IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පවතින නීතිය ක්‍රියාත්මක කරන්න බැඳී සිටිනවා

(අංජුල මහික වීරරත්න)

 ජනාධිපතිවරයාට හිමි විධායක බලතල අනුව රටේ පවතින නීතිය ක්‍රියාත්මක කිරීමට තමන් බැඳී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 

13 වෙනි සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්නේ ඒ අනුව බව කී ජනාධිපතිවරයා එසේ නොකරන්නේ  නම් පාර්ලිමේන්තුව හරහා 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළ යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය. 

13 වෙනි සංශෝධනය අහෝසි කිරීම සඳහා ඕනෑම මන්ත්‍රීවරයකුට පාර්ලිමේන්තුවට පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කළ හැකි බව කී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම යෝජනාවට බහුතරය අකමැති වුවහොත් සිදු වන්නේ 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක වීම බව සඳහන් කළේය. 

කෙසේ වුවද රට බෙදීමට කිසිසේත් සූදානම් නැති බවත් කිසි විටෙක සිංහල ජාතිය පාවා දීමට කටයුතු නොකරන බවත් ජනාධිපතිවරයා එහිදී  අවධාරණය කළේය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ජනාධිපති කාර්යාලයේ  පැවති සර්ව පාක්ෂික හමුව අමතමිනි. 



අදහස් (11)

පවතින නීතිය ක්‍රියාත්මක කරන්න බැඳී සිටිනවා

ganegoda Friday, 27 January 2023 04:50 PM

හොරකම් කරලා ඒවා රාජපක්ෂ හොරුත් එක්ක බෙදාගෙන බේරුණාට අපි කැමැතියි. නුඹලා ඔක්කොම ජම්පර් ගහගෙන බන්ධනාගරය දකින්න..

:       16       200

AB Friday, 27 January 2023 05:24 PM

දශක 7ක් තුළ බලය වෙනුවෙන් හර්තාලයේ සිට යුද්ධය දක්වා මෙතෙක් කරගෙන ගියාවූ බලය ලබාගැනීම හෝ බෙදීම පිළිබඳ තණ්හාව අවසන් කර සියලු ශ්‍රී ලාංකිකයන්ගේ මූලික අයිතිවාසිකම් ගරුකරන වියවස්ථාවක් පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගැනීම කළයුතු වේ. වර්තමාන තරුණ පරපුර දේශපාලනය පිළිබඳ එතරම් උනන්දුවක් නොදැක්වීමට ප්‍රධානතම හේතුවක් වනුයේද සාධනීය විසඳුම් නොමැති ජාතික ප්‍රශ්නය වේ...

:       157       33

ABSaturday, 28 January 2023 02:41 AM

පළකර තිබෙන අදහසට ඔබලාගේ ඩිස්ලයික් පමණක් නොව ඔබලාගේ අදහසද ඉදිරිපත් කරන්න. අදහස හෝ විසඳුම් නොමැතිව ඩිස්ලයික් පමණක් යෙදවීම ගැටළුවක් සඳහා විසඳුම නොවන අතර විසඳුම් නොමැතිව ඩිස්ලයික් යෙදවීම සහ වොයිස් කට් ලබාදීම අතර වෙනසක් නොමැත.

:       1       1

Ajantha Friday, 27 January 2023 06:02 PM

ඊලම බන්දේසියක තියලා දෙන්නයි යන්නේ...!

:       12       136

SaraSaturday, 28 January 2023 09:17 AM

විරුද්ධ වෙන්න කවුරුත් නෑ වගේ...!

:       1       1

Perera Saturday, 28 January 2023 03:30 AM

මෙයාට පාර්ලිමේන්තුවේ ඉඳගන්නවත් ජනවරමක් නැතිබව කවුරු හරි මෙයාට මතක්කර දුන්නොත් හොඳයි..

:       1       2

Muditha Saturday, 28 January 2023 07:33 AM

ලංකාවේ ජනාධිපති කෙනෙක් පළමු වතාවට ඔහුගේ රාජකාරිය කළ බව මම ඇසූ පළමු අවස්ථාව...

:       0       2

චන්දන Saturday, 28 January 2023 07:50 AM

පිනට පාර්ලිමේන්තු ඇවිත්, අපේ පවට ජනාධිපති වෙලා මෙතෙක් කල් කරගන්න බැරි වුණු දේවල් කරන්න හදනවා. රට කෑලිවලට කඩලා විනාශ කරලාම දාලා එලොව යන්න බලන්නේ... මෙය හැකි ඉක්මනින් පරාද කරන්න ඕනෑ.

:       1       3

සුසන්ත Saturday, 28 January 2023 10:14 AM

13 සංශෝධනය ජනමත විචාරණයක් මගින් අනුමත කරන්න ඕන කියලා ඒ කාලයේ කිව්වා... මෙතෙක් එය කළේ නැහැ.. ඉතින් නීතිය පොතේ තිබුණාට ජනතාව අනුමත නොකළ දෙයක් ක්‍රියාත්මක කරන්න බලයක් නැහැ.. එහෙම අවශ්‍ය නම් මහමැතිවරණය වෙලාවේ වත් ඔහේගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළත් කරලා අනුමත කරවා ගන්න...

:       1       3

Lal Saturday, 28 January 2023 10:32 AM

මෙය ඉතා හොඳ වැඩපිළිවෙලක් ජනාධිපතිතුමනි... සුබ පැතුම්..!

:       3       1

Bamunuarachchi Monday, 30 January 2023 11:45 AM

ජනතාවරමක් නැතිව කොහෙන්ද ඒ බලය ලැබුනේ. දැම්ම ගහලා පන්නා දැම්මොත් රටට හොඳයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 186 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site