(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකානු ඩොලර් 1 ක මුදලක් බැංකුවකින් මංකොල්ල කෑමට ගිය පුද්ගලයකු ඇමෙරිකානු පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබ ඇත. සැකකරු 65 වියැති ඩොනල්ඞ් සැන්ටාක්‍රොස් නැමැති පුද්ගලයකු බව ඇමෙරිකානු පොලිසිය ප්‍රකාශ කර තිබේ.

ඇමෙරිකාවේ සෝල්ට් ලේක් නගරයේ වෙල්ස් ෆාර්ගෝ බැංකුවට සැකකරු ඇතුළු වී කොළ කැබැල්ලක් ලියන ලද සටහනක් බැංකු නිලධාරීන් වෙත ලබා දී තිබේ.”සමාවෙන්න මේක මකොල්ල කෑමක් කරුණාකරලා මට ඇමෙරිකානු ඩොලර් 1 ක මුදලක් ලබා දෙන්න ස්තුතියි”ලෙස එම සටහනේ සඳහන් වී තිබී ඇත.

බැංකු නිලධාරීන් සැකකරුට ඇමෙරිකානු ඩොලර් 1 ක මුදලක් ලබාදී ඔහුට පිටව යන ලෙස පවසා ඇත.නමුත් සැකකරු එය ප්‍රතික්ෂේප කර ඇති අතර පොලිසියට මංකොල්ල කෑම පිළිබඳ දැනුම් දෙන ලෙස පවසා පොලිසිය පැමිණෙන තුරු බැංකු පරිශ්‍රයේ රැඳී සිට තිබේ.

පොලිසිය පැමිණීමෙන් පසු ඇමෙරිකානු ඩොලරයේ මුදල් නෝට්ටුව පොලිසියට භාර දී ඔහුව අත් අඩංගුවට ගන්නා ලෙස සැකකරු ප්‍රකාශ කර තිබේ.නිදහස් කළහොත් නැවත වරක් බැංකුවක් මංකොල්ල කන බවද සැකකරු පවසා ඇත.