(සුජිත් හේවාජුලිගේ )
ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, නීතිවේදීන්, ගණකාධිකාරිවරුන්,සරසවි ආචාර්යවරුන්( ආචාර්ය, මහාචාර්ය) ඇතුළු විවිධ වෘත්තිකයන් හයදහසකට වැඩි පිරිසක් පසුගිය වසර තුනක පමණ කාලයේදී රට හැර ගොස්( බුද්ධි ගලනය) ඇතැයි වාර්තා අනුව පෙනී යන බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය.
සේවක වැටුප් මත අධික බදු අය කිරීම හේතුවෙන් ඉදිරි කාලයේදී වෘත්තිකයන් තවත් විශාල වශයෙන් රට හැර යෑමේ අවදානමක් පවතින බවද ඔහු පෙන්වා දුන්නේය.
මේ අතර පසුගිය වසරේ මුල් මාස නවය තුළ ලක්ෂ 8 කට ආසන්න පිරිසක් විදේශ ගමන් බලපත්‍ර ලබාගෙන ලක්ෂ 6ක පමණ පිරිසක් රට හැර ගොස් ඇති බව පැවසූ මන්ත්‍රීවරයා පසුගිය 2021 වර්ෂයේද ලක්ෂ 4 ක ට වැඩි පිරිසක් විදේශ ගමන් බලපත්‍ර ලබාගෙන තිබූ බව ප්‍රකාශ කළේය.
ශ්‍රී ලාංකිකයන් රට රැකියා සඳහා යෑම සියයට 136 කින් ඉහළ ගොස් ඇතැයිද ගාමිණී වලේබොඩ මහතා පැවසීය.
ලක්ෂ තුනකට වැඩි පිරිසක් පසුගිය වසරේදී අධ්‍යාපනය සඳහා විදේශ විශ්වවිද්‍යාලයන්ට ගොස් ඇති බව පැවසූ මන්ත්‍රීවරයා මේ හේතුවෙන්ද විශාල මුදල් ප්‍රමාණයක් රටට අහිමිවූ බව අනාවරණය කළේය.
මේ ආකාරයට බුද්ධි ගලනය සිදුවීම රටේ ඉදිරි ගමනට විශාල බාධාවක් බවත් බුද්ධි ගලනය වැලැක්වීමට රජය කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිම කුහක, ආත්මාර්ථකාමීන් වශයෙන් තමයි මොවුන් හැඳින්විය යුත්තේ... මොවුන් නොකියා කියන්නේ සාමාන්‍ය මිනිසුන් මත බදුබර පටවා මේ අයගේ සුඛෝපභෝගී ජීවිත පවත්වා ගෙන යෑම පහසු කිරීමට බදු නොගැසිය යුතු බව නෙවේද? සැබවින්ම එවැනි පිරිසක් රට හැර යෑම රටේ වාසනාවකි.
කපන බදු ප්‍රමාණය නම් වැඩිය. නමුත් බොහෝ දෙනාට ටැක්ස් ෆයිල් නැත. උගත් මිත්‍රයන්ට බදු ගෙවීම ඇගෙන් ඇටයක් යනවා සේය. බදු ප්‍රමාණය අඩු කර, ආදායම් බදු ගන්න. ගෙවන්න බැරි නම් බදු නොකපන රටකට යාවි...
කිසිම මූලාශ්‍රයක් නැතුව දත්ත ඉදිරිපත් කිරීම හිතලුමත කතා කිරීමකි. මේ වගේ ඔලමොට්ටල ජනතාව විසින් පාර්ලිමේන්තුවට යැවීම රටට කරුමයකි.
ඔය කියන සියලු දෙනා ලංකාව හැර ගිහින් පදිංචි වන රටවලත් ඔවුන්ට බදු පැහැර හැරීම හෝ නොගෙවා ඉඳීම කිසිසේත් කළ නොහැකිය. එමනිසා බදු අය කිරීම පමණක් රට හැර යන්න හෙතුවක් යයි පිළිගත නොහැකියි. මැදපෙරදිග රටවල පවා දැන් බදු අය කිරීම සිදුකරයි.
බදු හින්දා රටදාලා යන අය හිතාගෙන ඇති පිට රටවල බදු ගෙවන්නේ නැහැ කියලා.. බටහිර රටවල මිනිසුන් බදුගෙවන හැටි ගිහින් බලන්න. නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, සමෘද්ධි දීමනා නොමිලේ ලැබෙන්නේ නැහැ. රටේ මිනිසුන් ඒ පහසුකම් සඳහා බදු ගෙවන්ට පුරුදුවිය යුතුයි.
රටේ කවදත් හිටිය ගොන් රැළට මාර චාන්ස් එක...
ඕස්ට්‍රේලියාවේ ඉන්න විශේෂඥ වෛද්‍යවරයෙක්තමන්ගේ වැටුපෙන් 40% ක් පමණ බදු වශයෙන් ගෙවනවා. මැදපෙරදිග හැරෙන්නට අනිත් හැම රටක්ම සේවකයන්ගෙන් බදු අයකරනවා.
දුප්පත් අයට කොහොමත් එකයි. කෝටිපතියන්ගේ වත්කමෙන් භාගයක් හැඳිගෑවිලා ගියත් ඉතුරු භාගේ හොඳටම ඇති ජීවත් වෙන්න. මේ වෘත්තිකයින් අධ්‍යාපනයට පින්සිද්ද වෙන්න ගොඩගිය දුප්පත් දෙමාපියන්ගේ ළමයි. සැප විඳින්න ගත්තා විතරයි. ඉතින් කොහොම ඉවසන්නද? කොහොම වුණත් මේ වෘත්තිකයින්ගෙන් රටට වැඩක් වුණාද? හිටියා කියලා රට වෙනුවෙන් කරපු දෙයක් වේද? ඔය බුද්ධි ගලනය හැමදාම තිබුණා.
ලංකාවේ මිනිසුන් අඩු බදු වරප්‍රසාදයක් ලෙස සලකය් , නමුත් බදු නැතුව ලන්ලාවේ අදික නොමිලේ සපයන සේවාවන් පවත්වා ගැනීමට එක්කෝ රටින් නය ගැනීමට සිදුවේ. නයගනිමට නොහැකි උවිට බදු වැඩිකිරීමටත් , වියදම් අඩු කීරී මටත් සිදුවේ, නැතහොත් සල්ලි අච්චු ගැසීමට සිදුවේ . මේ සියලු දේ ලෙහෙසි විසදුම් නොවේ . රටින් යන්නවුන් විසාල බදු බටහිර රටවල ගෙවිය යුතුය, සාමාන්‍යයෙන් 25-45% සම්පුර්ණ අදායමෙන් , නමුත් එමගින් එම රටවල් හොඳ සමාජ සේවාවක් ද සපයය්. ලංකාවෙන් යන යට එතරම් ලහෙසියන් බටහිර ටරවල අදික පඩි ගැනිඒමට නොහැක, ඔවුන් නැවතත් මුලසිට පටන් ගත යුතුය, නමුත් අවසානයේ ඔවුන් ට අඩු පිඩනයකින් ජීවත් වියහැකි අදාමයක් ඔවුන්ට ලැබේ .
යථාර්ථය නම් බදු ගැටළුවක් නොවේ. ඔවුන්ට ඔවුන්ගේ දරුවන්ට අනාගතයක් නොමැති නිසා ඔවුන් වෙනත් රටකට යාමට උත්සාහ කරති
මේ කාලකන්නි දේශපාලකයන් රටට කරපු විනාශයේ තරම .මුන්ට නම් හොඳක් සිද්ද වෙන්නේ නැහැ
ලංකාවේ උගත්තු මිස බුද්ධිමත්තු නෑ
ඉතින් ශෝක් නේ මොකද අඩු ආදායම් ලාභීන්ට රැකියා දීමට සමුර්ධි දීමට රටේ නිෂ්පාදනය කලහැකි දේශීය දේවල් ආනයනය කිරීමට ලොක්කො කෑමට ගන්නා සහල් වර්ග පළතුරු වර්ග ආනයනය කිරීමට කොපමණ ඩොලර් ඕනද.මෙහෙම කට්ටිය ගියාම ඩොලර් ගොඩක් ලැබෙනවා නේ එතකොට පාලකයො විදෙස් සංචාර කරාවි බෙහෙත් ගන්න විදෙස් ගතවේවි පවුල් පිටින් සිංගප්පූරුවෙ ෂොපින් යාවි ඕන ඕන හැටියට වාහන ගෙන්වීම කරලා පස්සට වාහනයයි අතට පයට වාහන තියාගෙන පෙළපාලියේ ගමන් කරාවි ගෑනිට මිනිහට පමණක් නොව බල්ලට බළලටත් රජයේ වාහන පාවිච්චියට ගනීවි සව්භාග්‍ය ලෝකයට පෙන්වාවි විදෙස් ණය අරගෙන රට තව තවත් ණය බරට දමාවි කාටද ආඩම්බර නේද
පිටරට ගියේ කාලකන්නි දේශපාලුවන් නිසානම් ඒක සාධාරණයි. බදු නැතිව ජීවත් වෙන්නයි රට ගිහිල්ලා තිබෙන්නේ? රිටන් ටිකට් අරන් ගියානම් තමයි හොඳ. ඩොලර් 8000 වටුප ගන්න මට අතට ලැබෙන්නේ 5600යි ඊට අමතරව GST , වතුර, විදුලි, ගෑස්,හෙලත් ඉන්සුවරන්ස්, ගෙවන්න ඕනේ. එන්න එන්න මල්ලිලා ලංකාවෙන් පෝෂණය වෙලා අද්‍යාපනය අරගෙන පිටරටවල දියුණුවට වැඩ කරමු පිට රටවල බදු ගෙවමු.
ඔය නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්තු නිසා බදු ගහන්න ඕනේ කියන අපතයින්ට කියන්න තියෙන්නේ, එහෙනම් බදු ගහන්න ඔනේ ඉගෙන ගත්ත නැති අයට. අවුරුදු 12ක් ඉස්කොලේ නිකන් ඉගෙනගෙන බදුත් නොගෙවා නිකන් කන්න බලන් ඉන්න සෙට් එකට තමයි බදු ගහන්න ඕනෑ. ඉගෙන ගත්තු මිනිස්සු ඔයාලාට වඩා අවුරුදු 4ක් වැඩියෙන් ඉගෙන ගෙන තියෙන්නේ... එයාලා පඩියෙන් බදු ගෙවනවා. නිකන් ඉගෙන ගත්තු කෙනා හැමදා නිකන් කනවා..