ‘ප්‍රින්සස් ශ්රීනගරින්ද්ර සම්මානය - 2026’ (The Princess Srinagarindra Award 2026) ශ්‍රී ලාංකික මහාචාර්ය වෛද්‍ය සුදත් ෂර්ලි පත්මසිරි වර්ණකුලසූරිය මහතා හට මෙවර පිරිනමා ඇත.
සම්මානලාභී මහාචාර්ය වෛද්‍ය සුදත් ෂර්ලි පත්මසිරි වර්ණකුලසූරිය මහතා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා නිල වශයෙන් හමු වී ඒ පිළිබඳ දැනුවත් කළේය.
සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වුණු මෙම හමුවේදී අමාත්‍යවරයා විසින් මහාචාර්යවරයා ලැබූ මෙම විශිෂ්ට ජාත්‍යන්තර ජයග්‍රහණය වෙනුවෙන් රජයේ සහ සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේ සුබපැතුම් පිරිනැමුවේය.
2026 සැප්තැම්බර් 9 වන දින තායිලන්තයේ මහා චක්රී සිරින්ධෝන් කුමරියගේ (Princess Maha Chakri Sirindhorn) ප්‍රධානත්වයෙන් රැස්වූ සම්මාන පදනම් කමිටුව විසින් මෙම තේරීම සිදු කරන ලද අතර නිල සම්මාන ප්රදානෝත්සවය ඔක්තෝබර් 28 වන දින තායිලන්තයේ බැංකොක් නුවර පිහිටි මහා මාලිගාවේදී (Grand Palace) ඉතා උත්කර්ෂවත් අයුරින් පවත්වා ඇත.
මහාචාර්ය සුදත් වර්ණකුලසූරිය මහතා හෙද අධ්‍යාපනය නංවාලීම සඳහා දක්වන ලද දුරදක්නා නායකත්වය, සුවිශේෂී දායකත්වය මෙන්ම ගෝලීය සෞඛ්‍ය ක්ෂේත්රය උදෙසා ඉටුකළ මෙහෙවර ඇගයීමට ලක් කරමින් මෙම සහතිකය පිරිනමා තිබේ.
මෙම ගෝලීය සම්මානය තායිලන්තයේ හිටපු භූමිබෝල් අදුල්යදේජ් රජුගේ මෑණියන් වන ශ්රීනගරින්ද්ර රාජකුමාරියගේ 100 වන ජන්ම දින සංවත්සරය නිමිත්තෙන් වසර 2000 දී ස්ථාපිත කරන ලද්දකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd