සල්ලිකාරයන්ට බදු හිලෙන් පනින්න නිලධාරීන්ගෙන් උදව් කෝටිපති ව්‍යාපාරිකයන්ට සහ හිතවතුන්ට බදු දැලෙන් පැන යෑමට උදව් කරන රේගු සහ ආදායම් බදු නිලධාරීන් හය සියයකට වැඩි පිරිසක් සම්බන්ධයෙන් බුද්ධි අංශ රජයට කරුණු වාර්තා කර ඇත. 04 September 2022
යූරියා පොහොර බෙදීම අවසන් 2022 යල කන්නය සඳහා රජය විසින් ඉන්දීය ණය යෝජනා ක්‍රමයක් යටතේ මෙරටට ගෙන්වන ලද යුරියා පොහොර බෙදාහැරීම් කටයුතු මේ වනවිට සාර්ථකව අවසන් කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 04 September 2022
ප්‍රදේශ ගණනාවකට වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (3) විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 04 September 2022
පාරෙදි අහුලාගත් ලක්ෂ පහ හමාර අයිතිකරුට බාරදෙයි හක්මන තිස්සමහාරාම බස් රථයක කොන්දොස්තර මහතා සහ රියැදුරු මහතා තිස්ස මහා රහම බස් බස්නැවතුම්පල ආසන්නයේදී මඟ වැටී සිටියදී අහුලා ගත් රුපියල් ලක්ෂ පහමාරක් සහ ජංගම දුරකථනයක් එහි අයිතිකරු සොයා භාරදීමට කටයුතු කළ බව තිස්සමහාරාම පොලීසිය සඳහන් කළේය. 04 September 2022
පාර්ලිමේන්තුව ඇල්ලුවා නම් ප්රජාතන්ත්රවාදයත් ඉවරයි පාර්ලිමේන්තුව අල්ලාගන්නට පැමිණි අය මර්දනය කළා යැයිද ඔවුන්ට හරියට සැළකුවේ නැතැයි ද ඇතැමුන් කියන බවත් කළ යුතුව තිබුනේ එලෙස අආ අයට පාර්ලිමේන්තු කැන්ටිමෙන් තේ කෝප්ප අරං දීම දැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රශ්න කළේය. 04 September 2022
බූරුවා පොළේ සිද්ධියකට වෙඩි පත්තු වෙයි පිටිගල නියාගම කබලුව දී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගත කළ බව පිටිගල පොලීසිය කියයි. 04 September 2022
පාන් මිල පා වෙයි තිරිඟු පිටි සඳහා කළු කඩ මාෆියාවක් බිහිවීමත් සමග වැඩි මිලට පාන්පිටි මිලදී ගැනීමට සිදුවීම නිසා ග්‍රෑම් 450ක පාන් ගෙඩියක් රුපියල් 300ට අලෙවි කිරීමට සිදුවන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පවසයි. 03 September 2022
යුරෝපා සංගමය සතුට පළ කරයි ශ්‍රී ලංකාව,ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කාර්ය මණ්ඩල ගිවිසුමකට එළඹීම සම්බන්ධයෙන් සුභ පැතුම් එක් කරන බව යුරෝපා සංගමය ප්‍රකාශ කළේය. 03 September 2022
ස්ථීර කැබිනට්ටුව තව කල් යන හැඩ ස්ථිර කැබිනට් මණ්ඩලයක් පත්කිරීම තවදුරටත් කල් යනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සදහන් කරයි. 03 September 2022
අයි.එම්.එෆ් සාකච්ඡා දෙස බලා පැරිස් සමාජයත් ලංකාවට අත දෙයි ශ්‍රී ලංකාව සඳහා ණය සහන ක්‍රියාවලිය ආරම්භ කිරීමට සූදානම් බව ’’පැරිස් සමාජ සාමාජිකයෝ’’ (Paris Club Members) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ 03 September 2022
කෝටි 20,000ක හිඟ බිල්පත් මහා භාණ්ඩාගාරයේ හිර වෙයි රට පුරා ඉකුත් කාලයේ සිදුකරන ලද ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් කෝටි විසිදහසක පමණ හිඟ බිල්පත් මහා භාණ්ඩාගාරයේ සිර වී ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. 03 September 2022
ගොර්බචොව් අවසන් ගමන් යයි අවසන් සෝවියට් නායකයා ලෙස සැලකෙන මිහායිල් ගොර්බචොව්ගේ අවසන් කටයුතු හමුදා ගෞරව මැද මොස්කව් අගනුවර දී පැවැත්විණි. 03 September 2022
ඇල්ල ඔඩෙසි’ තවත් දින දෙකක් ධාවනයට කොළඹ සිට නගරාන්තර සති අන්ත අධි සුඛෝපභෝගී දුම්රියක් ලෙස ආරම්භ කළ ‘ඇල්ල ඔඩෙසි’ දුම්රිය මෙම මස 8 සහ 9 දෙදින සිට බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවලට ධාවනය කරන බව දුම්රිය දෙපාර්තුමේන්තුවේ උසස් නිළධාරියකු පැවසීය. 03 September 2022
සෞඛ්‍ය, ඛනිජතෙල් සහ විදුලියට ගැසට්ටුවක් එයි සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය බිදුලිබල සැපයුම හා ඊට අදාළ සියලු සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම සහ සෞඛ්‍ය සේවාව නැවත වරක් අත්‍යාවශ්‍ය සේවාවන් බවට නියම කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද( 03) සිට බල පැවැත්වෙන පරිදි ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 03 September 2022
පොහොට්ටුව එපා වූ තවත් පිරිසක් ඩලස්ලාට එකතු වෙති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනකු ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුත් මන්ත්‍රී කණ්ඩායමට එක්වීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 03 September 2022
බදු හොරුන්ට උදව් කරන නිලධාරීන් හයසියයක් ගැන පරීක්ෂණ කෝටිපති ව්‍යාපාරිකයන්ට සහ හිතවතුන්ට බදු දැලෙන් පැන යෑමට උදව් කරන රේගු සහ ආදායම් බදු නිලධාරීන් හය සියයකට වැඩි පිරිසක් සම්බන්ධයෙන් බුද්ධි අංශ රජයට කරුණු වාර්තා කර ඇත. 03 September 2022
ගෝඨාට තැන දෙන්න සීතා සූදානම් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය නම් ඒ වෙනුවෙන් තමා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්රීනී සීතා අරඹේපොළ මහත්මිය පැවසුවාය. 03 September 2022
එක් පවුලක් ලක්ෂ 58ක් ණයයි රටේ උද්ධමනකාරී වතාවරණය හේතුවෙන් දිවයිනේ සෑම පවුලක්ම මේ වසරේ මැයි මාසය වනවිට රුපියල් ලක්ෂ 58 ක ණයකරුවන් බවට පත්ව සිටින බව විශේෂ අධ්‍යයනයකදී පෙනී ගියේ යැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය. 03 September 2022
’’අමුත්තන්ගේ රාත්‍රියෙන්’’ 306ක් මාට්ටු ගම්පහ පොලිස් කොට්ඨාසයට අයත් පොලිස්ථාන 19 මගින් සිදුකළ ’’අමුත්තන්ගේ රාත්‍රිය ’’ මෙහෙයුමෙන් විවිධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 306 දෙනකු අත් අඩංගුවට ගත් බව පොලිස් අධිකාරී කාර්යාලය සදහන් කරයි. 03 September 2022
චීනයේ ස්ථාවරය කියයි ශ්‍රී ලංකාව මුහුණ දී ඇති දුෂ්කරතා සහ අභියෝග කෙරෙහි චීනය දැඩි අවධානයක් යොමු කළ බවත් ශ්‍රී ලංකාවේ සමාජ සහ ආර්ථික සංවර්ධනයට චීනයේ උපරිම ධාරිතාවයෙන් සහාය වූ බවත් චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ෂාඕ ලිජියෑන් මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. 03 September 2022
අරගලයට මුවා වී වැරදි කළ 80ක් රට පැනලා අරගලය අතරේ විවිධ නීතිවිරෝධී ක්‍රියාවලට සම්බන්ධවූ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් ඇතුළු අසූවකට ආසන්න පිරිසක් මේ වනවිට විවිධක්‍රම මගින් විදේශයන්ට පලා ගොස් ඇතැයි ආරක්ෂක ආරංචි මාර්ගවලින් පැවසේ. 03 September 2022
එජාපය ආගමට මුල් තැන දී සංවත්සර සැමරුම අරඹයි එක්සත් ජාතික පක්ෂයේ 76 වෙනි සංවත්සර සැමරුම නිමිත්තෙන් සියලු ආගම් සිහිකරමින් ස්ථාන පහකදී හෙට(4) සර්ව ආගමික වතාවත් සිදුකරන බව එජාප නියෝජ්‍ය නායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 03 September 2022
නිරිත දිග කොටසට තද වැසි දිවයිනේ නිරිත දිග කොටසෙහි පවතින වැසි තත්වයේ වැඩිවීමක් අද (3) පස්වරුවේ සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 03 September 2022
හිටපු ජනපති ගෝඨාභය යළි පැමිණෙයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ මහත්මිය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ . 03 September 2022
ඩොලර් වංචනිකයන් අල්ලන්න රටේ නීතියක් නෑ ඩොලර් වංචනිකයන් අත්අඩංගුවට ගැනීමට අද රටේ නීතියක් නැතැයි රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 02 September 2022
දේශපාලන අස්ථාවරත්වයෙන් අයි.එම්.එෆ් සල්ලි බෙදාහැරීම අවදානමක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්දේශ කර ඇති ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමටත් ණය හිමියන්,ණය ප්‍රතිව්‍යූගත කිරීමට එකඟ වී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන මුදල් බෙදා හැරීමටත් දේශපාලන අස්ථාවරත්වය අවදානමක් ඇති කරන බව ෆිච් රේටින්ග්ස් ආයතනය පෙන්වා දුන්නේය. 02 September 2022
පාර්ලිමේන්තුවට හොරෙන් ඇතුළු වීමට ගිය කතක් අල්ලයි පාර්ලිමේන්තුවට අනවසරයෙන් ඇතුළුවීමට උත්සාහ දැරූ සැකකටයුතු කාන්තාවක් ජයන්තිපුර ප්‍රධාන පොලිස් මුරපොළේ නිලධාරීන් විසින් අද (2) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබුවාය. 02 September 2022
ඉදිරි ආණ්ඩුව පිහිටුවීමේ වැඩි වාසි තිබෙන්නේ ශ්‍රීලනිපයටයි රටේ පවතින තත්වය අනුව ළඟදීම කුමන හෝ මැතිවරණයක් පැවැත්වීමේ ලකුණු ඇති බවත් ඉදිරි ආණ්ඩුවක් පිහිටුවීමේ වැඩිම වාසිය ඇත්තේ ශ්‍රී.ල.නි.පය ප්රමුඛ සන්ධානයකට බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 02 September 2022
ඇෆ්ගනිස්ථානයේ මුස්ලිම් පල්ලියක පිපිරීමක් ඇෆ්ගනිස්ථානයේ හෙරාට් නගරයේ මුස්ලිම් පල්ලියක යාච්ඤාවක් අතරතුර අද(02) සිදු වූ පිපිරීමකින් 21 දෙනෙකු මියගොස් තවත් 21 දෙනෙකු තුවාල ලබා ඇතැයි අල් ජසීරා පුවත් සේවය ප්‍රකාශ කළේය. 02 September 2022
අතුරු අයවැය වැඩි ඡන්ද 115කින් සම්මතයි ඉදිරි මාස හතර සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අතුරු අය වැය වැඩි ඡන්ද 115 කින් සම්මත විය. 02 September 2022
සාමයේ පාගමනේ තෙවැනි දිනය අදයි ‘එහිපස්සිකෝ‘ සාමයේ පා ගමනේ තෙවැනි දිනය අද (23) ඓතිහාසික මාතලේ අලුවිහාරයේ රජමහා විහාර පරිශ්‍රයෙන් ඇරඹිණි. අද දිනයේදී සාම පාගමන ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව බලා පිටත්වේ.. 23 April 2026