(අංජුල මහික වීරරත්න)
2022/23 මහ කන්නයේ කාබනික පොහොර මිල දී ගැනීම සඳහා රජය රුපියල් මිලියන 16,000ක් වෙන් කරන ලද බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
රටේ ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක වුවත් කාබනික පොහොර මිල දී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ දී තමන් ඉදිරිපත් කළ යෝජනාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්පූර්ණ සහයෝගය පළ කළ බව කී අමාත්‍යවරයා මහ කන්නය සාර්ථක කර ගැනීම සඳහා ගොවීන්ට දිය හැකි හැම සහනයක් දීමට රජය කටයුතු කර ඇතැයි ද සඳහන් කළේය.
කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන්ගේ ගැටළු සම්බන්ධව එම වෘත්තිය සමිති නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙි බව කීය.
2022/23 මහ කන්නයේ දී කාබනික පොහොර බෙදා හැරීම සඳහා දිවයිනේ හැම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි දිස්ත්‍රික් කමිටුව බැගින් පිහිටවූ අතර දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කමිටුවට අදාල දිස්ත්‍රික්කයේ ගොවි සංවිධාන නියෝජිතයින්ට ද වගකීම පැවරූ බව අමාත්‍යාංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසාර්ථක සහ පසට, භෝගවලට අහිතකර බව දැනදැනම තවතවත් කාබනික පොහොර පස්සෙන් දුවන්නේ ඇයි? රටේම වගාව විනාශ කර ආනයනය වැඩි කරන්නද ජරාව කෑම වැඩිකර ගන්නද?
කාබනික පොහොර එපා! "කබනික පොහොර" නමින් ගොවියන්ට ලබාදෙන පස්, දහයියා, ටයර් කුඩු සහ පාට කරපු දියර නිසා දැන් ගොවිතැන රසායන පොහොර දාලවත් ගොඩගත නොහැක. හැබැයි, කාබනික පොහොර නිසා මැති, ඇමති, නිලධාරි සහ කුපනිසලාගේ සාක්කු ඵලබර වෙනවා බලාගෙන ඉන්දෙද්දී. ජනාධිපතිතුමනි, කාබනික පොහොර සඳහා යොදන රුපියල් මිලියන 16000 රසායන පොහොර ගෙන්වීමට යොදවන්න... නැතිනම් ගොවියන්ට ඉන්ධන සහනාධාරයක් ලෙස QR කූපන් දෙන්න. එය ගොවිතැනත් රටත් දියුණුවට හේතුවේ... රජයෙන් බෙදන කාබනික පොහොර එපා...
මහ කන්නය තියෙන්නේ මොන මාසවලද ඇමතිතුමා. ඔහේ මහ කන්නේ ගොයම් කපලා පසුගිය සතියේ ලොකුම අස්වැන්නක් ගත්තා කියලා පත්තරේ තිබුණා... අපෙත් මහ කන්නයේ ගොයම් පීදිලා ඉවරයි. ඔය මුදලට මොකෑ කොරන්නේ ....
කමිෂන් එක 10ට වැඩියිද? අඩුද? කොට මොඩල් ළඟ පිකප් කියන්නේ ඒකයි... ලැබෙන අවස්ථාවෙන් උපරිම ලාභය... අමතක වුණු අර යාල ගිහින් නටපු අයට මොකද වුණේ..?
මේපාර යන යකා කොරහත් බිදගෙනම යන්නයි යන්නේ. මදි නොකියන්න හොරකම් කරයි. කොන්දොස්තර මහත්තයෝ...හිරේ යන්න බලාගෙන ඉන්න.
කාලකන්නියා වරෙන්කො බඩු බෙදන්න .මිනිස්සු මුලා කරන්න .ගූ පාරක් කාලා ගුටිත් කාලා යන්න පුළුවන්
දෙපැත්තෙන්ම කන අපතයෙක්
මට මෙක තෙරෙන්නෙ නෑ. . තව පුවතක් තිබුනා පන්නල පැත්තෙ කොරියන් සමාගමක් එක්ක කාබනික පොහොර නිශ්පාදන කම්හලක් විවෘර්ත කලා කියල.. එතකොට මෙ මොන මගුලක්ද කියන්නෙ? මුන් අමු කාලද නැතිනම් අපි කාලද?