IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ආර්ථික අර්බුදය සමනය කරන කාරක සභාවේ සභාපති

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධුරයට අද (9)  පත් කරනු ලැබීය.

එම කමිටුව ඉන් අනතුරුව වලේබොඩ  මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී
ඊයේ පෙරවරුවේ පළමු වරට රැස්විය.

ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සහ නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කමිටුවට පැවැරෙන ප්‍රධාන  වගකීමයි.

රාජ්‍ය පරිපාලනය, විගණනය ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි, රාජ්‍ය මූල්‍ය, රාජ්‍ය ආදායම් කළමනාකරණය සම්බන්ධයෙන් වසර විසිපහකට ආසන්න  පළපුරුද්දක් සහිත වෘත්තිකයකු වන වලේබොඩ මහතා  දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයකු ලෙස මෙන්ම, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසද  කාලයක් කටයුතු කළේය.

ශ්‍රී ජයවර්ධනපුර  විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන විශේෂවේදී  උපාධියක්  ලබා සිටින ගාමිණී වලේබොඩ මහතා   කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිධාරියෙක්ද වන්නේය.



අදහස් (1)

ආර්ථික අර්බුදය සමනය කරන කාරක සභාවේ සභාපති

Lalla Thursday, 09 March 2023 05:28 PM

සාධාරණ පත්කිරීමක්. බලමු කතාව වගේද වැඩ කියලා...?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 389 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site