(නිමන්ති රණසිංහ)
කොළඹ විශ්ව විද්‍යාලයේ ලේඛණාගාරයක නානකාමරයක් තුළ ඇඳ වැටීමෙන් පසු රෝගී වී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටියදී මරණයට පත් වූ ආරක්ෂක නිලධාරියාගේ පශ්චාත් මරණ පරික්ෂණය අවසන් කිරීමෙන් පසුව එම දේහය ඔහුගේ බිරිඳට භාර දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (09) කුරුදුවත්ත පොලිසියට නියෝග කළේය.
කොළඹ ජාතික රෝහලේ 09 වාට්ටුවේ ඇද ඉහපත් අංක බී එච් ටී 041167/23 යටතේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ(08) සවස 4.25ට පමණ මියගිය කලුවැව, නොච්චියාගම, පදිංචි පනස් පස් හැවිරිදි ප්‍රියන්ත වන්නිනායක යන මරණකරුගේ දේහය කොළඹ ජාතික රෝහලට ගොස් පරික්ෂා කර බැලීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
ඒ අනුව මරණකරුෙග් දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණයක් පැවැත්වීමට කොළඹ ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියාටද අධිකරණයෙන් නියෝග නිකුත් විණී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් අවාසනාවන්ත සිදුවීමක්... බලපොරයක් නිසා අහක ඉන්න මිනිස්සු බැට කනවා.
මෙහි සම්පූර්ණ වගකීම වසන්ත මුදලිගේ සතුයි.
දැන් පාසල් වලට විශ්ව විද්‍යාල වලට කඳුළු ගෑස් ගහන තුච්ඡ නිලධාරීන් ඉන්නව . එයාලට විරුද්ධව ක්‍රියා මාර්ග ගත යුතුය . කල් ඉක්ම ගිය කඳුළු ගෑස් භාවිතා කිරීම ගැන නීතිය ක්‍රියාත්මක කරන්න . නීතිඥ මහත්වරු ඉදිරිපත් විය යුතුය .
රනිල්ගේ තවත් බිල්ලක්...