IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වැඩි මිලට බිත්තර විකුණුවාට ලක්ෂ 7 ක් දඩ

(යොහාන් භාසුර)

බිත්තර පාලන මිල ඉක්මවා වැඩි මිලට අලෙවි කළ වෙළඳසැල් තුනකට අධිකරණය රුපියල් ලක්ෂ 7 ක දඩයක් පැනවීය.

පාරිභෝගික කටයුතු අධිකාරියේ කොළඹ දිස්ත්‍රික් වැටලීම් ඒකකය කළ වැටලීමකදී මෙම වෙළඳසැල් 3 වැඩි විලට බිත්තර අලෙවි කළ චෝදනාවට අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

ඵ්  අනුව  මස් හා මස් ආශිත නිෂ්පාදන අලෙවි ජාලයකට අයත් සමාගමකට අයත් දෙහිවල ප්‍රදේශයේ අලෙවි සලකට රුපියල් ලක්ෂ 5 දඩයක් නියම කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය(27) ඊයේ පියවර ගත්තේය.

බම්බලපිටිය ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ බිත්තර බෙදා හරින ව්‍යාපාරයෙකුට රුපියල් ලක්ෂයක දඩයක් ද, නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ බිත්තර තොග සහ සිල්ලර අලෙවිකරණ වෙළඳසැලට රුපියල් ලක්ෂයක දඩයක් ද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය (27) ඊයේ නියම කළේය.



අදහස් (3)

වැඩි මිලට බිත්තර විකුණුවාට ලක්ෂ 7 ක් දඩ

අබිලින් Sunday, 29 January 2023 05:29 AM

පාරිභෝගිකයින් රකින්න අවශ්‍ය නම් තමයි... ඒත් උපරිමමිලට කඩේට බඩු ගන්න නැත්නම් ලැබෙන මිලට අරගෙන සුලුම හෝ ලාභයක් ඇතුව විකුණන්න අවශ්‍ය නම් කියන මිල ඉක්මවා විකුණනවා මිස වෙන මොනවා කරන්නද අන්තිමට කඩේත් වැහේවි... රජයට ලැබුණු ආදායම් බදු අහිමි වේවි කීප දෙනෙකුට රැකියා නැතිව යාවි... මට ඊයේ පෙරේදා හමුවුණා රජයේ ගොවිපලක මැනේජර් කෙනෙක්... ඔහු කිව්වේ ඔවුන් බිත්තර අලෙවි කරන්නේ ඔය කියන පාලන මිලට රුපියල් දහයක් පමණ වැඩියෙන් කියලා. ඉතින් රජයටත් අනුමත මිලට දෙන්න බැරිනම් අධිකාරිය කිව්වාට වෙළෙන්දා මොනවා කරන්නද?

:       0       0

ranjith Sunday, 29 January 2023 08:26 AM

බොහෝම හොඳයි... වැරැදි වැඩ කරන අයට නිසි දඬුවම් දීම.... ඒ වගේම පොහොට්ටු කට්ටිය කළින් කිව්ව හොරුන්ටත් එජාප කට්ටිය කිව්ව හොරුන්ටත් නිසි දඬුවම් දෙන්න.

:       0       0

Lalla Sunday, 29 January 2023 12:15 PM

ආණ්ඩුවට ලොකුම අර්බුදය බිත්තරය. ඊට වඩා ගසාකන වෙන දේ නැත. හාල් ඇටයේ සිට ඉන්ධන දක්වා බෙහෙත් පෙත්ත දක්වා සියල්ලේම මිල කිසිම නියාමනයක් නෑ. කිකිළි විතරක් පාලනය කරන්න දඟලනවා.

:       6       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 281 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site