(විමුක්ති එස් රුද්‍රිගු)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටු අනුමැතිය ශ්‍රී ලංකාවට ලැබීම මෙරට අත්හිටුවා ඇති ජපාන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට ජපාන රජය කැමති කරවා ගැනීමට ප්‍රමාණවත් වනු ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලබා ගැනීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන ප්‍රතිසංස්කරණ සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය හේතුවෙන් තවත් යෙන් බිලියන 220 (ඇමෙරිකානු ඩොලර් බිලියන 1.6) ක අරමුදල් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට විවෘත වනු ඇතැයි බ්ලුම්බර්ග් වෙබ් අඩවිය පෙන්වා දී ඇත.
අත්හිටුවා දැමූ ජපාන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම මගින් මෙම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.6 ක අරමුදල් ප්‍රමාණය ශ්‍රී ලංකාවට විවෘත වන බව බ්ලුම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව ශ්‍රී ලංකාවට ලබා දෙන අනුමැතිය ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ඉතාමත් වැදගත් බව ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනයේ ප්‍රකාශකයකු තහවුරු කර ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ජපාන් ව්‍යාපෘති යළි ගන්න හැකි වෙයි
සනත් Thursday, 09 March 2023 06:20 PM
මේක ඉතාමත් හොඳයි...
Rasika Thursday, 09 March 2023 09:12 PM
රනිල් නිසා තමයි....
Upul Kumarasiri Saturday, 11 March 2023 07:20 AM
LRT ව්‍යාපෘතියක්...