(විමුක්ති එස් රුද්‍රිගු)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටු අනුමැතිය ශ්‍රී ලංකාවට ලැබීම මෙරට අත්හිටුවා ඇති ජපාන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට ජපාන රජය කැමති කරවා ගැනීමට ප්‍රමාණවත් වනු ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලබා ගැනීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන ප්‍රතිසංස්කරණ සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය හේතුවෙන් තවත් යෙන් බිලියන 220 (ඇමෙරිකානු ඩොලර් බිලියන 1.6) ක අරමුදල් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට විවෘත වනු ඇතැයි බ්ලුම්බර්ග් වෙබ් අඩවිය පෙන්වා දී ඇත.
අත්හිටුවා දැමූ ජපාන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම මගින් මෙම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.6 ක අරමුදල් ප්‍රමාණය ශ්‍රී ලංකාවට විවෘත වන බව බ්ලුම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව ශ්‍රී ලංකාවට ලබා දෙන අනුමැතිය ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ඉතාමත් වැදගත් බව ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනයේ ප්‍රකාශකයකු තහවුරු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ඉතාමත් හොඳයි...
රනිල් නිසා තමයි....
LRT ව්‍යාපෘතියක්...