ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
ගම්පහ මහ රෝහලේ ගිලන් රථ රියදුරෙකු හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5 මිලි ග්‍රෑම් 320 සන්තකයේ තබාගෙන සිටි බව කියමින් යාගොඩ ප්‍රදේශයේ දී ෙසැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් මෙම ගිලන් රථ රියදුරා කාලයක් තිස්සේ සිට හෙරොයින් මත්ද්‍රව්‍ය පානය කිරීමට ඇබ්බැහි වී සිටින අයකු බවට තොරතුරු හෙළිවී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
මොහු හෙරොයින් මත්ද්‍රව්‍ය පානය කර රෝගීන් රැගෙන ගිලන් රථය පදවාගෙන ගිය අවස්ථා පවා තිබෙන බව කියති.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ සීදුව රද්දොළුගම කොටුගොඩ ප්‍රදේශයේ පදිංචි හතළිස් හැවිරිදි අයෙකි.
ලැබුණු තොරතුරක් මත මෙම රෝහල් ගිලන් රථ රියදුරා යාගොඩමුල්ල ප්‍රදේශයේදී පරීක්ෂාවට ලක්කර හෙරොයින් සමග සැක පිට අත්අඩංගුවට ගනු ලැබුවේ මිනුවන්ගොඩ පොලිසියේ උප පොලිස් පරීක්ෂක කරුණාරත්න මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් විසිනි.
මෙම සැකකාර ගිලන් රථ රියදුරාට හෙරොයින් මත්ද්‍රව්‍ය ලැබෙන ආකාරය ගැන තොරතුරු අනාවරණය කර ගැනීමට ද පොලීසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙරොයින් කිහිප වතාවක් ගත්තොත් ඇබ්බැහි වෙනවා. මේ මිනිස්සුන්ගේ මෝඩ කමට, මත් කුඩු ගෙන්වන අයගේ රැවටිලි බහට අහුවෙලා ජීවිතේ විනාශ කරගන්නවා. මේ මනුස්සයා අල්ලපු පොලිසියට කුඩු මුදලාලිලා ටික අල්ලගන්න බැරි මොකද.? රජය ප්‍රතිපත්තියක් විදිහට පෘතුගාලයේ කුඩු භාවිතාව අඩු කරපු විදිය අධ්‍යයනය කරලා ඒ විදියට කරා නම් මිනිස්සු මේ වගේ අනාථ වෙන්නේ නැහැ. මේ රටේ කුඩු නොබී කුඩු විකුණන කුඩු මුදලාලිලා ගේ චාටු බහට රැවටෙන ඔබේ හෝ මගේ දරුවා ඉන්න පුළුවන්... නැති කළ යුත්තේ කුඩු මුදලාලිලා. කුඩු, අයිස් මුදලාලිලාට අහුවෙන්නේ, කුඩු මුදලාලිලාගේ සාක්කු වල ඉන්න පොලිසිය, නාකොටික් සමහරක් සහ රජය කුඩු මුදලාලිලාට නිදැල්ලේ ඉන්න හරින නිසා හැර වෙන මොකක් නිසාද? අවසානයේ. අපේ රටත් වෙන රටවල තියෙන zombi land වගේ ප්‍රදේශයක් වෙන්න කලින් මේ කුඩු රටෙන් නැති කරන්න ලැබේවා !!
මේවා ලංකාවට එන විදිය තමයි කාටත් වලක්වන්න බැරි