(කුෂාන් ජයවර්ධන)
වල්අලි අතරේ කලාතුරකින් සිදුවන සිදුවීමක් වන බව කියන කෙනරක මළදරු උපතක් සිදු කර ඇතැයි මැදවච්චිය වනජීවි කාර්යාලයෙන් වාර්තා වේ.
මැදවච්චිය වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව එම නිලධාරීන් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී උපතේදීම මිය ගිය එම වන අලි පැටවාගේ සිරුර සොයා ගෙන තිබේ.
මැදවච්චිය තිත්තගෝනැව ප්‍රදේශයේ හේනක තිබී උපතේදීම මියගිය එම අලිපැටවාගේ සිරුර සොයා ගෙන තිබිණි.
මැදවච්චිය තිත්තගොනෑව හා ඒ ආශ්‍රිතව රක්ෂිතවල සැරිසැරූ වල්අලි රංචුවක සිටි කෙනරක මෙම ස්වභාවික මළදරු උපත සිදුකර ඇති බවත්, එම පැටවා බිහිකිරීමෙන් පසු මව් කෙනෙර යළිත් සිය රංචුව සමග රක්ෂීතයට ගමන් කර ඇති බවත් වනජීවී නිලධාරීහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd