IMG-LOGO

කොළඹ සරසවියේ නානකාමරයකදී රෝගී වී මියගිය ආරක්ෂක නිලධාරීගේ දේහය බිරියට බාරදෙන්න

(නිමන්ති රණසිංහ)

කොළඹ විශ්ව විද්‍යාලයේ ලේඛණාගාරයක නානකාමරයක් තුළ ඇඳ වැටීමෙන් පසු රෝගී වී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටියදී මරණයට පත් වූ ආරක්ෂක නිලධාරියාගේ පශ්චාත් මරණ පරික්ෂණය අවසන් කිරීමෙන් පසුව එම දේහය ඔහුගේ බිරිඳට භාර දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (09) කුරුදුවත්ත පොලිසියට නියෝග කළේය.

කොළඹ ජාතික රෝහලේ 09 වාට්ටුවේ ඇද ඉහපත් අංක බී එච් ටී 041167/23 යටතේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ(08) සවස 4.25ට පමණ මියගිය කලුවැව, නොච්චියාගම, පදිංචි පනස් පස් හැවිරිදි ප්‍රියන්ත වන්නිනායක යන මරණකරුගේ දේහය කොළඹ ජාතික රෝහලට ගොස් පරික්ෂා කර බැලීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

ඒ අනුව මරණකරු‍ෙග් දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණයක් පැවැත්වීමට කොළඹ ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියාටද අධිකරණයෙන් නියෝග නිකුත් විණී.



අදහස් (4)

කොළඹ සරසවියේ නානකාමරයකදී රෝගී වී මියගිය ආරක්ෂක නිලධාරීගේ දේහය බිරියට බාරදෙන්න

sampath Thursday, 09 March 2023 08:44 PM

ඉතාමත් අවාසනාවන්ත සිදුවීමක්... බලපොරයක් නිසා අහක ඉන්න මිනිස්සු බැට කනවා.

:       1       5

සමන් Friday, 10 March 2023 06:42 AM

මෙහි සම්පූර්ණ වගකීම වසන්ත මුදලිගේ සතුයි.

:       8       6

චන්දන Friday, 10 March 2023 07:08 AM

දැන් පාසල් වලට විශ්ව විද්‍යාල වලට කඳුළු ගෑස් ගහන තුච්ඡ නිලධාරීන් ඉන්නව . එයාලට විරුද්ධව ක්‍රියා මාර්ග ගත යුතුය . කල් ඉක්ම ගිය කඳුළු ගෑස් භාවිතා කිරීම ගැන නීතිය ක්‍රියාත්මක කරන්න . නීතිඥ මහත්වරු ඉදිරිපත් විය යුතුය .

:       2       8

Sunil Friday, 10 March 2023 12:18 PM

රනිල්ගේ තවත් බිල්ලක්...

:       2       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 372 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 923 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1317 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site