(යොහාන් භාසුර)

බිත්තර පාලන මිල ඉක්මවා වැඩි මිලට අලෙවි කළ වෙළඳසැල් තුනකට අධිකරණය රුපියල් ලක්ෂ 7 ක දඩයක් පැනවීය.

පාරිභෝගික කටයුතු අධිකාරියේ කොළඹ දිස්ත්‍රික් වැටලීම් ඒකකය කළ වැටලීමකදී මෙම වෙළඳසැල් 3 වැඩි විලට බිත්තර අලෙවි කළ චෝදනාවට අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

ඵ්  අනුව  මස් හා මස් ආශිත නිෂ්පාදන අලෙවි ජාලයකට අයත් සමාගමකට අයත් දෙහිවල ප්‍රදේශයේ අලෙවි සලකට රුපියල් ලක්ෂ 5 දඩයක් නියම කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය(27) ඊයේ පියවර ගත්තේය.

බම්බලපිටිය ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ බිත්තර බෙදා හරින ව්‍යාපාරයෙකුට රුපියල් ලක්ෂයක දඩයක් ද, නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ බිත්තර තොග සහ සිල්ලර අලෙවිකරණ වෙළඳසැලට රුපියල් ලක්ෂයක දඩයක් ද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය (27) ඊයේ නියම කළේය.