(සුමිත් පොතුපිටිය)
බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක විසින් මිළදී ගත් ස්ටර්ලිං පවුම් 18500 ක වටිනාකමකින් යුත් සුදු රත්තරං , කහ රත්තරං වලලු සහ කරාබු ඇතුළු ස්වර්ණාභරණ තොගයක් සොරකම් කළුතර උතුර පොලිසිය කියයි.
කළුතර උතුර සංචාරක හෝටලයේ නවාතැන් ගෙන සිටින බ්‍රිතාන්‍ය ජාතික ලින්ඩා බ්‍රව්මන් නැමැති කාන්තාවක විසින් ඊයේ (28) රාත්‍රි කල පැමිණිල්ලක් අනුව මෙසේ පරීක්ෂණ ආරම්භ කල බව පොලිසිය සදහන් කරයි.
පැමිණිලිකාර කාන්තාව කළුතර උතුර සංචාරක හෝටලයේ සිට ත්‍රිරෝද රථයකින් අලුත්ගම ප්‍රදේශයට ගොස් එහි ප්‍රධාන ස්වර්ණාභරණ අලෙවි සැලකින් රන් ආභරණ මිළදී ගෙන ඇති බවත් එහිදී සංචාරක මගපෙන්වන්නන් ලෙසින් කටයුතු කල දෙදෙනකු රන් ආභරණ ලබාගත් බවටත් ප්‍රකාශ ලබාදී ඇතැයි පොලිසිය සදහන් කරයි.
රන් භාණ්ඩ වල වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ අසු තුනකට අධික බවද සදහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ සිද්ධීන් වෙනකොට සාංචාරකයින් එයිද?
හොඳ වැඩේ... මේ වගේ කාලකන්ණි රටවල් වලට එනවාට...!
සංචාරකයෝ එන්නේ නෑ කියලා අඬනවා... සලකන්නේ නරක විදිහට...