ලංකාවෙන් නව මදුරු විශේෂයක් සොයාගනී ශ්‍රී ලකාවේ ජෛව විවිධත්වය වැඩි කරමින් නව මදුරු විශේෂයක් සොයාගැනීමට වෛද්‍ය පර්යේෂණ ආයතනයේ කීටවිද්‍යා කණ්ඩායම සමත්ව තිබේ. එම මදුරු විශේෂය ශ්‍රී ලංකාවෙ මීරිගම සහ කළුතර ප්‍රදේශවලින් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ දිස්නක දිසානායක මහතා පවසයි. 16 October 2022
ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතුව අවලංගු කරයි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු අලුතින් ආරම්භ කිරීම නතර කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. 16 October 2022
කොළඹ කැළඹූ වෙඩික්කරුවකු අල්ලයි කොළඹ ප්‍රදේශයේ දී පුද්ගලයන් තිදෙනකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි පුද්ගලයකු විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ හොරයින් මත්කුඩු සමග රාජගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 16 October 2022
ජනතාවට සහන සැලසීමට නාවික හමුදා කණ්ඩායම් 36ක් අයහපත් කාළගුණික තත්වය හමුවේ පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් 36 ක් මේ වන විට සූදානමින් තැබීමට නාවික හමුදාව පවසයි. 16 October 2022
නාවලපිටිය උණුසුම් වේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නාවලපිටිය නගරයේ ජනහමුවක් පැවැත්වෙමින් තිබියදී රජයට එරෙහිව සමගි ජන බලවේගයේ පිරිසක් නාවලපිටිය නගරයේ විරෝධතාවයක් පැවැත් වු අතර, එහෙදී සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් මහතා අතුළු පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 16 October 2022
ගොවි සිහින සැබෑ කළ තලාවේ ගොවි ගම්මානය වෙිලිච්ච මිරිස් සේ වෙිලුණු ජීවිත අස්සෙන් සරු අස්වැන්නනක සුබ සිහින දකින්නට පොර කන අනුරාධපුරයේ ගොවි ගම්මානයක සැප දුක බලන්නට අපි එහි ගියෙමු. 16 October 2022
තමිල්නාඩු ධීවරයින්ට පහර දුන්නැයි ලාංකික ධීවරයින්ට චෝදනා තමිල්නාඩු ධීවරයින් පිරිසක් ඉකුත් 12 වැනිදා තමිල්නාඩු වෙරළට නාවික සැතපුම් 20 ක් පමණ දුරින් මාළු අල්ලමින් සිටියදී කිසියම් පිරිසක් පහර දී ඇතැයි ඉන්දියා ටුඩේ වෙබ් අඩවිය වාර්තා කළේය. 16 October 2022
වැස්සෙන් පීඩිත අයට සහන දෙන්න මුදල් වෙන් කරයි අයහපත් කාලගුණ තත්ත්වයෙන් විපතට පත්වූවන් සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහාය ඇතිව සහන කටයුතු කඩිනමින් සම්බන්ධීකරණය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය. 16 October 2022
මහින්ද ඔය තත්වයට වැටණේ බේබිලා නිසයි මහින්ද රාජපක්ෂ මහතා ඔය තත්වයට ඇද වැටුණේ බේබිලා නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය. 16 October 2022
’’රනිල් දැන් හොඳයි’’ රනිල් වික්‍රමසිංහ මහතාට අප උදව් කරන්නේ දැන් ඔහු වෙනස්වී සිටින නිසා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 16 October 2022
අරගලයට ආවේ ලක්ෂ දෙකකටත් අඩුවෙන් බුද්ධි අංශ වාර්තා වලට අනුව අරගලයට සම්බන්ධ වී ඇත්තේ ලක්ෂ දෙකකට අඩු පිරිසක් බවත් ඒ පිරිසට බියවී එවකට ආණ්ඩුව අඩියක් පිටුපසට ගත් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය. 16 October 2022
බැසිල් අද හෙටම එනවා: පොහොට්ටුවට නායකත්වයත් දෙනවා බැසිල් රාජපක්ෂ මහතා අද හෙටම නැවතත් පැමිණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නායකත්වය ලබාදෙන බව පොලොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිපාල ගම්ලත් මහතා පැවසීය. 16 October 2022
ගිනි ගත් කජීමා වත්තේ වාර්තාව එළියට ගිනි ගැනීමට ලක්වූ මෝදර, මාදම්පිටිය, කජීමා වත්තෙහි පදිංචිකරුවන් අතරින් 214 දෙනෙකු නිවසක් ලබාගැනීමට අවශ්‍ය අවම සුදුසුකම්වත් සපුරා නොමැති බවට හඳුනා ගෙන තිබෙි. 16 October 2022
මස් - බිත්තර කන අයට ලබන වසර අසුබයි විදේශ විනිමය හිඟය නිසා මව්සතුන් ආනයනය අවම වීම හේතුවෙන් ලබන වසරේ දී කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනය ගැටළුකාරී විය හැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 16 October 2022
වැස්ස දිගටම දිවයින ආශ්‍රිතව අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ බලපෑම නිසා පවතින වැසි සහිත කාලගුණය තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 16 October 2022
ලංකාවට දේශගුණ විපර්යාස ලේකම් කාර්යාලයක් දේශගුණ විපර්යාස පිළිබඳ ලේකම් කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට රජය තීරණය කර තිබේ. 16 October 2022
නෙළුම් කුළුණේ මසක ආදායම ලක්ෂ 900යි දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල ලෙස සැලකෙන නෙළුම් කුළුණ ජනතා අයිතියට පත් කර ගත වූ මාසය තුළදී රුපියල් ලක්ෂ 900 ක ආදායමක් හිමිවී ඇතැයි නෙළුම් කුළුණ පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරාල් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පැවසීය. 16 October 2022
බංගලාදේශයෙන් ගත් ණය මාර්තුවට පෙර ඉල්ලයි ශ්‍රී ලංකාව ලබන වසරේ මාර්තු මස බංගලාදේශයට ගෙවීමට ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක ණය මුදල, ශ්‍රී ලංකාව නියමිත වේලාවට ආපසු ගෙවනු ඇතැයි බංගලාදේශය බලාපරොත්තු වන බව බීඩී නිවුස් 24 පුවත් සේවය වාර්තා කළේය. 16 October 2022
කැලණි - ගිං ගංඟා කළ හදියක් දින කිහිපයක් පුරා ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ ගණනාවක් ජලයෙන් යටවී ඇති අතර කැලණිය හා ගිං ගංගා ආශ්‍රිතව ගංවතුර තත්වයක් උද්ගත වී ඇත. 15 October 2022
වැස්සෙන් අවතැන් පිරිස තව වැඩි වේ දිවයිනේ ප්‍රදේශ රැසකට දින කිහිපයක් තිස්සේ බලපෑ මහ වැසි, තද සුළං සහ අකුණු අනතුරු හේතුවෙන් දිස්ත්‍රික්ක 11 ක පවුල් 13,902 කට අයත්, 55,435 දෙනකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 15 October 2022
ගංවතුරට අසුව පැය හතකට පසුව බේරා ගනී පවතින අධික වර්ෂාව හේතුවෙන් ගම්පහ, ඌරුවල්ඔයෙහි සැඩ පහරට හසුව ගසාගෙන ගිය පුද්ගලයෙක් පැය හතක පමණ කාලයක් ගසක එල්ලී සිටියදී ගම්පහ නගර සභා ගිනි නිවීම් අංශ නිලධාරීන් විසින් බේරා ගනු ලැබීය. 15 October 2022
ඖෂධ ආනයනය සොයන්න තාක්ෂණික කමිටුවක් මෙරට ජනතාවගේ භාවිතයට අත්‍යාවශ්‍යම ඖෂධ හඳුනා ගැනීම සඳහා ඉහළ පෙළේ තාක්ෂණික කමිටුවක් පිහිටුවීමට ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුව තීරණය කර ඇත. 15 October 2022
2023 වෙනුවෙන් ජනපතිගෙන් ආරාධනයක් 2023 වසරේ ඇති විය හැකි ගෝලීය ආහාර අර්බුදයට මුහුණ දීම සඳහා පක්ෂ දේශපාලනයෙන් බැහැරව ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන සාර්ථක කර ගැනීමට එක්වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු දේශපාලන පක්ෂ ඇතුළු ජනතාවගෙන් ඉල්ලා සිටියේය. 15 October 2022
තිළිණිව අදත් ස්ථාන පරීක්ෂාවට රැගෙන යයි මූල්‍ය වංචා සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකර සිටින තිළිණි ප්‍රියමාලි නැමැති සැකකාරිය ස්ථානීය පරීක්ෂණ සඳහා අද (15) බන්ධනාගාරයෙන් පිටතට රැගෙන ගිය බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි 15 October 2022
ලංකාව සංචාරයට ආරක්ෂිතම රටවල් අතර 12 වැනි තැනට වර්ල්ඩ් පැකර්ස් වෙබ් අඩවියට එකතු වී සිටින සංචාරකයන් සම්බන්ධ කර ගනිමින් සිදු කළ සමීක්ෂණයකින් ලෝකයේ සංචාරය කිරීමට ආරක්ෂිතම රටවල් අතර 12 වෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්වූ බව බව එම වෙබ් අඩවිය ප්‍රකාශ කළේය. 15 October 2022
හැරී පොටර් කතාවේ හැග්රිඩ්ට පණ පෙවූ රොබී මියයයි ලෝක ප්‍රසිද්ධ හැරී පොටර් කතා මාලාවේ රූබියස් හැග්‍රිඩ්ගේ චරිතයට රංගනයෙන් දායකවූ රොබී කෝලට්‍රෙන් ස්කොට්ලන්තයේ රෝහලකදී අභාවලෝක ප්‍රසිද්ධ හැරී පොටර් කතා මාලාවේ රූබියස් හැග්‍රිඩ්ගේ චරිතයට රංගනයෙන් දායකවූ රොබී කෝලට්‍රෙන් ස්කොට්ලන්තයේ රෝහලකදී අභාවප්‍රාප්ත වූ බව බී.බී.සී පුවත් සේවය වර්තා කළේය.මියයන විට ඔහු 72වන වියේ පසුවිය.ප්‍රාප්ත වූ බව බී.බී.සී පුවත් සේවය වර්තා කළේය. 15 October 2022
පුංචි ඡන්දය නැත්නම් නඩු මඟට පළාත් පාලන මැතිවරණය නියමිත පරිදි නොපවත්වා ,කල් දැමීමට ආණ්ඩුව පියවර ගතහොත්,සියලු දෙනා එක්ව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ තීරණය කර ඇත. 15 October 2022
පොහොට්ටුවේ ප්‍රබලයන් අලියාට ඈඳා ගැනීමේ මෙහෙයුමක් ආණ්ඩුවේ ඇමතිධුර හොබවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයන් කිහිප දෙනකු එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කරගැනීම සදහා ,පොදුජන පෙරමුණෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරයකු මැදිහත් වී සිටින බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි. 15 October 2022
පිටි අඩු කළත් පාන් අඩු නොවේ ආනයනික තිරිඟු පිටි කිලෝවක තොග මිල රුපියල් 290 දක්වා මිල අඩු කළ ද පාන්, බනිස් මිල අඩු කළ නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් .කේ .ජයවර්ධන මහතා පවසයි. 15 October 2022
කොළඹට පැය 12 වතුර කපයි හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (15 )රාත්‍රී 10 සිට හෙට (16) දින උදේ 10 දක්වා පැය 12 ක කාලයක් කොළඹ 02, 03, 04, 05,07, 08,09සහ 10 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසයි . 15 October 2022
සාමයේ පාගමනේ තෙවැනි දිනය අදයි ‘එහිපස්සිකෝ‘ සාමයේ පා ගමනේ තෙවැනි දිනය අද (23) ඓතිහාසික මාතලේ අලුවිහාරයේ රජමහා විහාර පරිශ්‍රයෙන් ඇරඹිණි. අද දිනයේදී සාම පාගමන ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව බලා පිටත්වේ.. 23 April 2026