(ඩයනා උදයංගනී සහ ළහිරු හර්ෂණ)
කොළඹ වරාය ආසන්න මුහුදේදී ගිනි ගැනීමට ලක්ව මුහුදුබත් වූ එම්.වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කැබලි කර යළි රැගෙනයාමේ කටයුතු මේ වන විට ආරම්භ වී තිබේ.
එම නෞකාව කපා ඉවත් කිරීමේ මෙහෙයුම් සිදු කරන්නේ චීනයේ ෂැන්හයි ෂෙල්වේජ් (Shanghai Salvage) නම් ආයතනය මගිනි.
සිංගප්පූරුවේ ලියාපදිංචි එක්ස්ප්‍රස් පර්ල් නෞකාව 2021 මැයි මාසයේ දී කොළඹ වරාය අසල මුහුදේ සති දෙකකට ආසන්න කාලයක් ගිනි ගනිමින් තිබී මුහුදුබත් වූ අතර, නෞකාවේ කොටස් එහි හිමිකාරීත්වය දරණ සමාගම් විසින් රැගෙනයාම සිදුකරන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනී දර්ශනී ලහදපුර මහත්මිය පැවසුවාය.
මෙම සියලු කටයුතු සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ උපදෙස් හා නියාමන යටතේ සිදුකරන බව ද ඇය කීවාය.
සමුද්‍රීය පරිසරයට විය හැකි හානි අවම කර ගනිමින් මෙම කටයුතු සිදු කරන බව ද ඇය සඳහන් කළාය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
එක්ස්ප්‍රස් පර්ල් යන්නම යයි
sharm warn Monday, 30 January 2023 12:19 PM
අපේ මුහුදත් කාලා, ධීවරයින්ගේ පවුල් ටිකත් කාලා, වන්දියකුත් නැතිව, අඩුගානේ පරණ යකඩ වලට දෙන්න තියෙන වටිනාකමවත් අපිට නැතුව... ඔහේ පලයන් කියලා බලන් ඉන්න නම්... කුමට මෙරට පාලකයින්... කැබිනට් සහ ඇමැතියන්..? වන්දිය කාගේ සාක්කුවටද ගියේ කියලා හොයලා වැඩකුත් නැතිවෙයි.. මේ අයගේ ආණ්ඩුව හැඳිගෑවිලා යනකල්...
Rama Monday, 30 January 2023 01:21 PM
ශ්‍රී ලංකාවට වන්දි ගෙවීමක් ගැන ව්‍යාපාරයේ කතා කරන්නේ නැහැ. නැවේ වැදගත් කොටස් අයින් කළාට පස්සේ බලධාරීන් කියයි දැන් අපිට වන්දි ලැබෙන්න බෑ කියලා. මෙය වෙනත් ගනුදෙනුවක් විය හැකිද ???!!
Aravinda Monarawila Monday, 30 January 2023 01:38 PM
වන්දි නොදී ඔබ යන්නම යනවා...!
ලුම්බිණි Monday, 30 January 2023 01:58 PM
පේන විදියට නැවේ හොඳ කොටස ගෙනියනවා වගෙයි. වැඩකට නැති ඒවා අපේ මුහුදේම තමයි.
දිමුත් Monday, 30 January 2023 02:27 PM
දැන් එතකොට වන්දිත් නෑහැ, නැවත් නැහැ? එහෙමද?
චන්දිම ෆොන්සේකා Monday, 30 January 2023 06:08 PM
දෙයි හාමුදුරුවනේ මේ මොකද්ද සිද්ධ වෙන්නේ... කවුරුවත් මේ ගැන කතා කරන්නේ නැද්ද? වස විස පිරිච්ච කන්ටේනර් තොගය අපේ මුහුදේ ඉතුරු කරලා අපේ රටේ මිනිස්සුන්ට අනාගතයේ වස මාළු කාලා මැරෙන්න තියලා පරණ යකඩ වලටවත් විකුණාගන්න පුළුවන්කම තියෙන නැවේ කොටස් ටික අරන් යනවා. කවුද මේවාට ඉඩ දුන්නේ. හරි නම් මේ යකඩ ටිකවත් විකුණලා අපේ රටට වන්දියක් ගෙවපල්ලා කියලා කියන්න.. මේ රටේ නායකයින්ට කොන්දක් නැතිකමද? නැත්නම් ඒකෙනුත් ගහලද? මහම පුදුම කාලකන්නි පාලකයින් ඉන්න රටක් නේද මේක?
raheem Monday, 30 January 2023 06:35 PM
නැවක් උඩ නැවක්...