(අංජුල මහික වීරරත්න සහ දයාරතන අඹෝගම)
අනුරාධපුර රාජධානී සමයේ ණය ලබා නොගෙන ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟුවා සේ ඉදිරි වසර 05-10 ඇතුලත කිසිවකුට යටත් නොවී අභිමානයෙන් ජීවත්විය හැකි ණය නැති ආර්ථිකයක් ගොඩනැඟීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
රටේ අදායම් තත්ත්වය ස්ථාවර වී ආර්ථික ප්‍රගතියක් උදාවුවහොත් මේ වසරේ තුන්වන කාර්තුවේදී සහනයක් ලෙස සියලු රජ්‍ය සේවකයින්ට වැඩිපුර දීමනාවක් ලබාදීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අනුරාධපුර අභිනව අටමස්ථානාධිපති ශ්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නාහිමිට ශ්‍රී සන්නස් පත්‍ර පිළිගැන්වීම වෙනුවෙන් අද (28) පස්වරුවේ ඓතිහාසික ජය ශ්‍රී
මහා බෝධි මහ මළුවේදී පැවැති පුණ්‍යෝත්සවය අමතමිනි.
අද සියලුදෙනා මුහුණ පා ඇති අසීරුතාව පිළිබඳ මනා අවබෝධයක් තමාට ඇති බව පැවසූ ජනාධිපතිවරයා 2024 වසර වන විට අපේක්ෂා කරන ආර්ථික ප්‍රගතියත් සමග වැටුප් වැඩි කිරීම ඇතුළුව සියලු ජනතාවට සහන ලබාදීමට හැකිවනු ඇති බවට ද විශ්වාසය පළ කළේය.
අභිනව අටමස්ථානාධිපති නාහිමිපාණන් වහන්සේ වෙත ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු වූ අතර විජිණිපත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පිළිගන්වනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාගේ පෙර පාලන සමයේ ණය මුදල අඩු කිරීමට උත්සාහ කරල තියෙනවද? කවුද විශ්වාස කරන්නේ. නහින දෙහින කාලෙ කතා.
දශක 04ක් විතර කිව්ව බොරුවලට තවත් එකතුවන බොරු පොරොන්දු... ජනතාව එන්න එන්නම අසරණ තත්වයට පත්වුණා. සෞභාග්‍යය, ආශ්චර්යය මිනිස්සු මුලා කරපු වචන...
ඇයි ඔච්චර අතීතයට යන්නේ ... 1977 නැති කෙරුවේ ඔහේගේ ජේ ආර් නොවා
පින් ජනපතියගේ මොලේ විකාර වෙලාද මන්දා .අනුරාධපුර යුගය වගේද දැන්.ඒ කාලේ හිටපු රජවරු දසරාජ දර්මයෙන් රටපාලනය කෙරුවයි කියලා අපි ඉගෙන ගෙන තියෙන්නේ .දැන් ඉන්න නායකයෝ එහෙමද. උන් රටම හොරාකාලා විනාශ කරපු බලලෝබි දූෂිත දේසපාලුවෝ ?
මේ පාර නායකයා හීන දකිනවා....
දෙයි හාමුදුරුවනේ මෙයා මේ වගේසුරංගනා කතා කොච්චර කියල තියෙනවද. මහින්දත් පරාදයි සමහර කතා වලට. පරණ පත්තර බැලුවොත් එහෙම බය වෙනවා, අපි ඉන්නේ ලංකාවේද කියල.
ඔබතුමාගෙ අරමුණ හොඳ වෙන්න පුළුවන්.ඒත් අප දැක්කා මේ උත්සවෙට රට බංකොලොත් කළ දේශපාලුවන් හා ඔවුන්ගේ කෙවට්ටයන් සහභාගීව සිටිනවා.ඔවුන් සමග ගොස් ඔබතුමාගෙ අරමුණ ඉටු කර ගැනීමට පුලුවන්ද කියලා අපට හිතෙනවා.මේ සියල්ලට කළින් රට බංකොලොත් කළ හොරුන් අල්ලා ඔවුන් රටෙන් හොරා කෑ සියලු දේ නැවත පවරා ගැනීමට කටයුතු කරන්න.අන්න එසේ කළදාට මේ රටේ ජනතාව ඔබතුමා වටා එක්රැස් වනු ඇත.
පසුගිය කාලවල මොනවා ද කලේ ?
මටත් ඔහොම කියන්ට පුළුවන්.
දැනට ක්‍රියාත්මක වන ක්‍රමවේදය අනුව පරම්පරා කීයකට පස්සේද ඔය ප්‍රතිඵල ලැබෙනුයේ...?
රජයේ සේවකයන්ට දීමනා වෙනුවට සැමට බඩු මිල අඩු කර දෙන්න
රනිල්, ඔබ බිරිඳක්, ඔබව විශ්වාස කරන්නේ නැත,
බොරු කයිවාරු නවත්තලා වැඩ කරලා පෙන්නලා කතා කරන්න
මේ රට ලෝකයේ බන්කොලොත්ම රටක් කරපු එකට රාජපක්ෂලා වගේම ඔබතුමාත් වග කිවයුතුයි. 2015 - 2019 කාල සීමාවේ තමයි ලංකා ඉතිහාසයේ වැඩියෙන්ම ණය ගත්තේ. ඒ ගත්තු ණය වලින් කරපු සංවර්ධනයේ තරම හොදට පේනවා. ආයෙත් අපිව අන්දන්නේ නැතුව කරුණාකරලා ගෙදර යන්න.
ඔබ මීට කළින් මේවා සිතුවාද? පළමුව සියලු ණය පියවාදමන්න උත්සාහ කරන්න.
මෙයා තවත් අවුරුදු 10 ක් ඉන්න ප්ලෑන් හදනවා. තවත් පව් නොදි. මහ මැති වරනයක් තියලා වැලිකඩ යන්න ලෑස්ති වෙන්න රාජපක්ශලා සමග. ඉන්න ගෙයකුත් නැහැ කිව්වානෙ. මෙ ඉන්න ටිකට ගෙවල් අවශ්‍ය නැහැ වැලිකඩ හොදයි කට්ටියට. තමුන් ඇතුලු මෝඩ සෙට් එක රට වලපල්ලට යවන්න තයි දන්නෙ. චන්දෙ ලන්වෙන්කොට. පඩි වැඩි කරන්න හොන්දට පුලුවන් නේද. ඔය තරම් මුදල් තියෙනවානම්. බදු ගහලා. බඩු මිල වැඩි කරන්නෙ ඔලුවේ අමාරුවටද. ඔන්ලිය්න් හරහා ඉන්දියාවෙන් ඉගෙනගන්න. රට පාලනය කරන හැටි. අපිටත් පුලුවන් තමුන් කරන විදියට රට පාලනය කරන්න. හොරුන් හුරතල් කරමින් අසරන ජනතාවට ගින්දර දෙන හෙනහුරා
තාමත් විදුලිය කපන එක නවත්ත ගන්න බැරි වුණානේ... ඉතින් තව මොන කතාද?
කවද්ද?
මෙතෙක් කල් කරන්න බැරිවුන ණය නැති ආර්ථිකයත් ඉදිරි සති තුන අමාරුයි වගේ තමයි.
දෙන චන්දෙත් නැති කර ගන්න කතා, යකෝ අඩු ගානේ රජවරුන්ටවත් නින්දා නොකර ඉදපන්, නිකමටවත් අහල තියෙනවද අපේ රජවරු ලෝකේ වටේ ගිහින් හිගා කනවා, හිගා කාලා භාණ්ඩාගාර පුරවනවා.....
ඉදිරි වසර 05-10 ඇතුලත කිසිවකුට යටත්........ ඔබතුමා ලංකාවේ ලාබාලතම ඇමතිවරයා වෙලා හිටියා මතකයි. එදා ඉඳලා මේ වෙනකන් ඔබතුමා පාර්ලිමේන්තුවේ හිටියා. රටේ ඉහලම තනතුරු දරුවා.හොබවපු නැති තනතුරක් නෑ.ඒ කාලය මදි උනාද ඔය කියන ආර්ථිකය රටේ ගොඩනගන්න. රටට යහපතක් වෙන කිසිම දෙයක් කරලා නැහැනේ ඔබතුමා මෙච්චර කාලයකට. ඔය කතාව කියන්නේ වෙන රටක මිනිසුන්ටද? මොකද ඔබතුමා ගැන මේ රටේ මිනිස්සු නම් දන්නවා. ඔය කියන කෙටි කාලයකින් ඔය කියන ආර්ථිකයක් ගොඩ නගන්න ඔබතුමාට ඇලඩින්ගේ පහනවත් ලැබුනද. හොඳට තිබුන රට බින්දුවට බස්සපු එක තමයි ඔබතුමාලා කරලා දුන්නේ. දැන් හොඳටම ඇති. මිනිස්සුන්ට දැන් ඔය බොරු බේගල් තිත්තවෙලා තියෙන්නේ. අළුත් බුද්ධිමත්, තරුණ පිරිසකට මේ රට බාරගෙන කරගෙන යන්න ඉඩ දීල oya225 ම අයින් වෙන්න .ඒකයි මේ රටේ මිනිස්සුන්ගේ අහිංසක බලාපොරොත්තුව ... තෙරුවන්සරණයි.
අවුරුදු 57 බලයට එන්න බැරිඋන ජෙප්පෝ මෙරට කේතුමතී පුරයක් කරන්න හදනවා. 30 වතාවක් පැරදිලා ජෙප්පෝ කියන විදිහට 2015-2020 දක්වා රටට වැඩක් නොකර බිලියන 12 තවත් රට ණය කර එක ආසනයක් දිනා ගන්න බැරි වෙච්ච මිනිහා නය නැති රටක් හදන්න යනවා . මේවා ලෝක විහිළු නේද?
නියම ජෝකරයෙක්...!
එච්චරකල් ජීවත් වුණොත් බලමු...
අනුරාධපුර යුගයේ හිටපු රජවරු කව්ද කියල ඇහුවොත් කියයි පරාක්‍රමබාහු කියලා. අපි නොදන්න ඔයාගේ ඉතිහාසය....
මේක කියවන කොට පුදුම සතුටක් හිතට ආවේ. ඒත්, නැවතත් මම රැවටුණා කියලා තේරෙන්න ඉස්සර වගේ කල් ගියේ නැහැ.
ලංකාවම විකුණන්න වෙයි...
මේ මනුස්සයා තාම ඉන්නේ අනුරාධපුර යුගයේ. ඉතින් කොහොමද රට හදන්නේ...?
ඔයාද ඇති කරන්නේ ණයනැති ආර්ථිකයක්...? ලාබ ලබන රටේ ආයතන සහ දේපල විකුණගෙන කොහොමද ණය නැති ආර්ථිකයක් ගොඩ නගන්නේ...?
අපිට නම් චුට්ටක් ණය වුණත් කමක් නැහැ. අර ඔයා දීපු බ්‍රේස්ලට් එක විකුණලා හරි ටික කාලයක් ශේප් වෙන්න පුළුවන්. අනේ මගේ කට... කවුරු හරි මෙන්න මෙයාව අවදි කරන්නකෝ... අනේ මෙන්න මේ මනුස්සයා මානසික දොස්තර කෙනෙක්ට පෙන්නන්න...
තාමත් මේ දේශපාලකයින්.... දූෂණයෙන් තොර, නීතියේ ආධිපත්‍යය සුරකින, ආර්ථික වශයෙන් දියුණු සුර පුරයක් වගේ රටක් නිර්මාණය කරාවි කියලා හිතන අය තාම ඉන්නවානේ ඉතින්... මේ වගේ අය දන්නේ අනිත් මිනිසුන් ලේ, දහඩිය, ජීවිත කැපකර අරගල කරලා දිනාගත්තු දේවල් විලි ලැජ්ජාවක් නැතිව භුක්ති විඳින ගමන් අරගල කරන් මිනිසුන්ටත් බැන බැන දූෂිත දේශපාලකයින්ට වහල්කම් කර කර කියන උන් කියන ඕනම කෙප්පයක් ඉහ මුදුනින් පිළිඅරගෙන පුළුවන් නම් තාන්න මාන්න අරගෙන පෞද්ගලික ඕනෑ එපා කම් ඉටු කරගන්න...
විකාර...
පිස්සෙක්, එකපාරක් කීවා රටේ කුඹුරු ඔක්කොම ගොඩකරලා ෆැක්ටරි හදනවා, රටේ බුලත් කෑම නවත්වලා ඒ අයට චුවින්ගම් කවනවා, මල්ලිලාට බ්රෙස්ලට්ස් දෙනවා කියලා. ඊට පස්සේ වතාවක් කීවා මේ රටේ ෆොක්ස්වගන් කොම්පනියන් පටන්ගන්නවා කියලා.ඒ කොම්පැනිය දන්නෙවත් නැහැ මේ ගැන.අන්තිමට චන්ද ඔක්කොම පැරදිලා ගෙදරට වෙලා පො ***ත් එක්ක හිටියා.ඊටත් පස්සේ පින් මන්ත්‍රියෙක් වෙලා එකත් නීති විරෝධී විදිහට පාර්ලිමේන්තුවට ආවා.රටේ හිටපු පාලක හොරා , ජනතාවට බයේ රටෙන් පනලාගියාම පර්ලිමෙන්තිවේ හිටපු පට්ටම පට්ට හොරු 134 කගේ චන්දයෙන් මේ යකා පින් ජනයාවුනා.දැන් රට කමින් ,මිනිසුන් බාගෙට මරමින් පන අදිමින් ඉන්නවා.
රටේ මිනිස්සුන්ගේ රෙද්ද උගස්තියලද? නොදකින් උඹ!
එක්කෙනෙක් රුවන්වැලි සෑය ලඟ දිවුරන්න ගිහිල්ල ඉන්න හිටින්න තැනකුත් නැති වෙන්න කෙල වුනා.. දැන් පිස්සට මීටරෙ නෑ වගේ නන්නත්තාරෙ යනවා.. මෙ ගොබ්බයාත් මොනවද ඉල්ලනවා..ඇයි පිස්සො.. එහෙනම් මුල්‍ය අරමුදල පසෙන් යන්නෙ එකෙ නිලධාරින්ට කිරිකොස් විකුනන්නද? මෙ ගොන් කතා හොදයි අර අනුරාධපුරේ පැත්තෙ ඉන්න ආර්ථික විද්‍යව ගැන දන්නෙ නැති මිනිස්සුන්ට..
ඔය කථා කියන්න හොඳයි අර රට මේ තත්වෙට ගෙනාපු ආර්ථික විශේෂඥයින් හිටපු වියත්මග කට්ටියට... අපිට නම් තේරෙනවා ඕවා කරන්න බෑ කියලා...