IMG-LOGO

සත්තු වත්තට නෙදර්ලන්තයෙන් තෑග්ගක්

(ඩයනා උදයංගනී)

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව වෙත නෙදර්ලන්තයේ බෙස්ට් සත්වෝද්‍යානයෙන් පැන්තෙරා වර්ගයට අයත් ජගුවර් පිරිමි සත්වයකු ලැබී ඇත.

සත්ව හුවමාරු වැඩසහටනක් යටතේ දෙහිවල සත්වෝද්‍යානයට මෙම සත්වයා ලැබුණු බව එහි ප්‍රකාශකයකු පැවසීය.

විදේශීය සත්වොද්‍යානවලින් සතුන් ලබා ගැනීමේ ප්‍රධානතම මාර්ගය සත්ව හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම වන නමුත් 2019 වසරින් පසුව ඇතිවූ කොවිඩ් 19 වසංගත තත්වය සමඟ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර සත්ව හුවමාරු වැඩසටහන් වසර තුනකට ආසන්න කාලයක් නතර වී තිබිණි.

එම වැඩසටහන් නැවතත් අරඹමින් මෙම ජගුවර් සත්වයා පෙරේදා (26) දෙහිවල සත්වෝද්‍යානයට ලබාගැනීමට හැකි වූ බව ද එම ප්‍රකාශකයා කීවේය.

නෙදර්ලන්තයේ බෙස්ට් සත්වෝද්‍යානයේ පරිත්‍යාගයක් ලෙස ලැබුණු මෙම පිරිමි සත්වයා, වසරේ නෙදර්ලන්තයේ රෝයල් ආ(ර්)ටිස්ට් සත්වෝද්‍යානයේ සත්ව හුවමාරු වැඩසටහන හරහා 2019 වසරේ දෙහිවල සත්වෝද්‍යානයට ලැබුණු කලු ජගුවර් ගැහැණු සත්වයාගේ සහායකයා ලෙස ලබාගත් බව ද හෙතෙම සඳහන් කළේය.

මේ වන විට ජගුවර් සත්වයා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටින අතර, සුදුසු පරිසර තත්ත්වයට හුරු කළ පසු කලු ජගුවර් සිටින ස්ථානයට යොමු කර ජගුවර් පවුලක් ලෙස ජනතාවට දැකබලාගැනීමට සලස්වන බව ද ඔහු කීවේය. 



අදහස් (4)

සත්තු වත්තට නෙදර්ලන්තයෙන් තෑග්ගක්

Kanchana Friday, 27 January 2023 04:38 PM

පව් ගෙවන්න ලංකාවට එවලා බඩගින්නේ ඉන්න වෙන්නේ...

:       4       15

ganegoda Friday, 27 January 2023 04:39 PM

මේ සතානම් හිතන්නේ... ජීවිත කාලයටම ‘‘ලංකාවේ සිරගත වුණා කියලා නේද? පව්...!

:       4       9

Sakra Friday, 27 January 2023 04:46 PM

පව් අප්පා.. ඇයි මෙයාට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් නැතුව තනිවම එව්වේ?

:       6       6

Kumara Saturday, 28 January 2023 12:07 AM

මේ සතා දන්නවා නම් මයිනලා, කපුටලා, කලිසමාලා තමයි මේ රටේ පාලකයෝ කියලා... පවු අහිංසක සතා බඩගින්නේ මැරෙන්න තමයි වෙන්නේ..!

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 138 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 425 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site