
(ෂේන් සෙනෙවිරත්න)
විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරණ භික්ෂූන් වහන්සේලා බවට සැක සාමාන්‍ය ඇඳුමෙන් සැරසුණු තරුණයන් හයදෙනකු අධික බීමතින් මහනුවර නගරයේ සිටියදී අත්අඩංගුවට ගත් බව මහනුවර මූලස්ථාන පොලීසිය කියයි.
මහනුවර මූලස්ථාන පොලිසිය භාර ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් අද (30) අළුයම 01.00 පමණ නගරයේ සිදුකළ සිදු කළ සෝදිසියකදී මහනුවර ඔරලෝසු කණුව අසල සැකකටයුතු ලෙස ගැවසෙමින් සිටි මෙම පිරිස පරික්ෂා කිරීමේදී ඔවුන් සතුව හැඳුනුම්පත් නොමැතිවීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනයේදී ඔවුන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරණ භික්ෂූන් වහන්සේලා පිරිසක් බවට අනාවරණය වී තිබේ.
එම පිරිසෙන් 05 දෙනකු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ භික්ෂූන් වහන්සේලා බවත් එක් අයකු ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ භික්ෂූන් වහන්සේ නමක් බවත් අනාවරණය වී තිබේ .
ඔවුන් තංගල්ල, ගාල්ල, පිළිමතලාව සහ නුවරඑළිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවටද අනාවරණය වී තිබේ.
ඔවුන් මහනුවර නගරයේ මත්පැන් ශාලාවකින් මත්පැන් පානය කොට ඇති බව ද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
ඔවුන්ගේ හැඳුනුම්පත් පොලිසියට ඉදිරිපත් කරණ තෙක් රඳවා තබා ගෙන සිටින අතර එය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය පියවර ගැනීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුර සැප විදිමින් වැජබෙන මහ නායකයයි කියාගන්නා අය බුදු දහම ගැන කිසිම කැක්කුමක් නැතුවාක් මෙන් ඉන්නේ මන්ද?
අපිට ගිලන් පස වලදන්න වත් පොලීසිය ඉඩ දෙන්නේ නැති හැටි. පස්හෙ වෙරි වෙන ඵක වෙනම කාරනයක්. නැද්ද හා.
සාදු ... සා...දු සාාදු .......
සේපාල්ගෙ නැට්ටේ එල්ලිලා ඉන්නා වගකිවයුතු අංශ වලට මේවා නොදකින්නේ නොපෙනෙන්නේ ඇස් අන්ධ වෙලාද කියලයි අහන්නට වෙන්නේ.
නිවන් දකින්න පින් මදි තවම.
ඕක අද ඊයේ ඉඳලා වෙන දෙයක් නෙමෙයි. පහුගිය අවුරුදු හතලිස් ගානෙම විශ්ව විද්‍යාල ශිෂ්‍ය හාමුදුරුවෝ ඕවා කලා. උපාධිය ගන්නකොට සිවුරත් අරිනවා.
කියන්න දෙයක් නැහැ... මේවාත් බිස්නස් එකක් වෙලා...
සිවුරු දාගෙන ඉන්න සමහරක් අය ඔයවගේ තමයි ... ඒ අය මහණ වෙන්නේ පුද්ගලික හේතුවක් නිසා...
අරගලයට ජය වේවා
සිවුරත් දැන් වෙළෙඳ භාණ්ඩයක් වෙලා...
ඔය කලිසම් ගහගෙන බීලා පිස්සු කෙලලා අහුවුනු සෙට් ඒකේ කීපදෙනෙක් කලාපීටයේ ආචාර්යවරුලු. කෝමද ඒක?
මේ අය වෙන කවුරුවත් නෙමෙයි, පෙරටුගාමී, JVP සහ අන්තරේ කට්ටිය. දවල්ට පාරවල් ගානේ උද්ගෝෂණ කර කර ජන ජීවිතය අඩාල කරන්නේ මොවුන් තමයි. මුලින් හොඳට තිබුන අරගලට පැනලා කඩා කප්පල් කලේ මොවුන් තමයි. කැම්පස් වල ඉන්න ළමයි මේගොල්ලෝ ගැන දන්නවා, නමුත් සාමාන්‍ය ජනතාව හිතන් ඉන්නේ මේගොල්ලෝ රට ආදරේ අය කියලා . මුන් සාසනෙත් කනවා.
කෝටියක් සංවර සීලය රැකීම කෙසේ වෙතත්, පංච සීලයවත් රැක ගත නොහැකි චීවරධරීන්ගෙන් ඇති පලය කුමක්ද?
ආගමික ස්ථානවලින් සිදුකරන ලවුඩ්ස්පීකර්, බෆල් කන්දොස්කිරියාවට පොලිසිය, නීතිය ක්‍රියාත්මක නොකරන්නේ ඇයි?
හොරුන්, බොරුකාරයින් දැන් ගොඩක් වැඩියි.
රාදෙනිය අවට ගනිකා මඩම් සහ සම්බාහන ආයතන වටලනවා නං තව සිවුර අස්සේ මහත්තුරු අල්ලා ගන්න තිබ්බා.
නායක උන්නාන්සේලා කරන විදියට එපයි ගෝලයෝ හැදෙන්න. මුන් ඔක්කොමගේ කල්ක්‍රියාව ප්‍රසිද්ද කල යුතුයි