(විමුක්ති එස් රුද්‍රිගු)
පාකිස්ථානයේ නිරිතදිග ප්‍රදේශයේ මාර්ගයක තිබූ පාලමකින් බස් රථයක් පෙරලී ගින්නට හසුවීමෙන් අවම වශයෙන් පුද්ගලයන් 41 දෙනකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මියගිය පුද්ගලයන්ගේ සිරුරු හඳුනා ගැනීමට නොහැකි වන පරිද්දෙන් පිළිස්සී ඇතැයි ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරියෙක් පවසා තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ මගීන් 48 දෙනකු ගමන් කර ඇති අතර ඉන් තුන්දෙනකු මේ වන විට බේරාගෙන ඇතැයි පාකිස්තාන බලධාරීන් ප්‍රකාශ කර ඇත.
බසය පාලමේ තිබූ බාධකයක වැදී මාර්ගයෙන් ඉවතට පැනීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd