(ඩයනා උදයංගනී)
දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අද (30) සවස් කාලයේ සිට තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
විශේෂයෙන්ම උතුරු, නැගෙනහිර, ඌව,උතුරුමැද සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර, ඇතැම් ස්ථානවල මිලිමීටර 150ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.
ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනයවීම හේතුවෙන් මෙම වැසි ඇතිවන අතර, ඉදිරි දින කිහිපයේ දී එම මුහුදු ප්‍රදේශය ඉතා රළු විය හැකි බව එබැවින් නැවත දැනුම් දෙන තුරු එම මුහුදු ප්‍රදේශවල යාත්‍රා නොකරන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවුක ප්‍රජාවට දැනුම්දීමක් කර ඇත.
මෙම අඩුපීඩන කලාපය අනිද්දා (1) වන විට මෙරට නැගෙනහිර වෙරළ දෙසට ළඟාවනු ඇතැයි අපේක්‍ෂා කරන බව ද එම නිවේදනයේ දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd