IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


නීති වෙනස් කර අයි.එම්.එෆ් යුක්රේනයට ණය දෙයි?

(විමුක්ති එස් රුද්‍රිගු)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තම ණය දීම පිළිබඳ නීති වෙනස් කරමින් ඇමෙරිකානු ඩොලර් බිලියන 14ත් 16ත් අතර ණය මුදලක් යුක්රේනයට ලබා දීම සඳහා ඇති ඉඩකඩ සම්බන්ධයෙන් සොයා බලමින් සිටින බව ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

රුසියානු හමුදා යුක්රේනයෙන් පළවා හැරීමට ගන්නා උත්සාහයේදී එරට අවශ්‍යතා ඉටු කරගැනීමට මෙන්ම ජාත්‍යන්තර ආධාර ලබා ගැනීමට ඇති හැකියාව වැඩි දියුණු කිරීමට මෙම ණය මුදල යුක්රේනයට ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අදහස් කරන බව ආරංචි මාර්ග පෙන්වා දී තිබේ.

ණය මුදල ලබා දීම කොන්දේසි ගණනාවක් මත රඳා පවතින බවත් යුද්ධයක් මත පවතින රටකට ණය ලබා දීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය දීම සඳහා පවතින නීති වෙනස් කිරීමට සිදුවන බවත්  ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇත.

අනුමැතිය ලැබුනහොත් ණය මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 14 ත් 16 ත් අතර වනු ඇති බවත් එය වසර 3 ත් 4ත් අතර කාල සීමාවක් සඳහා වනු ඇති බවත් ආරංචි මාර්ග පවසා තිබේ.පළමු කොටස ඇමෙරිකානු ඩොලර් බිලියන 5 ත් 7 ත් අතර මුදලක් වනු ඇති බවත් ආරංචි මාර්ග පෙන්වා දී ඇත.

මෙම සැලැස්මට මාර්තු මස වන විට අනුමැතිය ලැබේ යැයි බලාපොරොත්තුවක් තිබෙන බවත් ණය මුදලේ පළමු කොටස අප්‍රේල් මස ලැබීමට ඉඩකඩක් තිබෙන බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කර තිබේ.



අදහස් (1)

නීති වෙනස් කර අයි.එම්.එෆ් යුක්රේනයට ණය දෙයි?

wicky Friday, 27 January 2023 04:19 PM

අපි ඩොලර් බිලියන 2.9 ගන්න කොච්චර කල් බලන් ඉන්නවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 186 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site