
(රොමේෂ් මධුශංක)
ශ්‍රී ලංකාවේ 75 වන නිදහස් දින සමරු උළෙල වෙනුවෙන් සහභාගීවන ආරක්ෂක අංශ නිලධාරීහු මේ දිනවල පෙර පුහුණු ආචාර පෙලපාලී සිදුකරති.
මේ අතර අනුරාධපුරයේ ඉතා සුන්දර ජලාශයක් වූ කලාවැවේ වැව් බැම්මේ මේ දිනවල ගල්කිරියාගම යුදහමුදා පුහුණු පාසල මගින් පුහුණුව ලබාදෙන සිවිල් ආරක්ෂක බලකා සෙබලුන් 300 කට ආසන්න පිරිසක් නිදහස් දිනට සහභාගී වීම සඳහා පෙර පුහුණු පෙලපාලියේ යෙදෙයි.
මේ සඳහා උතුර, නගෙනහිර, උතුරුමැද ආදි සියලු පලාත්හි සිවිල් ආරක්ෂක බලකා සෙබලුන් මෙන්ම කාන්තා අංශයෙන්ද එලෙසම පුහුණු පෙලපාලි සඳහා සහභාගී වී සිටිති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙමත් විහිළු...