(යොහාන් භාසුර)
පැරණි රියදුරු බලපත්‍ර ලෙස හදුන්වන යාවත්කාලීන නොකරන රියදුරුබලපත්‍රවලින් බර වාහන රියදුරු බලපත්‍ර ලක්‍ෂ 11 ක් පමණ යාවත්කාලීන කළ යුතු බවට නිර්දේශ කර ඇතැයි මෝටර් රථ කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පැවසීය.
එම රියදුරු බලපත්‍ර හිමි රියදුරන්ගේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳව කිසිඳු වාර්තාවක් එම දෙපාර්තමේන්තුව සතුව නොමැතිවීම නිසා එම තීරණය ගත් බව ද වීරසිංහ මහතා වැඩි දුරටත් කීය.
නව රියදුරු බලපත්‍රය නිකුත් කිරීමට පෙර එනම් 2009 වසරට පෙර නිකුත් කළ යාවත්කාලීන නොකරන රියදුරු බලපත්‍ර ලක්‍ෂ 20 ක් පමණ මේ වන විටත් රියදුරන් සතුව පවතින බව ද පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම රියදුරු බලපත්‍රය ලබාගත්තේ 1979 දීය... එය දැනට මාස කීපයකට පෙරදී අස්ථානගත විය. මේ පිළිබඳව සොයා බැලුවත් මේ වෙනතුරු එහෙම ගැන කිසිම හෝඩුවාවක් දැනගැනීමට නොහැකි විය. එමනිසා එවැනි අස්ථානගත වූ රියදුරු බලපත්‍ර නැවත ලබා ගැනීමට හැකිවේද? කොපමණ මුදලක් වැයවේද? මේ මේ පිළිබඳව යම්කිසි දැනුම් දීමක් ඇත්නම් ඉහත සඳහන් මට හෝ විද්‍යුත් තැපෑල වෙත එවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි... ස්තුතියි..!
මගේ රියදුරු බලපත්‍රය දැනට මාස කිහිපයකට උඩදී අස්ථාන ගතවිය.. එය මා විසින් ගනු ලැබුවේ 1979 දීය.. එවැනි බලපත්‍රයක් අස්ථාන ගතවීමෙන් පසු නැවත ලබා ගත හැකිද? මේ පිළිබඳව දැනට මාසයකට පමණ උඩදී සිට සොයා බැලුවත් මේ වෙනතුරු එහි ඔහු ගුහාවක් සොයා ගැනීමට නොහැකි විය. ලබාගත හැකිද? මෙය එසේ ලබා ගන්නේ නම් කෝ මුදලක් වැයවේද ?